
(උපාලි ආනන්ද)
පාසල් සිසුවියක අපහරණය කොට බරපතල ලෙස දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා හතරක් ලැබ සිටි උප පොලිස් පරීක්ෂක වරයකු එකී අධිචෝදනා හතරටම වරදකර බවට තීන්දු කල වයඹ පළාත් බද පුර්වගාමි මහාධිකරණ විනිසුරුවරිය සහ කොළඹ වත්මන් මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා විත්තිකරුට වසර 50 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
එකී 50 වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම වසර 15 කින් ගෙවී යා යුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරිණ.
වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවීමට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර 2 ක සිර දඬුවමක් ද නියම කරනු ලැබීය.
ඊටද අමතරව චෝදනා 4 ට වෙන් වෙන් වශයෙන් මුදලින් රුපියල් 50,000 බැගින් දඩ ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසරක සිර දඬුවමක් ද නියම කරනු ලැබීය.
නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති අධීචෝදනා හතරම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd