(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කන්න දෙකකට රුපියල් බිලියන 100 ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (31)පැවසීය.
එම වී මෝල් හිමියා එක කන්නයකට බිලියන 50 ක ශුද්ධ ලාභයක් ලබා තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
ඔහු කන්නයකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් මිලදී ගෙන තිබෙන අතර රුපියල් අනුවට මිලදී ගත් වී රුපියල් 220 ට විකුණා තිබෙන බවත් එක කිලෝවකින් රුපියල් 70 ක ලාභයක් ලබා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
මෙවැනි දේ සිදු වෙද්දී ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉන්නේ කොහිදැයි අලුත්ගමගේ මහතා ප්‍රශ්න කළේය.
රේස් බුකි තිබෙන අයකුගේ ලිපිගොනුවක් ද තමා ගෙන්වා ගත් බවද බිලියන 10 ක් ගෙවන්නැයි ඔහුට ආදායම් බදු දෙපාර්තමේන්තුව ලිපියක් යවා තිබෙන අතර ඔහු එය ගෙවන්නට නොහැකි බවට ලිපියක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවා තිබෙන බවත් වසරකට පසු පරීක්ෂණයක් තබා ලක්ෂ 10 ක් අය කරගෙන බදු ෆයිල් එක වසා දමා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
මත්පැන් බලපත්‍ර ලාභියෙකු මසකට ලක්ෂ පහළොවක විස්සක ශුද්ධ ලාභයක් ලබන නමුත් වසරකට බදු ලෙස ගෙවන්නේ ලක්ෂ දෙකක් හෝ තුනක් පමණක් බවද අලුත්ගමගේ මහතා කීය.ඉන්ධන පිරවුම්හල් හිමියෙක් වසරකට බදු ගෙවන්නේ පනස් දහසක් හෝ හැට අටදහසක් පමණක් බවද මන්ත්‍රීවරයා කීය.
රටේ තිබෙන ආදායම් ටික හරියට කළමනාකරණය කර ගත්තොත් අයි.එම්.එෆ් යන්න අවශ්‍ය වන්නේ නැතැයි ද අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තිබෙන ආදායම් ටික හරියට කළමනාකරණය කර ගත්තොත් අයි.එම්.එෆ් යන්න අවශ්‍ය වන්නේ නැත...
මේ මනුස්සයා ඒ දවස්වල බෙරිහන් දුන්නේ ආසියාවේ ලොකුම වී මෝල ලංකාවේ හදනවා කියලා.. ඔක්කොම කරන්නේ කටින් බතල හිටවන එක තමයි...
ඉතින් අහන්න දෙයක්ද.. මේ මෑතකදී ඉන්ධනහල් හිමිකරු කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ 22 වියැති වැඩිමල් පුතු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලලා තියෙනවා! අවුරුදු 22 වියැති පුතා පදවලා තියෙන්නේ ලක්‍ෂ 400 වටිනා රේන්ජ රෝවර් වාහනයක් ! ලක්‍ෂ 56 ක් ලබාදෙනවා නම් පුත්‍රයා නිදහස් කරන බව කිව්වහම ඒ මුදල එකවරම ගිනුමට දාල තියනවා.
දැන් කවුද මේවට වග කියන්න ඕන. ජනතාවද? වසර ගණනාවක් මාරුවෙන් මාරුවට රට පාලනය කරපු ඔයාලම නෙමෙයිද?
හොඳ වැඩක් කරනවා නම් කවුරු වුණත් කමක් නැහැ. අසාධාරණ ලාභ ඉපැයීම නවත්තන්න...
වැදගත් මාතෘකාවක්.. කට්ටිය එක්ක හොරාකාපු, කොමිස් ගහපු සල්ලි ටිකත් දුන්නා නම් අයි.එම් එක අපෙන් ණයට ගන්න ඉල්ලන්න තිබුණා නේද?
මෙයාගේ බදු ෆයිල් එක ඇරියා නම් මුළු රටම ගොඩ. මේ කවුරුවත් ආයෙත් පාර්ලිමේන්තු යවන්න එපා. අපිටම තමයි මේක වෙනස් කරන්න පුළුවන්...
මෙන්න ආපසු කරළියට... මෙච්චර කල් කොහේද හිටියේ..?
වත්කම් උපයපු විදිහ කියාගන්න බැරි වුණු කෙනෙක් අනුන්ගේ කුණු හොයනවා.
පාර්ලිමේන්තුවේ ඉන්න හොඳ මහත්වරුන්ගේ වත්කම් ගැනනම් කවුරුත් අහන්න එපා හොඳේ...
තමුන් ඇමතිකම් දරපු කාලේ කරපුවා රටම දන්නවා.අලිබබා සහ හොරු හතළිහ ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
අනේ ප්ලීස්, කව්රුහරි මෙන්න මේ සුද්දවන්තයව පිච්ච පැනින් නාවලා ගෙට ගන්නකෝ.
හොරා වුනත් කියන්නේ ඇත්ත. ටියුෂන් ගුරුවරු, පෙරකදොරුවෝ, චැනල් දොස්තරවරු බදු ගෙවන්න ඕනේ. මේ ගොල්ලෝන්ගේ ආදායම හොයන්න ඉතා ලේසියෙන් පුළුවන්. ආදායම් බදු දෙපාර්තමේන්තුව පගාව අරන් අහක බලනවා.
මෙයා පල් හොරෙක්. ඔය කියන කාලෙ පර්ලිමෙන්තුවෙ හිටියනෙ.
මෙයාගෙ ආදායම් වත්කම් හොයල බදු ෆයිල් ඔහොම අරන් එන්න කවුරුත් නැද්ද?????
කවුරු කිව්වත් කතාව ඇත්ත ,බදු උපදේශකල, බදු නිළධාරින් එකතුවෙලා, රජයට කීයක් හරි ගෙවල ගොඩ දානව, අර ගොඩදාපු අයට සලකනව බදුමුදලට වඩා ගනනකින්.ඒකයි ඇත්ත , වක්‍ර බදු ගහල ජනතාවගෙන් හූරගෙන කතව,
බදු වැඩි කරන්න අවශ්‍ය නැහැ ඔය කියන අයගෙන් බදු හරියට අය කරනවා නම්. දේශිය ආදායම් එකත් ප්‍රතිව්‍යුහගත කරන්න ඒක හරිම අකාර්යක්ෂම කියලා පේනවා. බදු වැඩි කළාම ආයෝජකයෝ එන්නේ නැහැ. දේශිය ව්‍යපාර වැටෙනවා. 2020 ඉදලා කරපු වැඩේ හරි බදු අඩු කරලා පොලි අඩු කරලා ආයෝජන දිරිගැන්වුවා. හැබැයි ලංකාවේ ඉන්න මී හරක් ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ ණය අරගෙන ජොලි කරපු එක කලේ. ආයෝජන වැඩි වුණාම ව්‍යපොර දියුණු වුණහම තමයි බදු වැඩි කරන්න ඕනැ. දැන් සුලු පරිමාණ ව්‍යාපාර දියුණ කරන්න බැහැ. ඒක රටේ අනාගතයට ලොකු බලපැමක්.