IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බළපිටියේ වෙඩි තැබීමක්:තරුණයෙක් මරුට

(සුසින් ප්‍රියන්ත,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දීපාල් ද සිල්වා)

බළපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ගලගොඩ පදිංචි මදුර කසුන් ගුණතිලක නැමැති දෙදරු පියකු බවද පොලිසිය කියයි.

සති පහක් ඇතුලත අම්බලන්ගොඩ සිදුවූ පස් වැනි වෙඩි තැබීම මෙය බවත් මේ වනවිට එම වෙඩි තැබීම පහෙන් හයදෙනෙක් ජිවිතක්ෂයට පත්වී ඇති බවත් පොලිසිය කියයි.

පසුගිය දිනවල අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම්වලට පළිගැනීමක් ලෙස ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් විසින් සිදුකරන්නට ඇති බවට සැක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

(ඡායා සුසිල් ප්‍රියන්ත)



අදහස් (4)

බළපිටියේ වෙඩි තැබීමක්:තරුණයෙක් මරුට

Perera Thursday, 01 September 2022 04:17 AM

ලොක්කන්ට විරුද්ද සාක්ශි නැතිකිරීමක් වෙන්නත් පුලුවන්

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 September 2022 05:16 AM

පලිගැනීීමකට වෙඩි තියනව, පාතාල කල්ලි වෙඩි තියාගන්න්නව වගේ සරල උත්තරයක් දීල ෂේප් වෙනව. පාතාල කල්ලි මත්ද්‍රව්‍ය මැඩලීමේ වගකීම අයිති සාමාන්‍ය ජනතාවටද කියල පොලීසියට මතක් කල යුතුයි. මේ වෙඩිල්ලක් දරුවෙකුට ගැහැනියකට, සාමාන්‍ය අයෙකුට වැදුනම ඔය කතාව වලංගුද? මන්දිරවල සෙල්පි ගහපු අය කුදලාගෙන යන්නකෝ ඔක්කොම හරියයි. පඩි නැති දාට අරගලයට බනින්න.

:       0       4

fairoos Thursday, 01 September 2022 12:21 PM

තාම එක්කෙනක්වත් අතඩංගුවට ගන්ඩ බැරි උනා නෙ? ......... ......

:       0       4

de silva Thursday, 01 September 2022 12:50 PM

මේ ගොල්ලන් ආදරයේ වෙඩික්කරුවන්... දැන් පොලිසියේ ඉලක්කය මේ ගොල්ලන් නොවේ.. අරගලකරුවන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site