(අංජුල මහික වීරරත්න)
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ.
මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ ගනු ලැබු තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව සඳහන් කළේය.
විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
නීතිපතිවරයා මේ පිළිබඳ ඊයේ (30) කරුණු විමසූ අවස්ථාවේදී, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් සිය අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.
ඒ අනුව අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගන්නා අවස්ථාවේ මේ පිළිබඳ අධිකරණයට දන්වා සිටින ලෙසද ජනාධිපතිවරයා පවසා තිබේ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ය.
එම තීරණයෙහි කිසිදු වෙනසක් නැති බව ඒ මහතා සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දණ්ඩනය කිසිසේත්ම අවශ්‍ය නැත. පාසල් අද්‍යාපනය තුල මුලික නීති අද්‍යාපනය ලබාදීමට කට යුතු කල හොත් සමාජයේ සිදුවන බොහෝ ගැටළු අඩු වනු ඇත
Foolish president in Sri Lanka millions of RS if someone offer he will singe to hang.
මිනීමරුවන්ට හොදින් සලකල අරගල කරුවන්ව ත්‍රස්තවාඩින් ලෙස කාලසීමා රහිතව රදවාගෙන දස වද දෙන රටක් ලංකාව.
එක දණ්ඩනයකට අත්සන් නොකෙරුවට මුළු රටම දණ්ඩනයකට අහුවෙලා තියෙන බව නම් පේනවා...!