
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ එක් වැඩකට එක් ආයතනයක් පමණක් තිබීම හොඳටම ප්‍රමාණවත් බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය.
පොල් කර්මාන්තයේ සංවර්ධනයට පමණක් රටේ ආයතන තුනක් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
සියලුම දේ පෞද්ගලීකරණය කිරීමෙන් ලාභ ඉපැයිය හැකි යැයි තමා විශ්වාස නොකරන බව පැවසූ මන්ත්‍රීවරයා මෙරට රාජ්‍ය ආයතන කළමනාකරණය කළ යුතු බවද සඳහන් කළේය.
රටේ රාජ්‍ය ආයතන දහසක් පමණ ඇතැයිද ඔහු කීවේය.
පාඨලී චම්පික රණවක මහතා මෙසේද සඳහන් කළේය.
" එක් වැඩකට එක් ආයතනයක් ලෙස ආයතන ගණන අඩු කළ යුතුයි. පොල් සංවර්ධනයට ආයතන තුනක් තිබෙනවා. ඒ වගේ ආයතන ගණනාවක් රටේ තිබෙනවා. විධිමත් කළමනාකරණ විගණනයක් කළොත් මේ ආයතන තුනෙන් එකකට අඩු කළ හැකියි.
"මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා යනවා. ඒ සඳහා ඇතුළුවීමට වසරක් දෙකක් ගත විය හැකියි. ඒ කාලය තුළ ආර්ථික කළමනාකරණය සඳහා මූල්‍ය අරමුදල නොවන විකල්ප මඟක් සොයා ගත යුතුයි."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ වගේ පොඩි රටකට පාර්ලිමේන්තුවට 225 වැඩි නැද්ද..? එක් දිනකට පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 25 වැඩි නැද්ද..?
එක් විෂයකට ආයතන ගණනාවක් තිබිලත් මේ දක්වා මොනවද කරලා තියෙන්නේ...? මේ ආයතන වල ප්‍රධානීන්ව යවන්න ඕනෑ විදෙස් රටවල ඒ ඒ ආයතන ක්‍රියාකරන හැටි ගැන අවබෝධයක් ලබාගන්න. එතකොට තේරෙයි අපි ඉන්න තැන සහ ලෝකය ඉන්න තැන...
රාජ්‍ය අංශයේ එහෙම අනන්ත තියෙනවා මම එකක් කියන්නම් පරිවාස කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 සංශෝධනය අනුව අයට වෙන්නෙ පළාත් සභා වලට.එහෙම තියෙද්දි මධ්‍යම රජය යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින් ඉන්නවා තවත් පූර්ව ළමාවිය සංවර්ධන නිළධාරින් කියලා පිරිසක් ඉන්නවා එයට අමතරව අලුත් පනතක් මගින් ළමා රක්ෂණ අධිකාරිය පිහිටුවා පිරිසක් යොදවා තියෙනවා මෙනිසා ඒ කට්ටිය පිල් බෙදිල බෝල පාස් කරනවා වැඩක් නම් නැහැ.
ඔයත් ඇතුළුව පුංචි රටට 225කින් වැඩි පිරිසක් අතිරික්තයක් ලෙස ඉන්න පාර්ලිමේන්තුවේ වියදම් ඔක්කෝටම වැඩියි...
ඉතාමත් ඵලදායි කතාවක්...
එක ආයතනයකට එක වැඩකට පෙර එක වැඩකට එක ඇමතිවරයෙක් යන තේමාව ක්‍රියාත්මක කර ඉඳිමු ද?
අමාත්‍යතුමා හරි. එක් ආයතනයකින් කළහැකි වැඩ කොටස , කොටස් කිහිපයකට බෙදීම මගින් සිදුකර ඇත්තේ කලින් කලට දේශපාලන පන්දම් කාරයින්ට ඉහළ යනතුරු සහ රැකියා අවස්ථා නිර්මාණය කරදීම සඳහායි.