(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ලබන සදුදා (5 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් අඩු කිරීමට නියමිත බවත් නව මිල ගණන් පසුව දැනුම් දෙන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (2) පෙරවරුවේ පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගම, මුදල් අමාත්‍යංශ සහ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ එකතුව හදුන්වාදුන් ගෑස් මිල සූත්‍රයට වර්තමාන ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගනන් ආදේශ කර නව මිල තීරණය කරන බවත් ඒ අනුව සියලුම ප්‍රමාණයන්වල ගෑස් සිලින්ඩරවල මිල අඩු වන බවත් සභාපතිවරයා කීය.
මීට මාස එකහමාරකට පමණ පෙර පැවති ගෑස් පෝලිමේ වනවිට නොමැති බව කී සභාපතිවරයා ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් සතුව මේ වන විට ප්‍රමාණවත් තොග තිබෙන බැවින් පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබාගත හැකි බව ද සඳහන් කළේය.
එම දිගු පෝලිම් නැති කිරීම සඳහා ගෑස් සිලින්ඩර ලක්ෂ 50ක් පමණ නිකුත් කළ බවත් ලිට්‍රෝ සමාගම හැකි සෑම අවස්ථාවේදීම පාරිභෝගිකයන්ට සහන සැලසීමට කටයුතු කරන බවද මුදිත පීරිස් මහතා කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලිට්‍රෝ මිල යළි අඩුවෙයි?