(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ලංකාවට සහාය දැක්වීමට  එක්සත් රාජධානිය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  සුබපැතුම් පණිවුඩයක් එවමින් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි.

ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා  සියලු පාර්ශව ඇතුළත් රජයක් පිහිටුවීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය පැසසුමට ලක් විය යුතු බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

ජනාධිපති වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයා ලෙස පත්වීම සම්බන්ධයෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වය බවයි.