(නිමන්ති රණසිංහ)
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අද (02) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අර්ජුන ඇලෝසියස් මහතාට සිතාසි නිකුත් කර ඇත.
ඒ අනුව මෙලෙස සිතාසි නිකුත් වී ඇත්තේ ප්‍රින්ස් ටවර්, ඇල්ෆඩ් හවුස්, කොළඹ 03 ලිපිනැති ඒ. ජේ. ඇලෝසියස් මහතාටය.
නො.309/5, මීගමු පාර, වැලිසර ලිපිනැති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව ඇති රුපියල් 1,678,795,049/= ක මුදලක් ආදායම් බදු වශයෙන් නොගෙවා පැහැර හැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වසරේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දුප්පතුන් සූරාකන හැටි නේද මේ කුහක ව්‍යාපාරිකයෝ...?
සුරාව අලෙවි කළ ජනතාව සූරා කනවා. ජනතාව ලෙඩවෙලා රෝහල්ගත වුණාම මහජන මුදල් නැවත වැයවෙනවා. ඒ මදිවට මොවුන් බදු ගෙවන්නෙත් නෑ හරියට... මේවට උපරිම දඬුවම් දිය යුතුයි.
බදු වංචා කරන්නන් බොහෝ දෙනෙක් ඉන්නවා. බිල්පත් නිකුත් නොකරන හාඩ්වෙයාර් කාරයෝ බොහොමයි. ආදායයම් බදු කාරයෝ හාඩ්වෙයාර් වලට පැන්නොත් වංචාව අල්ලගන්න පුළුවන්.