(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අහිංසක දරුවන් මර්දනය කරන ත්‍රස්තවාදය පවතිනතුරු එක සත පහක් හෝ මේ රටට නොඑවන්නයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීලිඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අරගලයේ නිරත දරුවන්ට හිරිහැර කරන ආරක්ෂක නිලධාරීන්ට තම රජයක් යටතේ දැඩි දඬුවම් දෙන බවද ඔහු කීවේය.
ෆොන්සේකා මහතා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
රටේ අරගලය අවසන් නැති බවත් එය අළු යට ගිනි පුගුරු සේ මතුවෙමින් තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එම ගිනි පුගුරු මතුවීමට තමා ශක්තිය ලබාදෙන බව පැවසූ සරත් ෆොන්සේකා මහතා අරගලයකින් තොරව මේ රට දූෂිතයන්ගෙන් බේරාගත නොහැකි බවද සඳහන් කළේය.
අරගලය ඉදිරියට ගෙන යා යුතු බවද හෙතෙම පැවසුවේය.
අරගලය පොහොට්ටුවේ අයගේ ඇඟේ නැති වුණාට බඩේ මෙන්ම ඔවුන්ගේ කුස්සියේ තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා කවදා හෝ ඔවුනටද අරගලයට පැමිණීමට සිදු වන බව ප්‍රකාශ කළේය.
මර්දනයට ලක්ව සිටින දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නැයි තමා නීතිඥ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවද ෆොන්සේකා මහතා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාව නිසා රටෙන් පළිගන්න එපා.
මොකක්ද මේ කියන කතාව..? ආත්මාර්ථකාමී කුහකයින් සිටින තුරු අපේ රට නැවත ගොඩගැනීමට හැකිද?
බල තණ්හාවෙන් රටට වින කරන අයට කවදාවත් රටේ නායකත්වය ලැබෙන්නේ නෑ. සුදු කොඩි නාඩගම අපිට අමතක නෑ.
පාර්ලිමේන්තුවේ 225 දේශපාලකයින් ඉවත් වනතුරු සහ ඉවත්වන තෙක් මේ රටට සල්ලි නොඑවන බව විදෙස් ශ්‍රී ලාංකිකයින් කියා සිටියි...
මර්දනය තියෙන තුරු මේ රටට සල්ලි එවන්න එපා කියන එක ඔබ දන්නවද? 2006 ඔබ බෝම්බ ප්‍රහාරයකට හසුවී යටි බඩේ අවයව එළියට ඇදිලා තියෙනකොට මුලු රටේම හා පිටරටවල අය පවා සෙත් ශාන්ති කලා ඔබව බේරගන්න..! අරගලයකින් තොරව මේ රට සිංහළයින්ගෙන් බේරාගත නොහැකි බව එදා ප්‍රභාකරන් කියලා අරගල කළ කොටි ඔබට එහෙමයි සැලකුවේ.. අරගලය ඉදිරියට ගෙන යා යුතු බව අද ඔබ මේ කියන කතා මොනවද.? කොටියාගෙන් බේරුණු ඔබ සිංහයාගෙන් බේරෙයි කියලද හිතන්නේ...? ඔබ ලබාගත්ත වීරතරු රැකගන්න..!
මර්ධනේ කියන එක අයින් වෙනකල් සල්ලි නොඑවා වුණත් මැරුණාට පස්සේ තමයි සල්ලි එවන්න වෙන්නේ...?
මෙයා මේ මොනවද කියවන්නේ? රාජපක්ෂලා කාපු රට ගොඩගන්න මහබැංකුව ඇතුළු ආර්ථික විශේෂඥයින් IMF මේ ගන්නා ඉතා තීරණාත්මක උත්සාහයන් නැති කරන්න මේ මිනිහා යොදන උපක්‍රම කොයිතරම් කුහකද? මෙයින් සිදුවෙන්නේ රටේ දුප්පත් මිනිසුන් විනාශවීමයි. මෙයාට කිසිම බුද්ධියක් නැහැ.
විදේශගත ශ්‍රමිකයින්ගේ දෙමව්පියන්ගේ වියදමට මුදල් දෙන්නේ මොහුද එතකොට...?
ඔබ හරි...!
දූෂිතයින්ගේ ගොඩේ අර්ජුන් ඇලෝසියස් දීපු රුපියල් මිලියන එකක් ගත්තේ වෙන කෙනෙක් වෙන්න ඇති නේද? මතක නැතුව ඇති තමුන්ම කියපු දේ ඡන්ද කරන්නයි සල්ලි දුන්නේ. ගත්තා තමයි. ඡන්දයට වියදම් කළා. ඉල්ලුවොත් ආපහු දෙන්න පුළුවන් කියලා. කොච්චර නැටුවත් හිරේ යන්න මූලික හේතුව වුණේ මුදල් ගැන නඩුවක්. හමුදාවේ ආයුධ ගන්න කොන්ත්‍රාත්තුවක කොනේ හිටියේ තමුන්ගේ එවකට හිටිය ධනුන තිලකරත්න. ඔහු හරහා ගත්ත මිලියන ගාණ? ආයුධ සපයන සමාගමේ ලොක්කෙක් කරා කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. යහපාලනේ ආවාම නඩුව ඉවතට දැම්මා. දැන් මේ හදන්නේ අරගල කරපු අයව රවට්ටලා බලයට එන්න.
ලංකාවේ ඉන්න අපේ ෆැමිලි එකට... නඩයින්ට කන්න දෙන්නේ ඔයාද?
මෙයා හදන්නේ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න...!
යුද්ධයක් දිනපු හැටියට ආර්ථික යුද්ධයක් දිනන්න බැහැ මහත්තයෝ... ඔයා පැත්තකට වෙලා වාඩිවෙලා ඉන්න මෝඩ කතා නොකියා...!
ගහලා පන්නන්න කාලේ හරි.
2014-2020 කාලේ ණයට ගත් මුදලින්. කොන්දේ අමාරුව කියලා කෝටි ගණනක ඉස්තරම් බෙන්ස් වාහනයක් ගෙන්වාගත්තු අය යවන්නයි අරගල පටන් ගත්තේ... නමුත් අරගල කාරයින් හා මේ නරුමයින් එකතු වුණා. අරගල අමතක වුණා..
මේවා ද්වේෂ සහගත ප්‍රකාශ. මොහු හදන්නේ තරුණයින් සමග දේශපාලන ගමනක් යන්න. මහල්ලෙක් සමග තරුණයින් ගමනක් යයි කියලා හිතාගෙන ඉන්නවා නම් එය වැරැදි සිතුවිල්ලක්...
කැම්පස් විතරක් නොවෙයි, ඉස්කෝල ළමයින්වත් පාරට ගනිමු නේද? ඔබේ දරු පරපුරත් පිටරට නේද? ඔබ බලයට එනවා නම්, අපිට රස්සා, ව්‍යාපාර මුකුත් ඕනෑ නැහැ.
අපි 100%ක් ඔබේ අදහස අනුමත කරනවා. හොර තක්කඩි දේශපාලුවන්ව පන්නන්න මේ අවස්ථාවේ තියන එකම සහ හොඳම ක්‍රමයක් ඒක. ඡන්ද වලින් හොරුන්, පාදඩයින් එන එක වළක්වන්න අමාරුයි. මොකද පාදඩ පක්ෂ නායකයින් තමුන්ගේ ලැයිස්තුවලට වැඩි හරියක් දාන්නේ මේ අයමයි. අනික මේ හොරා කාපු සල්ලි වලින් මිනිස්සුන්ට පගාව දීලා උදව් කරලා ඔවුන්ගේ ඡන්ද වංචාවෙන් තමන්ගේ පැත්තට හරවා ගන්නවා. එනිසා මේ පාහර පාලකයින් පලවාහරින තුරු විදේශ මුදල් සතයක්වත් එවන්න එපා.
මොහු හැමවිටම දකින්නේ එක පැත්තක් විතරයි. එය හොඳ නායකයෙකුගේ ලක්ෂණයක් නෙමෙයි. 2010දී පැරදුණෙත් ඒ නිසා... මිනිස්සුන්ට ඒවා ටිකක් අමතක වෙනකොට නැවත මෝඩ කතාවක් කියලා මේ තවම ඉන්නේ... 2010 ෆොන්සේකා කියලා ජනතාවට මතක් කරලා දෙනවා.
තණ්හාව, වෛරය වපුරනවා... කුහක දේශපාලනය තමයි..
රාජපක්ෂලත් එක්ක කේන්තියෙන් ඉන්න අපට රජපක්ෂලා තව තවත් ලංකරන්න හදන්නේ මෙයා. බලන් ගියාම රාජපක්ෂ සමයේ මෙයාට දීලා තියෙන දඬුවම් හරි කියලා හිතෙනවා...
අරගලය අඩු වශයෙන් එක්කෙනෙකුට හරි මතක තියෙන එක අගය කළයුතු දෙයක්...!
පොන්සේකා මහත්තයෝ මමත් එනවා. ජයවේවා,ජයවේවා
සරත් ෆොන්සේකාගේ කතාවට උඩ පැන පැන මැරෙන්න යන අයට මේ රට මේ තත්වයට පත්කරපු හොරුන් එක්ක කේන්ති නැද්ද? ඒවට සද්ද නැතිව ඉඳලා මේවට උඩපනිනවා...!
ඔව් අරගලය අළු යට ගිනි පුගුරු සේ තබාගෙන ඊලග චන්දෙයෙදි උත්තර දෙමු, පිටරටවල ඉදලා එවිත් චන්දෙ දාලා පත්කරප්පු කට්ටිය එතිකරප්පු විනාසෙ නොබෙලී සමාර විදෙස සිරමිකයන් උන්ඩියල් වලින් ගෙදරට සල්ලි එවන්නෙ එ විදෙස ඩොල්ලෙර්/ රියාල් වලට වෙඩි වටිනාකමක් ලෙබෙන නිසා, ඒක තවත් අපරාදයක් නෙද්ද? ඔරුන් ඔරාකාපු දවස්වල සල්ලි එවලා දෙන් රටට ඩොලර් අවශ්යම වෙලාවට උන්ඩියල් කිරමයට සල්ලි එවන අයත් එක්තරා දූශන දෙසපාලුවන්ට සමානය්. අරගලයේ නිරතවු අයව මර්දනය කරන එක කිසිසේත් අනුමත කරන්න බේ, ඒක විපක්ශය එකතුවෙලා කරන්න ඔනේ වෙඩක්, මෙතන තියන ප්‍රශ්නෙ අපෙ දෙසපාලුවන්ට දෙසපාලන ප්‍රශ්නෙ සහා රට/ජාතික ප්‍රශ්නෙ අතර තියන වෙනශ්කම් අරියට අවබොද කරගෙනීමට නොයෙකිවීමයි
මෙහෙමත් කෙනෙක්...!