(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් එය බලවත් වරදක් බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිතුමතේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම එම නායකයන්ට පාරාවළල්ලක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
"රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර එක ආසනයක්වත් දිනාගන්න බැරි වුණා.නමුත් එතුමා ජනාධිපති වුණා .ඒ ගැන අප සතුටට පත්වෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා රටේ ව්‍යවස්ථාව සංශෝධනය කළා.එතුමාට එය පාරාවළල්ලක් වුණා. දැන් මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙනවා යැයි ජගත් පුෂ්පකුමාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1977 සිට මේ දක්වා ව්‍යවස්ථාව වෙනස් කරේ ජනතාවගේ යහපතට නොවේ... දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල් ගොඩගන්න. මේවායෙන් යහපතක් වුණා නම් රට බංකොළොත් වෙනවද?
මෙයා ඒ කියන්නේ එම දරුවන් වෙනුවෙන් ගෙනාපු 18 සහ 20 වැනි සංශෝධනවලට අත උස්සලා. ඒක තමයි... කණගාටුයි. කොහොම හරි තමාගේ ධුර කාලය තුළ තමාගේ දරුවන් වෙනුවෙන් පොල් වත්තක් හරි ඇති කරගත්තනේ...!