
(චමින්ද වැවතැන්න)
සමගි ජන බලවේගයේ කෑගල්ල කාර්යාලයේදී තරුණියකට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කෑගල්ල ආසන සංවිධායකවරයා සැප්තැම්බර් 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන්න සංවිධායක දිසානායක මුදියන්සේලාගේ ලක්ෂ්මන් දිසානායක නමැත්තාය.
කෑගල්ල සමගි ජන බලවේග මෙහෙයුම් කාර්යාලයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව සිටි තරුණියගේ බෙල්ල තද කිරීමෙන් රිවෝල්වරයකින් වෙඩි වැදිමක් නිසා මහා ධමනියේ ඇති වු ඉරීමකින් වම් පපු කුහරයේ රුධිරය එකතු වීම නිසා ඇති වු කම්පන තත්ත්වයකින් සිදු වු හදිසි මරණයක් බවට කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි තරංග බණ්ඩාර නායකරත්ත මහතා ගේ වාර්තාවේ සඳහන් වෙයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කෑගල්ල අහංගම විදාන ආරච්චිලාගේ සකුන්තලා වීරසිංහ නැමැති 38 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ජීවිතක්ෂයට පත්ව සිටින තරුණිය මහතාගේ කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ වසර 17 ට ආසන්න කාලයක් සේවය කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ දැන්වීය.
සැකකාර ආසන සංවිධායකවරයා තරුණියගේ හබුදුගල පිහිටි නිවසට ගොස් පජරෝ රථයෙන් කෑගල්ල රැගෙන ආ බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබේ ආසන සංවිධායකට ගැලවිමක් නැහැ. ඔය සකුන්තලා නම් ඇය මාධ්‍ය වාර්තා අනුව ලබන ජනවාරි විවාහ විමට සිටි අයෙකු බව වාර්තා කර තිබුණා. ඔය ආසන සංවිධායක ගෙදරට ගිහින් එක්ක ආව කෙනා නිසා අනිවාර්යයෙන්ම වගකිමෙන් ඔහු බැදෙනවා ඔහු වගකිව යුතුයි. ඔය ලක්ෂ්මන් දිසානායක හා ඇය අතර අනියම් සම්බන්ධයක් තිබුනා වෙන්න පුළුවන්. මොකද පෞද්ගලික ලේකම් වගේ තනතුරු දෙන්නේ පවුලේ අයකුට නැතිනම් වෙනයම් හේතුවක් මත පවුලෙන් පිට අයකුට. එහෙම බැලුවම ඒ ආකාරයේ සම්බන්ධයක් දෙදෙනා අතර නොතිබුනා කියන්න බෑ. අනික ඇයගේ විවාහයට ඔහු විරුද්ධව අදහස් හුවමාරුවකදි සිදුවු වෙඩිතැබිමක් වෙන්න පුළුවන්. අවුරුදු 62 මනුස්සයෙක් අවුරුදු 38 අයට වෙඩි තියන්න වෙන හේතුවක් නැහැ අනිවාර්යයෙන්ම
කොහොමද මේක පොහොට්ටුවන්ගේ ඔෆිස් එකක වුණා නම්..! ජේවීපි ශෝෂල් මීඩියා සෙට් එකේ කතන්දර ටික...!
කණගාටුදායක පුවතක්...!