(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ගවලින් පැවසේ.
විදේශයන්ට පලා ගොස් සිටින මේ පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මේ දිනවල විශේෂ සෙවිල්ලක පසුවෙයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් ඇතුළු ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහායද ලබාගෙන ඇත.
සමහරුන් විදේශයන්ට ගොස් ඇත්තේ විවිධ තර්ජන ගර්ජන ඇති බවට තානාපති කාර්යාලවලට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් යැයි දැනගන්නට ඇත.
ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළුවී සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හරින ලදැයි කියන කෝටිපති ව්‍යාපාරිකයකු අප්‍රිකාවට පලාගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
ඔහු මෙසේ විදේශයට පලා ගොස් ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමත් සමගය.
මේ අතර අරගලයට සම්බන්ධ තවත් 200කට ආසන්න පිරිසක් විදේශගත වීම සඳහා තානාපති කාර්යාලවල රැකවරණ පතා ඇතැයිද වාර්තා වේ.
ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා විනාශ කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් තිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න දුන්නේ අපිද? එයාපෝර්ට් ආරක්ෂාව තියෙන්නේ අපේ අතේද? ඔන්න මැයි 9 නම් කඩු, පොලු සෙට්එක වාහන චෙක්කළා කුණුහරුප කිය කියා...!
මහ බැංකුව කැඩුවා නම්, යාළුවොත් එක්ක එකතුවෙලා හොරකම් කරලා රට බංකොළොත් කරා නම් ලංකාවට වෙලා ඉන්න තිබ්බා හැබැයි...!
ඒ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. එය අනාගතය වෙනුවෙන් සිදුකළ යුතු අනගි නීතිමය ආයෝජනයකි. මඟ පෙන්වීමකි. විදෙස් සංවිධානවල ඕනෑ එපාකම් අනුව කටයුතු කරමින් නීත්‍යානුකූලව පත් වූ රජයක් බලෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සහ රාජ්‍ය දේපළවලට හානිකිරීම කළ වුන්ට නීතියෙන් දඬුවම් කළ යුතුයි...
මේ රටට බිලියන් ගණන් පාඩු කරපු අය, හොරුන් අගේට ඉන්නවා. කිසිම අත්අඩංගුවට ගැනීමක් නැහැ. මේක පුදුම රටක්. ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළුවී සෙල්ෆි ඡායාරූපගෙන අන්තර්ජාලයට මුදා හරින ලදැයි කියන කෙනෙක් අල්ලන්න ඉන්ටර්පෝල් ආධාර ඉල්ලනවා.
නීතිවිරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ ජා.ජ.බ කවුරුත් නැහැ නේද? "මල්ලි එයාලා ඔක්කොම යාලුවෝ "
අපරාධකාරයින් කිව්වාහම මම බැලුවා රනිල්ගේ ගෝලයින් වගේ කොමිස් ගහලා, බැංකුවලට බිලියන ගණන් කණු තියපු අයද.. එහෙම නැත්නම් අප්පච්චිගේ පවුලේ අය වගේ බිලියන ගණන් ආදායම් උපයපු හැටි හොයාගන්න බැරි කම්බ හොරුද කියලා, බැලින්නම් මේ රටේ පොදු දේපලක් වුණත් රජපවුලේ පුද්ගලික බූදලේ වගේ තියන්ඉන්නේ මන්දිරවලට කියන්නේ නැතිව ගිහින් සෙල්ෆි ගහපු අයනේ...!
පට්ට ශ්‍රී ලංකා පොලිස් මේ අපරාධ කාරයින් ටික කොහොම හරි අල්ලමු. මහ බැංකුව කඩපු, පාස්කු බෝම්බ ගහපු අහිංසකයින් ටික වෙලාවක් තිබුණොත් ඉන්ටපෝල් සහාය අරගෙන අල්ලමු..!
සර් රටින් පැන්නේ ඔවුන් අල්ලන්න නේද?
ඇටි කෙහෙල් කෑවා නම් විඳවාපන් උගුඩුවන් කිව්වාලු... අරගලයක් කියලා වෛරයකින් ඔලු පුරවාගෙන අරමුණක් නැතිව එකඑක අන්තවාදී කණ්ඩායම්වලින් මුදල් අරගෙන කට්ටියම ජොලි කළා...
ඔය වෙලාවේ ඔය "මන්දිරය" ඇතුළේ සෙල්ෆි ගත්තු පොලිස් කාරයින්ට ඔය නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද...?
එයාල යාළුවො මෙයාල බිලි බෝයිස්ලා.
සර් රටින් පැනලා ගියේ නැහැ පොඩි සෙකියුරිටි චෙක් එකක් කරලා බැලුවා හදිසියක් වුණොත් මුලු පවුලටම මාරු වෙලා යන්න තිබෙන මාර්ගය කුමක්ද කියලා. රනිල් ටෙස් මැච් එකේ නයිට්වොච්මන් වගේ විකට් එක පරිස්සම් කරගෙන ඉන්නව. සීතා අස්වෙනවා සර් පාර්ලිමේන්තු එනවා. රනිල් බොරු වලියක් දමාගන්නව. පොහොට්ටුවෙන් දෝශාභියෝගයක් ගේනවා. ඊට පෙස්සේ පොහොට්ටුවෙ ස්වාධීන වෙලා ඉන්න සියලු දෙනාම එකතුවෙනව රනිල් එලවලා සර් ජනාධිපති කරන්න.
අපේ උදවිය හිතාගෙන ඇති ඉන්ට පෝල් එක පුටුවල ඉඳ ගත්ත අය හොයලා දෙයි කියලා..!
මතක තියාගන්න දැන් ඉන්නේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් කියලා. බලමු ආණ්ඩුවද? ශ්‍රී ලාංකික ඩයස්පෝරාවද කියලා වඩා ශක්තිමත්...