(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සියලු ආගම් සිහිකරමින් ස්ථාන පහකදී හෙට(4) සර්ව ආගමික වතාවත් සිදුකරන බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
කොල්ලුපිටිය වාලුකා රාමය,කොච්චිකඩේ ශිවම් කෝවිල ,කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය,කොළඹ දවට ගහ පල්ලිය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම ආගමික වතාවත් පැවැත්වෙයි.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සාගල රත්නායක ,මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,උප නායක අකිල විරාජ් කාරියවසම්, ලක්වනිත සභාපතිනී ශාන්තිනි කෝන්ගහගේ මහත්ම මහත්මීහු මෙම අවස්ථාවන්ට සහභාගී වෙති.
එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය සැප්තැම්බර් 6 වෙනිදාට යෙදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමයි, දේශපාලනයයි දෙකක්... ආගමයි, ජාත්‍යාලයයි මුවාවෙන් රට විනාස වුණා. පින් සිද්ද වෙයි, ඔය තියෙන්නේ... උසාවියේදී බලන්නේ එජාපය බිංදුවේ පක්ෂයක් වුණේ කොහොමද කියලා...
මෙරට හැදුනේ බෞද්ධ සංස්කෘතියේ. ඒ නිසයි ජෙප්පන්ට විප්ලව කරලා මෙරට අල්ලන්න බැරිවුනේ. රටේ ආගම නැතිවුණොත් රට නන්ත්තාරයි. හම්බයා කෙලින්ම රට අල්ලනවා. පහුගිය කාලේ අපි දැක්කා බෞද්ධ සිද්ධස්ථාන හම්බයින් නතුකරගෙන සිටිය හැටි. භික්ෂුවකගේ ආදාහන කරන්න තමන්ගේ පන්සලේ ඉඩ නොදුන්නු හැටි. වාසනාවකට අපි ඒවායින් ගොඩ ආවා. ජෙප්පන්ට කොමියුනිස්ට් වාදීන්ට ආගමක් නැහැ. හැබැයි ඔවුන් දන්නේ නැහැ හම්බයා රට අල්ලපු දවසක මේ රටේ තිබෙන්නේ ෂරියා නීතිය බව. එදාට ජෙප්පන් කියලා ජාතියක් නැහැ...