(අජන්ත කුමාර අගලකඩ)
ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
කැබිනට් අමාත්‍යධූර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නම් ලැයිස්තුවේ ඇති කිහිපදෙනකු සම්බන්ධයෙන් පවතින විරෝධය ද මෙම අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ වුවද ,රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම හෙට (05)දිනයේ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.
රාජ්‍ය අමාත්‍යවරුන් තිස්පස් දෙනකු පමණ පත් කිරීමට නියමිත අතර, පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍ය ධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යක මෙසේ පලකොට තිබු, 17 වැනි සියවසේ දී පමණ මෙරටින් වඳ වී ඇති බවට අනුමාන කෙරෙන ගවරා (ඉන්දියානු බයිසන්) නම් ගව විශේෂය ශ්‍රී ලංකාවේ වනාන්තරවලට යළි හඳුන්වා දීමේ සූදානමක් පවතින බව ඉන්දියාවේ පළ වන හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත වාර්තා කොට ඇත. ගවරා නම් ගව විශේෂය ශ්‍රී ලංකාවේ වනාන්තරවලට යළි හඳුන්වා දුනහොත් ලංකාවේ ගොවීන්ට වනසතුන්ගෙන් වන හානිය මෙන් දෙගුණයක් ගවරා විසින් සිදු කරනු ඇත.
ඒක නම් ඇත්ත, තාම කෝඳුරු තෙල් පට්ට හත හොයා ගත්තෙ නැහැ නොවැ, ණයට ගිතෙල් කෑවා විතරයි. කෝඳුරු තෙල් නම් ඩොලර් වලට ගන්නත් බැහැ.
පොහොට්ටුවේ දූෂිතයන් නැවත පත් කරන්න, එතනින්ම පොහොට්ටුවද අවසන් වනු ඇත. රනිල් මහතාගේ දැනුම අනුව එය සිදුවනු ඇත.
අල්ලන් ඉන්න අවුලක් නැහැ. ජනතාවට කෙසේ වෙතත් බලය රැකගැනීමයි අරමුණ.... රටට අබ සරණයි.