
(ටී.කේ.ජී.කපිල, යොහාන් භාසුර,අංජුල මහීක වීරරත්න සහ ළහිරු හර්ෂණ)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට මැතිඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි .







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කළ ඔබට සදා ප්‍රණාමය.
අනේ සර් රට බේරලා දෙන්න…. රට රකින අපේ විරැවාගෙන් වෙන මොනා ඉල්ලන්නද?
කවුරුවත් ඒ ගැන ගණන් ගැනීමක් කරන්නේ නෑ.
කොටි සහ කොටි මැක්කන් සහ අන්තවාදී වෙනත් කණ්ඩායම් මොනවා කිව්වද එතුමාට මේ රට තුළ නිදහසේ ජීවත් වීමේ අයිතියක් ඇත.
ඔව් එයාට තියෙනවා, අයිත්ය නැත්තෙ අපිට. නිකම් තප්පුලන්න එපා.
ඔහුව ඉත්තෙක් කරගෙන තම තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා කටයුතු කළ සියලුම මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, පවුලේ අයවලුන්, ඥාතීන් සහ හිත මිතුරන් ඔහුව මෙවැනි තත්තවයකට පත්කිරීමෙ ගැන වග කිව යුතුයි.
පෙට්‍රල් පෝලිම් වල ලැ ගපු (තාමත් ලගින) ගෑස් පෝලිම් වල කාලකන්නි වෙච්ච රුපියල් 80 ට ගත්ත හාල් කිලෝ එක 260 ට ගන්න කාලකන්නි බයියෝ ටිකක් අළු ගහල දමල එලියට බැහැල මේකේ කොටන්න පටන් අරගෙන තෙපි ආපහු හැරී බලාපියව් අරගලය නොතිබුනානම් තාමත් මේ කපුටන් මයිනන් සහ විරුවපට්ට්ටම තමයි රට කරවන්නේ එහෙම උනානම් ඔය බය්යින්ට මේකේ කොටන්න ජී වත් වෙන්නේ වෙන්නේ නැහැ මොකද හාමතේ මැරිලා ගිහින් ( අපේ නලාව අපි පිඹිනවා නෙමි හාල් කිලෝව දාහට ගියත් අපට ජීවත් වෙතහැකි නමුත් බයියන්ට වෙන්නේ බඩගින්නේ තණකොළ කන්න නැත්නම් වලපල්ලට යන්න )
සර් පැනලා යනකොට දාලා ගිය අර ඇදුම දැන් නඩු භාන්ඩයක්. නඩුව ඉවරවෙනකල් ඒක නැතුව කමයි ඉන්න වෙන්නේ….
රටේ විනාශයට වගකියන්න ඕනෑ පරම්පරාවෙ කෙනෙක්. හිරේට යන්න ඕනෑ චරිතයක්...
රට විනාශ කරපු අයට ලැජ්ජාවක් නැද්ද?
සාදරයෙන් පිළිගන්නවා සර්... නමුත් කිසිම දෙයක් ලංකාවට කරන්න එපා... මුල අමතක මිනිස්සු ඉන්න රටක්...
සමහරු කියනවා ඔය වැඩ බැරි ආචාර්ය මහාචාරය වියත්මගවල් නැතිව වැඩකරගෙන ගියා නම් හිටපු අනෙකුත් ජනාධිපතිවරු වගේ තමන්ගේ සම්පූර්ණ නිලකාලය අවුරුදු 5ම කරගෙන යන්න තිබුණා කියලා...
ආපහු රට පනින්න කලින් රටට කරපු විනාශයට නීතිමඟින් දඬුවම් දෙන්න කටයුතු කරන්න ඕනේ...!
ජනතාව ඔහුව බලයෙන් පහ කිරීමට කටයුතු කළත්, ඔහුට රටින් පැනයන ලෙස ඉල්ලීම් කළේ නැහැ. රටේ ජනතාව නීතිගරුකව හා එක එක දේශාපාලන පක්ෂ වල ඉත්තන් නොවී, රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ සහචරයින් වංචා හා දූෂණ සිදුකොට ඇත්තේ නම්, ඒවා මොනවාද යන්න ගැන නිසිපරිදි කටයුතු කිරීම සඳහා බුද්ධිමත්ව පෙළගැසී කටයුතු කළ යුතුයි. ගෙවල් ගිණි තැබීමෙන් හෝ වෙනත් කඩාකප්ප්කාරී වැඩ කිරීමෙන් ඵලක් නොවේ. එසේම මේ රටේ වංචා දූෂණ කළ අනෙක් දේශාපාලන පක්ෂ වල අය ගැනද සොයා බලා රටෙන් හොරා කෑ බව හෙලිවුවහොත්, ඒවාට ද, නිසි අයුරින් කටයුතු කළ යුතුයි...
දැන් සද්ද, බද්ද නැතිව පාඩුවේ ඉන්න එක තමයි හොඳ...!
අපේ මිනිස්සුන්ට කෙලෙහි ගුණ නෑ. මේ මනුස්සයා යුද්දේ ඉවර කරලා දුන්නේ නැත්නම් අරගල කාරයන්ටත් නැට්ට අස්සේ ගහගෙන තමයි ඉන්න වෙන්නේ. ඔය අරගලකාරයින් කොහේද හිටියේ... අවුරුදු 30ක් කොටි මේ රට විනාශ කරනකොට... කවුරුවත් කට ඇරියේ නෑ. දැන් වීරයින් වෙලා. අරගල කරලා ලැබුණු දේ දැන් හොඳයිනේ. මොලේ ඕනෑ හැම දෙයක්ම කරන්නම. කට විතරක් මදි...!
ඩයස් පෝරාවට ඕනෑ වුණා ප්‍රබාකරන්ගේ පලිය ගන්න. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාත්‍යන්තරයට වුවමනා වුණා ඔවුන්ගේ වහලෙක් පත් කරගන්න. කවදාවත් බලේට එන්න බැරි ජෙප්පන්ට ඕනෑ වුණා ආර්ථිකය බංකොළොත් බවින්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.
එයා කවදත් සද්දේ දැම්මේ නෑ. ඒක තමයි මෙතන සිද්ධ වෙච්චි වරද...!
මේ අර්බුදයට වගකියන්න ඕනේ ගෝඨාභය. කරන්න බැරි දේවල් කරන්න ගිහින් රටම වලට ඇදලා දැම්මා. එයාම පිළිගත්තා කබනික පොහොර නතර කරපු එකයි, IMF එකට යන්න පරක්කු කරපු එකයි වරදක් කියලා. ඒ කාරණාවම ඇති හිරේ දාන්න. මේ රටේ ඉන්න ගොබ්බයින් මොවුන් යුද්ධය ඉවරකළා කියලා හැම දෙයක්ම ඒකෙන් වහගන්න උත්සාහ කරනවා. අද රට වැටෙන්න ආයේ තැනක් නෑ. හැබැයි එකක් කියන්න පුළුවන් මේ උඩ ගෝඨාභයට පක්ෂව කමෙන්ට් දාපු එවුන් වගේ එවුන් මේ රටේ ඉන්නකන් කවදාවත් මේ රට හදන්න බෑ.
තාම අතේ රතු නූල්... මෙහෙමත් මෝඩ මිනිස්සු
වතුර රත්වෙනකන් තව නටනට හිටපල්ලා...!
මරාගෙන මැරෙන හමුදාවත් පාරට බැහැලයි තියෙන්නේ...!
මෙතුමාට බැනලා වැඩක් නෑ. ඔහුට රටක් පාලනයට තරම් දැනුමක් තේරුමක්, අත්දැකීමක් නෑ. ඔහු තම උපදේශකයින්ගේ උදව්වෙන් වැඩකරන්න හිතන්න ඇති. ඒත් ඔවුන් අන්ත මෝඩයින් රැලක්. ඒකයි ගම සමග පිළිසඳර, රසායනික පෝර තහනම වගේ තීරණ ගත්තේ. දැන් මෙයාගෙන් වැඩක් ගන්නවා නම් නගරවල කුණු ඉවත්කර පිරිසිදු කිරීම සඳහා අධිකාරියක් පත්කර එහි සභාපති කළයුතුයි.
ජනතාව මහපාරට ඇදලාදාපු ,රටම කාබාසීනියා කරපු දුශිත පවුල් පාලනේ කෙනෙක් ..හරිනම් ඔක්කොම ඉන්ඩ ඕනේ හිරගෙදර .
ජෙප්පොයි, පෙරටුගාමියොයි එකතුවෙලා ඕනෑ තරම් කොමෙන්ට්ස් දායි. නමුත් ගෝඨාභය වැඩක් කරපු අවංක මනුස්සයෙක්. ආර්ථිකය ගැන සහ දේශපාලන කපටිකම් නොදැන සිටි නිසා වටේ හිටපු දේශපාලන හාමුදුරවරු සහ වාසු වැනි අයගේ අදහස් නිසා වැරදි ආර්ථික නිගමන වලට ගියා. හමුදාවේ කොහොම හරි කරනවා යන අදහස දෙශපාලනයේදී වලංගු නැති බව ගෝඨාභය දැන් තේරුම් අරන් ඇති.
රට බංකොලොත් වුණත්, වාහන පේළිය නම් සුපිරියි.
පරිවාර රථ නොමැතිව, එක වාහනයක් පමණක් භාවිතා කරමින් සහ තමන්ගේ සාමාන්‍ය නිවසේ සිටිමින් රට කළ සරල නායකයකුට මෙවන් විසල් ආරක්ෂක රථ සහ සුඛෝපභෝගී රජයේ නිවසක් ද හිමිකර දීමට කටයුතු කළ ලාමක අරගලකරුවන්ට, ඔවුන්ට විය පැහැදම් කළ නොරටුන්ට, සිංහල බොදු විරෝධී කල්ලිවලට විනාඩියක නිශ්ශබ්දතාව..!
ලෝකෙ කොමියුනිස්ට් රටවල් දෙකයි තියෙන්නේ. එකක් උතුරු කොරියාව අනික කියුබාව. දෙකම දුගී බව පතුලේ. ඔබ කියබුන් සංචාරකයෙක් දැකලා තියනවද? රටින් පිටවීම තහනම්.
He didn't even point out the guns towards to people of srilanka.. pure example of a great leader ! Welcome back Mr Gotabaya !
මෙහෙමත් නාටක.
ගෝඨාභයට පක්පක්ෂපාතී අදහස් සමග සත්‍ය අදහස් වලට ඩිස්ලයික් අනන්ත වැටිලා තියෙන්නෙ නැවතත් රාජපක්ෂලා බලයට ගේන්න හදනවා කියලා හිතෙන තත්වයක් කියන්න පුළුවන් .
ආපු එකේ කිසි වරදක් නෑ. ඒත් ආයේ දේශපාලනයට එන්න හිතන්න එපා. ආයෙත් මේ සාමකාමී වටපිටාව නැති කරන්න එපා. ඔබලා අසාර්ථක බව ඔප්පු උනා. තව ටිකෙන් ජනතාවට පවුල් පිටින් දිවි නසා ගන්නයි වෙන්නේ. කවුරු මොනවා කිවුවත් රට විතරක් නෙවෙයි ඔබලාගේ ගැලවීමට ආවේ රනිල් වික්‍රමසිංහයි. නමුත් ඔහුට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔබට රට අතහැර පැනලා යන්න ලේසි උනාට මේ රටේ මහජනතාවට එහෙම කරන්න බෑ. ඒක නිසා පින් සිද්ද වෙයි ආයෙත් දේශපාලනයට නම් එන්න හිතන්න එපා.
මෙයාව අල්ලලා හිරේ දාලා, නඩු දාලා, දේපොළ රාජසන්තක කරලා, ප්‍රසිද්ධ වෙන්දේසියේ දාලා, හොරා කාපු සල්ලි ගන්න එකෙක් නැති හැටි. මේ රටේ පිට කොන්ද ඇති උන් ඔක්කොම නිවටයෝ දාලා රට හැරලා ගිහින්ද?
මෙහෙම පුදුම රටක්...! රට නැත්තටම නැතිකරපු අය මහජන මුදල් වැයකරමින් පාවඩ එලා පිළිගන්න මෝඩ දේශපාලුවන් හා කඩේ යන අය ඉන්න එකම රට... රටට අබ සරණයි.
මෙතන කොටන කාටවත් රටට වෙච්චි දේ ගැන කිසිම අවබෝධයක් නෑ. පව් ඔබලා.. මොලෙන් හිතලා බලපල්ලා රැල්ලට මෝඩයින් වගේ දුවන්නේ නැතිව. වර්තමානයේ මහබැංකු අධිපතිතුමා රට මේ තත්වෙට වැටෙන්න හේතු හොඳින් පැහැදිලි කෙරුවා. ඒක අහගන්න නිකන් අපතයින් වගේ දොඩවන්නේ නැතිව...!
අයෝමා, නම් කිසිම සතුටකින් ඉන්නවා වගේ පේන්නේ නැහැ. ඔය මනුස්සයත් අරගෙන ඇමෙරිකන් ගම් පොජ්ජට ගියා නම් හොඳයි. නැතිනම් විමල් වීරවංශලා, වාසුදේවලා ඇමෙරිකන් බලවේග පස්සෙන් ඉන්නවා කියලා, ‘‘ මල්ලි ඔය ඔක්කොම යාලුවෝ මල්ලි...‘‘
මේ වගේ හරක් තවත් ලංකාවේ ඉන්නකන් මේ රට හදන එක බොරුවක්. මොවුන් තවත් ගෝඨාට කඩේ යනවා. තව කෙනෙක් සරත්ට කඩේයනවා. මොවුන් මරා ගන්නවා. මේ ඔක්කොම එකතුවෙලා රට කන්න. නුඹලා දෙගොල්ලන්ම ගෙදර තියෙන උද්ධමනය ගැන බලන්න. ඔය කඩේ යන 225යි, පාට පක්ෂ නිසා තමයි මෙච්චර දෙයක් වෙලා තියෙන්නේ... ලැජ්ජාවක් නැති අය... සරත් ෆොන්සේකා හමුදාපති යුද්ධය අවසන් කරන එක එයාගේ වගකිම. ගෝඨාගේ වගකිම් සම්පත් කළමනාකරණය කිරීමේ වගකිම් ඉටු කළා. එව්වරයි.
සොරමුලකට මදි වුණු ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී මිනිසෙක් අවසන් මොහොතේදිත් ජනතාවට වෙඩි තැබීම අනුමත නොකළ අරගලකරුවන්ට පහරදුන්නු අය පළමුව අත්අඩංගුවට ගැනිමට නියෝග දුන් ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රායෝගික මිනිසෙකු බව අත්දුටුවෙමු.