IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


හිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයි

(ටී.කේ.ජී.කපිල, යොහාන් භාසුර,අංජුල මහීක වීරරත්න සහ ළහිරු හර්ෂණ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට මැතිඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි .



අදහස් (63)

හිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයි

Nihal Saturday, 03 September 2022 08:11 AM

තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කළ ඔබට සදා ප්‍රණාමය.

:       1246       1030

randilSaturday, 03 September 2022 09:02 AM

තිස් අවුරුද්දක් මැරිලා ඉපදුන පිස්සෙක්ද තමන්.

:       884       1049

BamunuarachchiSaturday, 03 September 2022 06:15 PM

කවදා කොහෙද ඉපදුණේ? යුද්දේ කාලේ හිටියේ තාත්තා ගාවද? ඊයේ පෙරදා ඉපදුන හාදයෙක් අපෙන් අහනවා තිස් අවුරුද්දක් මැරිලා ඉපදුන කෙනෙක්ද තමන් කියලා. ඔව් බෝම්බයක් පිපිරිලා සිංහලයින් බුරුතු ගණන් මැරුණම අපි මැරිලා ඉපදුණා. යුද්දේ විස්තර අහන්න තාත්තාගෙන් නැතිනම් බාප්පාගෙන්...

:       746       523

AkilaSaturday, 03 September 2022 11:38 AM

රටේ වාසනාවට ෆොන්සේකා මහතා හිටියා, නැතනම් මේ උන්දෑ පහුගිය අවුරදු 2කේ රට කරපු හැටියෙන් හිතාගන්න පුළුවන් වෙන හමුදාපති කෙනෙක් එක්ක අයියලා, මල්ලිලා එක්ක යුද්ධය අනාගන්න ලස්සන...!

:       736       992

චින්තක Sunday, 04 September 2022 07:04 AM

මෝඩයෝ ඩිස්ලයික් දමා ගෝඨාභය යුද්ධය දිනූ වීරයා කරන්න හැදුවත් ලෝකයේ සැවොම දන්නවා යුද්ධය දිනුවෙ ෆොන්සේකා මැතිතුමා නිසා කියලා එතුමා නොහිටින්න යුද්ධය වෙලාවෙ රටේ නොසිටි කෙනෙක් කොහොමද යුධ වීරයා වෙන්නෙ මේවාට තමයි කියන්නෙ කන්න ඕන වුනාම කබරයත් තලගොයා වෙනවා කියලා මෙහෙම නුසුදුස්සාට තැන දීම තමයි ලංකාව මෙතරම් පහත් තත්වයට වැටුණේ හැමදාම වලව්වේ බැලමෙහෙවර කරන ඉදුල් කන බමුණු අදහස් දරණ එවුන්ට රාජපක්ෂලා හැර වෙනත් විකල්පයක් නැහැ.

:       387       557

samSaturday, 03 September 2022 04:06 PM

මෙන්න මෙයාට මොලේ කොලොප්පන් වෙලා. හීනෙන් නැගිටලාද කොහේද? තවමත් වහලෙක්..

:       520       526

BamunuarachchiSaturday, 03 September 2022 06:10 PM

අපි ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා. ඔබ නොසිටියානම් අද රට පාලනය කරන්නේ දෙමල්ලු. ආර්ථිකයට වාඩා අපිට වටින්නේ රට. ආර්ථිකය වැටුනොත් එය හදාගන්න පුළුවන් රට කොටියට ගියානම් ආපසු ගැනිලි බොරු. මේ බව නොදන්නා පාහර සිංහලයෝ ඕනෑතරම් රටේ ඉන්නවා.

:       789       713

සත්‍ය ගවේෂී.Saturday, 03 September 2022 08:50 PM

සමහර පාහර සිංහලයින්ට සරත් පොන්සේකා මහත්තයා යුද්ධය දිනාදුන් බව කීමට දිව නැමෙන්නේ නැහැ. ඒ වගේම, ඒ නරුමයින් රටම හොරා කාලා රට බංකොලොත් කරපු ඒවා මතක නැහැ. යුද්ධයෙන් බඩ වඩාගත් හැටි මතක නැහැ. රටේ මිනිස්සුන්ගේ බඩගින්නට වඩා රට කාපු අයගේ දුක තමයි පේන්නේ. සිංහල නාමයෙන් ඉන්නා පාහර ඊනියා සිංහලයන්. සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වූ අය දේශපාලනයට ආවාට පසු මහා පරිමාණ ධන සම්භාරයක් උපයාගෙන ඇතැයි කියා සිතෙන්නේ නැහැ. රට කෑ හොරුන්ගෙන්, තාන්න මාන්න ගත් අය ඔවුන්ගේ වැරදි පේන්නේ නැහැ. වලිගේ ඉඳන් ගොම ගාගෙන රටටම ඇහෙන්න තපුල්ලනවා...

:       602       762

BamunuarachchiSunday, 04 September 2022 10:59 AM

සමහර සිංහලයින්ට සරත් ෆොන්සේකා යුද්ධය කෙරුණු අවුරුදු 25 කාලෙත් හමුදාවේ සිටියා කියලා අමතකයි. ඒකාලේ බලේ හිටපු නායකයින් පොන්සේකා හොඳ සැල්වේෂන් හමුදාවට කියලා කිව්වා අමතකයි. ඒ නායකයෝ යටතේ ෆොන්සේකා යුද්දෙ කළානම් තාමත් යුද්ද කරනවා කියා සිහලයින්ට හිතාගන්න බැහැ. කොටින්ම ෆොන්සේකාට හමුදාපතිකම දුන්නේ රාජපක්ෂලා කියා අමතකයි. යුද්ධයක් දිනන්න හොඳ හමුදාපති කෙනෙක් හිටපු පලියට බැහැ. යුද්ධයට දේශපාලන නායකත්වය තිබෙන්න ඕනේ කියා මැටි සිංහලයින් දන්නේ නැහැ. ඒ දේශපාලන නායකත්වය ඒ අවුරුදු 25ට ලැබුණේ නැහැ. ප්‍රභාකරන්ට මල්ලි මල්ලි මෙන්න අපෙන් ආයුධ සල්ලි කියපු ගොබ්බ නායකයින් අපිට හිටියේ. නියම ලීඩර් ශිප් එක තමයි වැඩේට සුදුසු පුද්ගලයා තේරීම... රාජපක්ෂලා නියම හමුදාපති තේරුවා. ලෝකයේ අවධානය ලංකාව වෙත හරවාගත්තා... ඒ මගින් කොටි ගැන ඔත්තු ලැබුණා. රාජපක්ෂලා නොසිටින්න ඔහේ සරත් ෆොන්සේකා කෙනෙක් ගැන දැනගෙන සිටියාද? WWII බ්‍රිතාන්‍ය පැත්තෙන් හමුදාව මෙහෙයවූයේ ජෙනරාල් මොන්ට්රෝමරි බව ඔබ දන්නවාද? WWII ගැන කතා කරනකොට ජෙනරාල් මොන්ට්ග්රෝමරිගේ නම කියවෙනවද? කියැවෙන්නේ චර්චිල්ගේ නම නේද? දුටුගැමුණු රජු තනියම යුද්දය කළාද?

:       659       473

සත්‍ය ගවේෂී.Sunday, 04 September 2022 11:56 AM

බමුණුට වටහා ගැනීමට බැරි වුණාට, රට බංකොළොත් කළ අය යුද්දේ කළා නම්, යුද්දෙට වෙන්නෙත් රටට වෙච්චි දෙයමයි. වෙලාවට සරත් ෆොන්සේකා මහත්තයා හිටියේ... මේ අය යුද්ධය දිනුවා නම්, ඒ වගේ සැලසුම් සහගත මොළයක් තිබුණා නම්, ඇයි හොඳට තිබුණු රට බංකොලොත් කරේ? ඒ අය දන්නේ හොරකම, වංචාව හා දූෂණය පමණයි. ඊට අමතරව බොරු කයිවාරුව... එදා රැවටුණු ජනතාව අද සත්‍යය දන්නවා. සුළු පිරිසක් ඒ දෙය දකින්නේ නැහැ. ඒ වගේම දකින්න කැමැතිත් නැහැ. ඔයාත් යටකී ගණයට වැටෙන කෙනෙක්...!

:       122       361

BamunuarachchiSunday, 04 September 2022 05:44 PM

හරියට හරි රට බංකළොත් කරපු අය තමයි කිව්වේ මේ යුද්ධය දිනන්න බැහැ... ප්‍රභාකරන්ට උතුර නැගෙනහිර පවරා දෙමු කියලා. ඒ පවරා දීමට තමයි ISGA අන්තර් ස්වයං පාලන අධිකාරිය පිහිටුවීමට ගිවිසුම සකස්කළේ. ගූගල් කරලා කියවන්න ISGA ගිවිසුම. ඒක කියෙව්වොත් හදපු කෙනාගේ බෙල්ල මිරිකන්න හිතේවි. ඒ ගිවිසුමේ තිබෙනවා දෙමළුන්ට උතුරු නැගෙනහිර පාලනය දීලා ඒ පාලනය කරගෙන යන්න අපේ අයවැයෙන් මුදල් වෙන්කළ යුතුයි කියලා. 2004 ආණ්ඩුව විසුරුවේ නැතිනම් හෝ 2005 රාජපක්ෂලා බලයට නාවානම් රට ප්‍රභාකරන්ට ගිහිල්ලා ඉවරයි. හලෝ අවුරුදු 25 යුද්දේ කළානේ හමුදාපති වෙන්න කලින් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගැන අහලා තිබුණාට කෝ ඒ කාලේ සරත් ෆොන්සේකා කෙනෙක්ගේ නම අහලා තිබුණාද? ගොන්පාට් දමන්න එපා. යුද්ධ කිරීමයි, රට පාලනය කිරීමයි දෙකක්. ඉන්නේ යුද මානසිකත්වයෙන්. ෂියා උල්හක් ගැන අහලා තිබෙනවා නේද? එයාව බලයට ගෙනාවේ කව්ද? ඒ පුද්ගලයාට වුනේ මොකක්ද? ඒ දේම තමයි මහින්දට වෙන්නේ අහවලාට රටේ බලය ලැබුණා නම් යුද්දය කරපු අය කතා කරන්නේ කලවැද්දී භාෂාවෙන්.. ඝෝඨාභය ඒ තත්වයට වැටුණේ නැහැ. එතැනයි වැරැද්ද...!

:       92       43

සත්‍ය ගවේෂී.Monday, 05 September 2022 07:59 AM

හපෝයි ඔව්.භාෂාව ගැන නම් හොඳටම දන්නවා.කෘෂි, කෘෂි, කර්මය කරලා,අස්වැද්දීම හරහා අපි සංචාරක කර්මාන්තය සංවර්ධනය කරනවා.විභාග පාස් වෙන්න පාඩම් කරන්න ඕන නෑ..මොලේ කල්පනා කරලා ලියන්න තියෙන්නේ.ලේසියි.අපිත් විභාග ලියලා තියෙන්නේ අපි තමයි හොඳටම ලියලා තියෙන්නේ.අපි තමයි හොඳටම කරලා තියෙන්නේ ... මේ වගේ කතා වලින්ම දන්නා භාෂාවේ තරම පොඩි ළමයෙකුට වුණත් හිතා ගන්න පුළුවන්.ඒත් බමුණුට බැහැ. පව් ...

:       1       72

Hafeel Sunday, 04 September 2022 10:53 AM

තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කළ මෙයාද කියලා මේ අවුරුදු දෙකේ ඔහු රටට කළ හානියෙන් සමස්ත රට වැසියන්ටම හොඳටම තේරුණා. පොදුවෙන් බැලුවොත් ඔහු රට පාලනය කළ ආකාරයට යුද්ධයත් කළා නම්, යුද්ධයේ ප්‍රතිඵල කොහොමද වෙලා ඇති කියලා කාටත් වටහා ගත හැකියි.

:       457       655

NishanSunday, 04 September 2022 02:01 PM

අනිවාර්යයෙන්ම. පොහොර ප්‍රශ්නෙදී අනා ගත්තු අනා ගැනිල්ල එක්ක බැලුවාම මෙයා යුද්දේ කළාද නැද්ද කියන එක ගැන හොඳට හිතාගන්න පුළුවන්. යුද්ධය දිනුවා. කෙසේවෙතත් යුද්දෙන් බිස්නස් නම් කරපු බව ලෝකෙම දන්නවා. අදටත් මස්සිනා පොඩ්ඩ ඒකට සී.අයි.ඩී. යනවා. ශැංග්‍රිලා ගනුදෙනුව නිසා වසර සිය ගාණක් පැරැණි හමුදා මූලස්ථානෙත් ජාතියට අහිමි වුණා. තව ටිකෙන් රටේ මිනිස්සුන්ට දිවි නසා ගන්නයි වෙන්නේ.. මෙයාගේ පාලනේ හොඳකම නිසා...!

:       49       179

පිටිගල මිලානෝ Saturday, 03 September 2022 08:45 AM

අනේ සර් රට බේරලා දෙන්න…. රට රකින අපේ විරැවාගෙන් වෙන මොනා ඉල්ලන්නද?

:       330       40

C.K.LankaputhraSaturday, 03 September 2022 10:12 AM

අනේ අනේ...! බයේ රටින් පැනලා ගිය හැට පැනපු පරණ සොල්දාදුවෙකුට පුළුවන්ද හලෝ රටක් බේරලා දෙන්න..?. එයාට බලය ලැබුණු වෙලාවේ අවුරුදු දෙකට රටට කරපු වින්නැහිය මදිද ඔහෙට...

:       155       419

stg Saturday, 03 September 2022 08:47 AM

කවුරුවත් ඒ ගැන ගණන් ගැනීමක් කරන්නේ නෑ.

:       358       82

කිරි පුතා Saturday, 03 September 2022 08:49 AM

කොටි සහ කොටි මැක්කන් සහ අන්තවාදී වෙනත් කණ්ඩායම් මොනවා කිව්වද එතුමාට මේ රට තුළ නිදහසේ ජීවත් වීමේ අයිතියක් ඇත.

:       602       447

randil Saturday, 03 September 2022 09:01 AM

ඔව් එයාට තියෙනවා, අයිත්ය නැත්තෙ අපිට. නිකම් තප්පුලන්න එපා.

:       371       509

Bunny Preena Saturday, 03 September 2022 09:03 AM

ඔහුව ඉත්තෙක් කරගෙන තම තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා කටයුතු කළ සියලුම මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, පවුලේ අයවලුන්, ඥාතීන් සහ හිත මිතුරන් ඔහුව මෙවැනි තත්තවයකට පත්කිරීමෙ ගැන වග කිව යුතුයි.

:       15       439

jayath Saturday, 03 September 2022 09:10 AM

පෙට්‍රල් පෝලිම් වල ලැ ගපු (තාමත් ලගින) ගෑස් පෝලිම් වල කාලකන්නි වෙච්ච රුපියල් 80 ට ගත්ත හාල් කිලෝ එක 260 ට ගන්න කාලකන්නි බයියෝ ටිකක් අළු ගහල දමල එලියට බැහැල මේකේ කොටන්න පටන් අරගෙන තෙපි ආපහු හැරී බලාපියව් අරගලය නොතිබුනානම් තාමත් මේ කපුටන් මයිනන් සහ විරුවපට්ට්ටම තමයි රට කරවන්නේ එහෙම උනානම් ඔය බය්යින්ට මේකේ කොටන්න ජී වත් වෙන්නේ වෙන්නේ නැහැ මොකද හාමතේ මැරිලා ගිහින් ( අපේ නලාව අපි පිඹිනවා නෙමි හාල් කිලෝව දාහට ගියත් අපට ජීවත් වෙතහැකි නමුත් බයියන්ට වෙන්නේ බඩගින්නේ තණකොළ කන්න නැත්නම් වලපල්ලට යන්න )

:       413       677

SanthuSaturday, 03 September 2022 12:10 PM

මෝඩයෙක් වගේ කියවන්න එපා මනුස්සයෝ..., රටේ මේ අර්බුද ඇති වුනේ වසර 75ක සිට... කෙහෙල්මල් අරගලයකින් එතුමා එලවා ගත්තේ. එයින් වුණු සෙතක් වෙයිද? අරගල කළ, මෙහෙය වූ අය කෝ? එදා තදින් උන්නා නම් මාස ගණන් ඇදෙන් නෑ. "ඔබතුමාගේ වචනය පමණයි ඕනෑ. අපි මෙය නතර කරන්නද? "එකට" නෑ එපා" කියලා ඒ කිසිත් නැතිව රටින් ගියා. එවිට නතර වුණාද? තමුන්ලාගේ "කවදාවත් ඉටු නොවන සිහිනය" කට මැත දොඩන හෙන්චයියා කෙනෙක් ගේන්න ඕනෑකමට... ඊට පස්සෙ රනිල් ගෝ හෝම් කිව්වා. කවුරුත් ඔය පෝලිමේ ඡනපති වෙන්න මාන බලන අයට කැමැති නැහැ. තාමත් අදටත් ගෝඨා රාඡපක්ෂට තමයි බහුතරය කැමති... තමුන්ලා තරහට මොන බයිලා කිව්වත්...!

:       522       345

ගමේ එකාලාSaturday, 03 September 2022 08:40 PM

ජනතාව ගොනාට අන්දල පෙන්වපු සෞභාග්‍යයක් නැහැ. බහුතරය කෙසේවෙතත් තමුන් වගේ මොලේ උඩ ඉන්න වහල්ලු නම් ගෝඨාභය ඇතුලු දූෂිත පවුල් පාලනේ අයට කැමැති ඇති. ජනතාවගේ කතිරෙන් බලයට ආපු දූෂිත දේශපාලුවන් ජනතාව මහපාරට ඇදලා දැම්මා. බලය දුන්නේ ජනතාවට සේවයක් කරන්න මිස මහ පාරවල් ගානේ පෝලිම්වල දුක් විඳින්නද? වෙන රටවලත් මෙහෙමද? හිතාගෙන ඉන්නේ දේශපාලුවන්ට බලය දුන්නේ ඔවුන්ට මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා ඒ මදිවට සැප විඳින්න කියලාද?

:       43       258

ලේක්කෝ ගලබඩ Saturday, 03 September 2022 09:14 AM

සර් පැනලා යනකොට දාලා ගිය අර ඇදුම දැන් නඩු භාන්ඩයක්. නඩුව ඉවරවෙනකල් ඒක නැතුව කමයි ඉන්න වෙන්නේ….

:       348       690

පිටිගල මිලානෝSunday, 04 September 2022 01:38 AM

ඒක නැතුව හොල්ලා හොල්ලා තමයි ඉන්න වෙන්නේ නඩුව ඉවර වෙනකල්….

:       4       83

achini Saturday, 03 September 2022 09:53 AM

රටේ විනාශයට වගකියන්න ඕනෑ පරම්පරාවෙ කෙනෙක්. හිරේට යන්න ඕනෑ චරිතයක්...

:       238       320

Nihal Saturday, 03 September 2022 10:56 AM

රට විනාශ කරපු අයට ලැජ්ජාවක් නැද්ද?

:       60       164

Anu viraj Saturday, 03 September 2022 11:12 AM

සාදරයෙන් පිළිගන්නවා සර්... නමුත් කිසිම දෙයක් ලංකාවට කරන්න එපා... මුල අමතක මිනිස්සු ඉන්න රටක්...

:       454       361

dhamneth Saturday, 03 September 2022 11:43 AM

සමහරු කියනවා ඔය වැඩ බැරි ආචාර්ය මහාචාරය වියත්මගවල් නැතිව වැඩකරගෙන ගියා නම් හිටපු අනෙකුත් ජනාධිපතිවරු වගේ තමන්ගේ සම්පූර්ණ නිලකාලය අවුරුදු 5ම කරගෙන යන්න තිබුණා කියලා...

:       104       214

BakuraSunday, 04 September 2022 02:36 PM

ඒක ඇත්ත. වියත්මග කියලා වියතුන් තෝරපු කෙනා කවුද දන්නේ නෑ. දැන් පේනවානේ වියතුන්ගේ තරම... වන්නිලා ඇත්තන්ට මේ වියතුන්ට වැඩිය දැනුමක් තියෙනවා. දැන් ඔය කියන වියතුන්ට ගෙදර යන්නයි වෙන්නේ...!

:       21       4

නිමේෂ් Saturday, 03 September 2022 11:45 AM

ආපහු රට පනින්න කලින් රටට කරපු විනාශයට නීතිමඟින් දඬුවම් දෙන්න කටයුතු කරන්න ඕනේ...!

:       135       255

සමිත අලුත්ගමගේ. Saturday, 03 September 2022 12:15 PM

ජනතාව ඔහුව බලයෙන් පහ කිරීමට කටයුතු කළත්, ඔහුට රටින් පැනයන ලෙස ඉල්ලීම් කළේ නැහැ. රටේ ජනතාව නීතිගරුකව හා එක එක දේශාපාලන පක්ෂ වල ඉත්තන් නොවී, රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ සහචරයින් වංචා හා දූෂණ සිදුකොට ඇත්තේ නම්, ඒවා මොනවාද යන්න ගැන නිසිපරිදි කටයුතු කිරීම සඳහා බුද්ධිමත්ව පෙළගැසී කටයුතු කළ යුතුයි. ගෙවල් ගිණි තැබීමෙන් හෝ වෙනත් කඩාකප්ප්කාරී වැඩ කිරීමෙන් ඵලක් නොවේ. එසේම මේ රටේ වංචා දූෂණ කළ අනෙක් දේශාපාලන පක්ෂ වල අය ගැනද සොයා බලා රටෙන් හොරා කෑ බව හෙලිවුවහොත්, ඒවාට ද, නිසි අයුරින් කටයුතු කළ යුතුයි...

:       163       310

Kumara Saturday, 03 September 2022 12:26 PM

දැන් සද්ද, බද්ද නැතිව පාඩුවේ ඉන්න එක තමයි හොඳ...!

:       7       225

Mahajanayek Saturday, 03 September 2022 01:10 PM

අපේ මිනිස්සුන්ට කෙලෙහි ගුණ නෑ. මේ මනුස්සයා යුද්දේ ඉවර කරලා දුන්නේ නැත්නම් අරගල කාරයන්ටත් නැට්ට අස්සේ ගහගෙන තමයි ඉන්න වෙන්නේ. ඔය අරගලකාරයින් කොහේද හිටියේ... අවුරුදු 30ක්‌ කොටි මේ රට විනාශ කරනකොට... කවුරුවත් කට ඇරියේ නෑ. දැන් වීරයින් වෙලා. අරගල කරලා ලැබුණු දේ දැන් හොඳයිනේ. මොලේ ඕනෑ හැම දෙයක්ම කරන්නම. කට විතරක් මදි...!

:       341       335

සෙනෙවිරත්න Saturday, 03 September 2022 01:37 PM

එතකොට ජනතාව නිහඬව තම සහාය දුන්න, බදු ගෙවලා, හැකි පමණ ස්වයංව වැඩ කරලා, රාජපක්ෂවරු යුද්ධය තම සුද්දෙට හරවාගත්ත එකයි අර්බුදය, යුද්ධයේ ගෞරවය රාජපක්ෂවරුන්ට පමණක් හිමිවිය යුතුයැයි කියන්නේ වහල්ලු පමණි...

:       92       120

Sam Saturday, 03 September 2022 01:16 PM

ඩයස් පෝරාවට ඕනෑ වුණා ප්‍රබාකරන්ගේ පලිය ගන්න. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාත්‍යන්තරයට වුවමනා වුණා ඔවුන්ගේ වහලෙක් පත් කරගන්න. කවදාවත් බලේට එන්න බැරි ජෙප්පන්ට ඕනෑ වුණා ආර්ථිකය බංකොළොත් බවින්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

:       226       310

නිහාල් Sunday, 04 September 2022 02:05 AM

මේක ගොඩක් තැන්වල දැක්කා. ඔහොම නම් බෑ රාජෝ. 8000ක් ගන්නවා නම් හරියට වැඩේ කරන්න ඕනි. කොපි කරලා රවටන්න හොඳ නෑ.

:       29       3

soma Saturday, 03 September 2022 01:34 PM

එයා කවදත් සද්දේ දැම්මේ නෑ. ඒක තමයි මෙතන සිද්ධ වෙච්චි වරද...!

:       168       274

Dhammika Saturday, 03 September 2022 01:43 PM

මේ අර්බුදයට වගකියන්න ඕනේ ගෝඨාභය. කරන්න බැරි දේවල් කරන්න ගිහින් රටම වලට ඇදලා දැම්මා. එයාම පිළිගත්තා කබනික පොහොර නතර කරපු එකයි, IMF එකට යන්න පරක්කු කරපු එකයි වරදක් කියලා. ඒ කාරණාවම ඇති හිරේ දාන්න. මේ රටේ ඉන්න ගොබ්බයින් මොවුන් යුද්ධය ඉවරකළා කියලා හැම දෙයක්ම ඒකෙන් වහගන්න උත්සාහ කරනවා. අද රට වැටෙන්න ආයේ තැනක් නෑ. හැබැයි එකක් කියන්න පුළුවන් මේ උඩ ගෝඨාභයට පක්ෂව කමෙන්ට් දාපු එවුන් වගේ එවුන් මේ රටේ ඉන්නකන් කවදාවත් මේ රට හදන්න බෑ.

:       269       332

සුරංග Saturday, 03 September 2022 04:18 PM

මේ අදහස සියයට සියයක් නිවැරදියි.

:       58       153

නිහාල් Saturday, 03 September 2022 01:51 PM

තාම අතේ රතු නූල්... මෙහෙමත් මෝඩ මිනිස්සු

:       249       163

Perera Saturday, 03 September 2022 01:55 PM

වතුර රත්වෙනකන් තව නටනට හිටපල්ලා...!

:       76       149

jagath Saturday, 03 September 2022 03:25 PM

මරාගෙන මැරෙන හමුදාවත් පාරට බැහැලයි තියෙන්නේ...!

:       54       143

මෝ Saturday, 03 September 2022 03:35 PM

මෙතුමාට බැනලා වැඩක් නෑ. ඔහුට රටක් පාලනයට තරම් දැනුමක් තේරුමක්, අත්දැකීමක් නෑ. ඔහු තම උපදේශකයින්ගේ උදව්වෙන් වැඩකරන්න හිතන්න ඇති. ඒත් ඔවුන් අන්ත මෝඩයින් රැලක්. ඒකයි ගම සමග පිළිසඳර, රසායනික පෝර තහනම වගේ තීරණ ගත්තේ. දැන් මෙයාගෙන් වැඩක් ගන්නවා නම් නගරවල කුණු ඉවත්කර පිරිසිදු කිරීම සඳහා අධිකාරියක් පත්කර එහි සභාපති කළයුතුයි.

:       114       196

විපරමා Saturday, 03 September 2022 04:51 PM

ජනතාව මහපාරට ඇදලාදාපු ,රටම කාබාසීනියා කරපු දුශිත පවුල් පාලනේ කෙනෙක් ..හරිනම් ඔක්කොම ඉන්ඩ ඕනේ හිරගෙදර .

:       68       159

balasuriya Saturday, 03 September 2022 04:51 PM

ජෙප්පොයි, පෙරටුගාමියොයි එකතුවෙලා ඕනෑ තරම් කොමෙන්ට්ස් දායි. නමුත් ගෝඨාභය වැඩක් කරපු අවංක මනුස්සයෙක්. ආර්ථිකය ගැන සහ දේශපාලන කපටිකම් නොදැන සිටි නිසා වටේ හිටපු දේශපාලන හාමුදුරවරු සහ වාසු වැනි අයගේ අදහස් නිසා වැරදි ආර්ථික නිගමන වලට ගියා. හමුදාවේ කොහොම හරි කරනවා යන අදහස දෙශපාලනයේදී වලංගු නැති බව ගෝඨාභය දැන් තේරුම් අරන් ඇති.

:       7       106

විපරමා Saturday, 03 September 2022 08:49 PM

සුදු වෑන්, ඝාතන අතුරුදහන් මිනීමෝරු ගැන නම් දැනගෙන ඉන්න ඇති. වසර පනහකට වැඩිය දේශපාලන අත්දැකීම් ඕනෑතරම් තියෙන අයියෙක් උන්නේ. නිකම්ද? බලලෝභී දූෂිත පවුල් පාලනේ ඔවුන්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද? ඔක්කොම එක වල්ලේ පොල්...

:       55       168

saman Saturday, 03 September 2022 05:07 PM

රට බංකොලොත් වුණත්, වාහන පේළිය නම් සුපිරියි.

:       51       135

මැක්ස් Saturday, 03 September 2022 05:09 PM

පරිවාර රථ නොමැතිව, එක වාහනයක් පමණක් භාවිතා කරමින් සහ තමන්ගේ සාමාන්‍ය නිවසේ සිටිමින් රට කළ සරල නායකයකුට මෙවන් විසල් ආරක්ෂක රථ සහ සුඛෝපභෝගී රජයේ නිවසක් ද හිමිකර දීමට කටයුතු කළ ලාමක අරගලකරුවන්ට, ඔවුන්ට විය පැහැදම් කළ නොරටුන්ට, සිංහල බොදු විරෝධී කල්ලිවලට විනාඩියක නිශ්ශබ්දතාව..!

:       132       169

Nihal Saturday, 03 September 2022 07:19 PM

ලෝකෙ කොමියුනිස්ට් රටවල් දෙකයි තියෙන්නේ. එකක් උතුරු කොරියාව අනික කියුබාව. දෙකම දුගී බව පතුලේ. ඔබ කියබුන් සංචාරකයෙක් දැකලා තියනවද? රටින් පිටවීම තහනම්.

:       3       59

Suneth Saturday, 03 September 2022 10:13 PM

He didn't even point out the guns towards to people of srilanka.. pure example of a great leader ! Welcome back Mr Gotabaya !

:       22       65

Hemantha kumara Saturday, 03 September 2022 10:37 PM

මෙහෙමත් නාටක.

:       49       114

චමින්ද Sunday, 04 September 2022 07:16 AM

ගෝඨාභයට පක්පක්ෂපාතී අදහස් සමග සත්‍ය අදහස් වලට ඩිස්ලයික් අනන්ත වැටිලා තියෙන්නෙ නැවතත් රාජපක්ෂලා බලයට ගේන්න හදනවා කියලා හිතෙන තත්වයක් කියන්න පුළුවන් .

:       89       133

පිටරැටියා Sunday, 04 September 2022 06:00 PM

ඩිස්ලයික් කරලා තියෙන්නේ පොහොට්ටුවේ වහල්ලු වගේම මොලේ උඩ ඉන්න අය..

:       3       18

Vithana Sunday, 04 September 2022 09:35 AM

ආපු එකේ කිසි වරදක් නෑ. ඒත් ආයේ දේශපාලනයට එන්න හිතන්න එපා. ආයෙත් මේ සාමකාමී වටපිටාව නැති කරන්න එපා. ඔබලා අසාර්ථක බව ඔප්පු උනා. තව ටිකෙන් ජනතාවට පවුල් පිටින් දිවි නසා ගන්නයි වෙන්නේ. කවුරු මොනවා කිවුවත් රට විතරක් නෙවෙයි ඔබලාගේ ගැලවීමට ආවේ රනිල් වික්‍රමසිංහයි. නමුත් ඔහුට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔබට රට අතහැර පැනලා යන්න ලේසි උනාට මේ රටේ මහජනතාවට එහෙම කරන්න බෑ. ඒක නිසා පින් සිද්ද වෙයි ආයෙත් දේශපාලනයට නම් එන්න හිතන්න එපා.

:       4       37

නාලක Sunday, 04 September 2022 10:42 AM

මෙයාව අල්ලලා හිරේ දාලා, නඩු දාලා, දේපොළ රාජසන්තක කරලා, ප්‍රසිද්ධ වෙන්දේසියේ දාලා, හොරා කාපු සල්ලි ගන්න එකෙක් නැති හැටි. මේ රටේ පිට කොන්ද ඇති උන් ඔක්කොම නිවටයෝ දාලා රට හැරලා ගිහින්ද?

:       69       25

fairoos Sunday, 04 September 2022 12:51 PM

මෙහෙම පුදුම රටක්...! රට නැත්තටම නැතිකරපු අය මහජන මුදල් වැයකරමින් පාවඩ එලා පිළිගන්න මෝඩ දේශපාලුවන් හා කඩේ යන අය ඉන්න එකම රට... රටට අබ සරණයි.

:       45       24

Mahamolakaru Sunday, 04 September 2022 02:29 PM

මෙතන කොටන කාටවත් රටට වෙච්චි දේ ගැන කිසිම අවබෝධයක් නෑ. පව් ඔබලා.. මොලෙන් හිතලා බලපල්ලා රැල්ලට මෝඩයින් වගේ දුවන්නේ නැතිව. වර්තමානයේ මහබැංකු අධිපතිතුමා රට මේ තත්වෙට වැටෙන්න හේතු හොඳින් පැහැදිලි කෙරුවා. ඒක අහගන්න නිකන් අපතයින් වගේ දොඩවන්නේ නැතිව...!

:       1       65

wilmaSunday, 04 September 2022 04:43 PM

ඔය ගොටු පණ්ඩිතකම් ප්‍රසිද්ධියේ කිව්වොත් දත් සෙට් එක පාරේ තියලා තමයි ගෙදර යන්න වෙන්නේ... ලබුගෙඩියේ විශ්ව විද්‍යාලයෙන්ද උපාධිය ලැබුණේ...?

:       3       12

vidya Sunday, 04 September 2022 10:31 PM

අයෝමා, නම් කිසිම සතුටකින් ඉන්නවා වගේ පේන්නේ නැහැ. ඔය මනුස්සයත් අරගෙන ඇමෙරිකන් ගම් පොජ්ජට ගියා නම් හොඳයි. නැතිනම් විමල් වීරවංශලා, වාසුදේවලා ඇමෙරිකන් බලවේග පස්සෙන් ඉන්නවා කියලා, ‘‘ මල්ලි ඔය ඔක්කොම යාලුවෝ මල්ලි...‘‘

:       2       19

ප්‍රසන්න Monday, 05 September 2022 08:49 AM

මේ වගේ හරක් තවත් ලංකාවේ ඉන්නකන් මේ රට හදන එක බොරුවක්. මොවුන් තවත් ගෝඨාට කඩේ යනවා. තව කෙනෙක් සරත්ට කඩේයනවා. මොවුන් මරා ගන්නවා. මේ ඔක්කොම එකතුවෙලා රට කන්න. නුඹලා දෙගොල්ලන්ම ගෙදර තියෙන උද්ධමනය ගැන බලන්න. ඔය කඩේ යන 225යි, පාට පක්ෂ නිසා තමයි මෙච්චර දෙයක් වෙලා තියෙන්නේ... ලැජ්ජාවක් නැති අය... සරත් ෆොන්සේකා හමුදාපති යුද්ධය අවසන් කරන එක එයාගේ වගකිම. ගෝඨාගේ වගකිම් සම්පත් කළමනාකරණය කිරීමේ වගකිම් ඉටු කළා. එව්වරයි.

:       2       22

janahitha UAE Monday, 05 September 2022 03:58 PM

සොරමුලකට මදි වුණු ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී මිනිසෙක් අවසන් මොහොතේදිත් ජනතාවට වෙඩි තැබීම අනුමත නොකළ අරගලකරුවන්ට පහරදුන්නු අය පළමුව අත්අඩංගුවට ගැනිමට නියෝග දුන් ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රායෝගික මිනිසෙකු බව අත්දුටුවෙමු.

:       17       1

NishanTuesday, 06 September 2022 02:02 PM

එයාට උඩින් වගකීමට කර ගහන්න කෙනෙක් හිටියා නම් රතුපස්වල වගේ දෙක තුනක් ඇති කරලයි එයා පස්ස බලන්නේ.... මෙතන එයා ජනාධිපති වෙලා හිටපු නිසා ඒ වැඩවලට ගියේ නෑ. කෙලින්ම වගකියන්න වෙන නිසා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 678 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 1017 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 674 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා
2024 මැයි මස 04 396 0

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.


ලොහාන්ගේ සහායත් රනිල්ට
2024 මැයි මස 04 787 0

ඉදිරි ජනාධිපතිවරණයේදී යනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.


ජපානයේ කන්සායි ගුවන්තොට වාර්තා පොතට
2024 මැයි මස 04 1183 0

පසුගිය වසර තිහක කාලය තුළදී ජපානයේ කන්සායි ගුවන්තොටුපොළට පැමිණි කිසිඳු ගුවන් මගියකුගේ ගමන් මල්ලක් අස්ථානගත වී නොමැති බවත් එය ලෝක වාර්තාවක් බවත් ෆෝබ්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site