(ඉන්දිකා රාමනායක)
කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වී එහි දේපළ වලට හානි කිරීම සහ අයුතු ජනරාශිය සම්බන්ධයෙන් හදුනාගෙත් සැකකරුවන් 71 දෙනෙකුගේ 37 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මින් 8 දෙනෙකු සැකකාරියන් බවද පොලිසිය පවසයි.
ඉකුත් ජුලි මස 09 දින දිවයිනේ නන් දෙසින් පැමිණි අරගලකරුවන් ජනාධිපති මන්දිරයට බලහත් කාරයෙන් ඇතුලු වී එහි දිනි කිහිපයක් රැදී සිටිමින් එහි දේපළ වලට හානි කිරීම, සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
මෙහිදී හදුනාගත් සැකකරුවන් 71 දෙනෙකු ඡායාරූප මාධ්‍ය වෙත යොමු කර තිබු බවත්, ඒ අතරින් 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
මින් පස්දෙනකු රිමාන්ඩ් බාරයට පත්කර ඇති අතර, සෙසු පිරිස ඇප මත මුදාහැර ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලයට ආපු ගමන් අපි මේ හැම කෙනෙකුටම වන්දි ගෙවනවා. බන්ධනාගාරයේ ගතකරන දවසකට රුපියල් 10000 ගානේ ගෙවනවා..!