චීනයේ සිචුවාන් පළාතේ සිදුවූ භූ චලනයකින් 13 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන වේලාවෙන් අද (05) පස්වරු 1 ට පමණ මෙම භූමි කම්පාව හට ගෙන තිබුණි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය  රික්ටර් මාපකයේ 6.8 ක් ලෙස සටහන් විය.

භූමි කම්පාව හේතුවෙන් සිචුවාන් පළාතේ දුරකථන රැහැන් කඩා වැටී ඇති අතර කඳු නායයෑම් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

2017 වසරෙන් පසුව සිචුවාන් පළාතට බලපෑ දරුණුතම භූමි කම්පාව මෙය බව චීන බලධාරීහු ප්‍රකාශ කළහ.

නායයෑම් හේතුවෙන් මාර්ග වලට වැටී ඇති පස් ඉවත් කිරීමට දැනටමත් සහන සේවකයින් යොදවා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.

භූමි කම්පාව හේතුවෙන් සිචුවාන් පළාතේ නිවාස වලටද හානි වී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය. 

034