
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ සිදුකෙරිණි.
කුමාර වෙල්ගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව පක්‍ෂයට සුබ පතන අතර, මෙම පක්‍ෂයට දීර්ඝ ගමනක් යාමට අවශ්‍ය නම් දූෂණයෙන් තොර රට ගැන සිතන පුද්ගලයන් පමණක් එයට එක්කරගත යුතු බව ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙහිදී පැවසුවාය.
43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නව ලංකා නිදහස් පක්ෂයේ‘ නියෝජ්‍ය සභාපති ලෙස හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග කටයුතු කරන අතර මහ ලේකම්වරයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තිලක් වරාගොඩ මහතාය.
මෙහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා පැවසුවේ මෙම පක්‍ෂයට ඉදිරියේදී තවත් පිරිස් එක්වීමට සූදානමින් සිටින බවයි.
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හිටපු ගරු ඇමැතිතුමා ආදරණීය, පුතණුවන්ට පිය උරුමය අතපැන් වත්කළ වගයි.!
නව ලංකා නිදහස් පක්ෂයට හා එහි නායක හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට උණුසුම් සුබපැතුම් එක් කරනවා... දූෂණයෙන් තොර පාලනයක් රට තුළ ස්ථාපිත කිරිමට... ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට...
හොඳ අදහසක්..., යස අදහසක්... ඒත් පහුගිය කාලේ තනතුර වෙනුවෙන් ලබාදුන් රාජ්‍ය නිවසක දිගුකලක් රැඳී සිටි අයත් එකතු වෙලා තියෙන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න කවදාද ඉවත් වූයේ කියා..? එතැනම දූෂණය නේද?
මේ ඉන්න සුළු කාලයට දුරගමන් යන්න ලැහැස්තිවෙන්නේ නරකද පිනක් දහමක් කර ගෙන ෂුවර් එකටම යන්න තිබෙන ගමනට ලහ්ස්තිවීම? දේශපාලනයේ නන්නතාර උන ගොයියන්ට අමබලම් හැදිල්ලක් මේ සිද්ද වෙන්නේ. අන්තිමේදී මහා ගෙදරට සුළු ජාතිකයෝ රිංගා ගන්නවා