(ඩයනා උදයංගනී)

නිදහසින් පසු මෙරට වැඩිම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබූ පක්‍ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට මරාදමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (5) පැවසුවාය.

එමෙන්ම එම පක්‍ෂයේ ප්‍රතිපත්තියද විනාශ කර ඇති බව කී හිටපු ජනාධිපතිනිය තමන්ට වැදගත් වන්නේ පක්‍ෂයේ ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්‍ෂා කළ ජනතාව පමණක් බැවින් ඔවුන් වෙනුවෙන් තමන් ඉදිරියේදීත් වැඩ කරන බව ද සඳහන් කළාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)