IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සහනාධාර බලාපොරොත්තු වන්නන්ගේ තොරතුරු රැස් කරයි

(රංජන්  කස්තුරි)

ජනතාවට සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව සුබ සධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී.විජයරත්න මහතා කොළඹ මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී  පැවැසීය.

මේ වන විට සමෘද්ධි , වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම එම ආධාර අපෙක්ෂවෙන් පෙරොත්තු ලේඛනවල  සිටින්නන්ද නියමිත දත්ත  පත්‍රිකා සම්පූර්ණකර ග්‍රාම නිලධාරී මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාවලට බාරදිය යුතු බව ද විජයරත්න මහතා පවසයි.

තෝරාගන්නා ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රදර්ශනය කරන අතර ජනතාවට අභියාචනාකිරීමට හෝ විරෝධතා දැක්වීමට එමගින් අවසථාව හිමිවන බව ද සභාපතිවරයා කීවේය.

විනිවිද භාවයකින් කටයුතු කර නියම සුදුස්සන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා වන මෙම වැඩසටහන යටතේ ලබන ජනවාරි මාසයේදී පමණ සහනාධාර පිරිනමන බව ද විජයරත්න මහතා පැවිසීය.



අදහස් (2)

සහනාධාර බලාපොරොත්තු වන්නන්ගේ තොරතුරු රැස් කරයි

AB Tuesday, 06 September 2022 02:17 AM

පක්ෂ දේශපාලන සම්බන්ධතාවයන්, මැදිහත්වීම් මත නොව විනිවිද භාවයකින් කටයුතු කර මහජන මුදල් "නියම සුදුස්සන්ට" ප්‍රතිලාභ වශයෙන් ලබාදීම රාජ්‍ය සේවයේ වගකීමකි. සම්පූර්ණකර ලබදෙන්නාවූ නියමිත දත්ත පත්‍රිකා A computerized database analysis සඳහා තබාගැනීම කළයුතු වේ..

:       0       0

AB Tuesday, 06 September 2022 06:43 AM

ජනතාවට සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය ආරම්භයේ දීම ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම එම ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින්නන්ද ප්‍රතිලාභ වලින් මිදීමට හෝ නොගැනීමට නම් ඔවුන්ට "රජයෙන් ඉටුවිය යුත්තේ කුමක්දැයි" කියා ඔවුන්ගේ අදහස්ද, තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය අවස්ථාවේම ලබාගන්න. එම ලබගන්නා වූ අදහස් දත්ත අනාගතයේදී සහනාධාර ලබාදීමේදී විශ්ලේෂණ කර තීන්දු ගැනීමේදී ප්‍රයෝජනවත් වනු ඇත. තරුණ/වැඩිහිටි පුද්ගලයින් සිටියි නම් පුහුණුවකින් පසු විදේශ රැකියා සඳහා හෝ යොමුකරවීමට කටයුතු කළ යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 414 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 582 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site