(අංජුල මහික වීරරත්න)

චීන පොහොර නැව සම්බන්ධව ගැටළුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා  ක්‍රියාවලියක් සැකසීම විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දීමට  තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම පොහොර නැව සම්බන්ධයෙන් කාරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ස්ථාවරය වන්නේ දෙරට අතර ඇති මිත්‍ර සබඳතා පළුදු නොවන ආකාරයට ගැටළුව විසඳා ගැනීම බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

චීනයේ Qingdao Sea win Biotech ආයතනය මගින් මිල දී ගන්නා ලද පොහොර නැව සම්බන්ධයෙන් එම සමාගමට නඩු පවරන්නැයි විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ වාර්තාව සම්බන්ධව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙි බව කීය.

මෙම පොහොර නැව සම්බන්ධ ගනුදෙනුවට කවුරු සම්බන්ධ වුනත් අවසානයේ  නැවට ගෙවන ලද ඩොලර් මිලියන 6.9ක බර පැටවුනේ රටේ ජනතාවට බවද අමාත්‍යවරයා කීය.