
(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව පවසමින් ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් පානදුර උතුර පොලිසියට බාරදීමට ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , ගොරකාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු උණ්ඩ සහිත මැගසීනය රැගෙන පොලිසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
මැගසීනය ගෝල්ෆේස් අරගල භූමියේ රාජකාරි නියුතුව සිටි ආරක්ෂක අංශ සාමාජිකයකුගේ ගිනිඅවියකට අයත් එකක් බවට අනුමාන කරන බවත්, අරගල භූමියේ වැටී තිබී හමුවූ බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් සදහන් වේ.
කෙසේවුවද සැකකරුට එම උණ්ඩ සහිත මැගසීනය ලැබුන ආකාරය සහ කිසියම් අපරාධයක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එන්නේ මහා කුමන්ත්‍රණයකට.. මේක වහාම ලෝකෙට හෙළි කළ යුතුයි. මේවගේ දේවල් කරලා රාජපක්ෂට හා රනිල්ට හොඳට පුරුදුයි.. දැන් දන්නවා ජනතාව පාරට බහින එක... සක්කරයාටවත් නවත්තන්න බැරි බව දන්නවා. මේ හදන්නේ ඒවා එන්න කලින් මර්දනය කරන්න. මේකට ඉඩදෙන්න බැහැ.
මට පෙනෙන විදිහට මෙතන වෙන කතන්දරයක් තියෙනවා.
මේවා පරසිද්ද කලාම බුදුපිලිමෙයි පොත්ටිකයි බාර දෙන්න අර ගොයියා භය වීම පුදුම නැහැ.