
(අංජුල මහික වීරරත්න)
යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
මෙම කමිටුව ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවියගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.
ආගමන විගමන පාලක ජනරාල්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් කමිටුව සමන්විත වේ.
යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා “ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ” (OFERR) ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (05) පැවැති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹිණි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 58,000ක් පමණ මේ වන විට සරණාගතයින් ලෙස රැඳී සිටින අතර එම පිරිස අතරින් 3800ක් පමණ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට සූදානමින් සිටින බවත් එහිදී සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ඇත්තටම පිස්සුද? මේ රටේ දැනට ඉන්න මිනිස්සුන්ටවත් කන්න බොන්න නැතුව යමින් පවතින කාලයක මේ තවත් මිනිස්සු ටිකක් ගෙන්නාගෙන හිඟමනේ යවන්නද හදන්නේ? පිස්සු නැතුව ඒ මිනිස්සුන්ට ඉන්න විදියකට එහෙ ඉන්න අරින්න..
තමිල්නාඩු කාරයන්ව නිකම් පදිංචි කරන්න හදන්නේ.
අහවල් එකකටද ආපසු ගෙන්වා ගන්න හදන්නේ? ඔවුන් ගියේ ඔවුන්ගේ පාරම්පාරික රට ගමට. ඔවුන්ව ගෙන්වාගෙන පිනට කන්න දෙන්නත් එපා අපේ ළමයි මෙරටට ආපසු එන්නෙත් නැහැ.
LTTE එකට නැවත පණ දෙනවා
රාජ්‍ය සේවයෙන් පෙන්ෂන් ගිය පවතින රජයට හිතවත් උදවිය සඳහා වරදාන වරප්‍රසාද දීම සඳහා අතීතයේ සිට කමිටු පත්කර ඇත. එත් ඔවුන් පෞද්ගලිකව ලැබූ ප්‍රතිලාභ අරුණුකොට රටට මෙම කමිටු වලින් වූ යහපතක් නැත. මෙම ක්‍රියාවලිය ද රජය ජනතාවගෙන් විවිධ ක්‍රම මගින් ගන්න බදු මුදල් නාස්තියකි. මොවුන් කවදා මේවා තේරුම් ගනියි ද?