(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවට අද (06) ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන් හෙට (07) දක්වා කල් තැබීමට ආණ්ඩු පක්ෂයට සිදු විය.
න්‍යාය පත්‍රයේ පළමු යෝජනාව ලෙස සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී නැගී සිටි අනුර දිසානායක මන්ත්‍රීවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රශ්න කර සිටියේ බදු බර ජනතාව මත පැටවීම හැරෙන්නට එම තත්වයට රට පත් කළ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වැනි අය සම්බන්ධයෙන් ගෙන තිබෙන තීන්දු කවරේද යන්නය.
මුදල් කාරක සභාවේ සභාපති , සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස අනුමත කරමින් ප්‍රකාශ කළේ මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් කාරක සභාවේද අනුමැතියකින් තොරව බවය.
එමෙන් ම පනතේ අන්තර්ගතව තිබූ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය පමණක් බදු අය කිරීමෙන් නිදහස් කර ඇතැයි කී මන්ත්‍රීවරයා දේපළ වෙළෙඳාම් කරන්නේ දෙල්කඳ පොළට එන සාමාන්‍ය ජනතාව දැයි සභානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පණ ඇති කෙනෙකුට ඉන්නේ ඔච්චරයි..
රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට උත්සාහ කරන්නේ ජනතාව මත බදුබර පැටවීමෙන් පමණක්ද? දැන්වත් රටේ නිෂ්පාදනයන් සහ අපනයනය සම්බන්ධයෙන් උත්සාහ දැරීමක් පෙනෙන්නට නැත. රට මෙවන් තත්ත්වයකට පත්ව ඇත්තේ ජනතාවගේ වැරැදි ක්‍රියා කලාපයන් නිසා නොව රට පාලනය කළවුන්ගේ වැරැදි ක්‍රියාවන් නිසාබව වත්මන් පාලකයින් තේරුම්ගෙන කටයුතු කළයුතු නොවේද?
ෂුවර් එකටම අද ඇඳේ අනිත් පැත්තෙන් බහින්න ඇත්තේ...!
මිනිස්සු බදු ගෙවනවා ,ඒවා හරියට භාවිතා කරනවද කියල තමයි ප්‍රශ්නේ. රජයේ අතිරික්ත සේවකයින් නඩත්තුවට, හොර ඔටී ගෙවන්න වගේ දේවල් වලට තමා අපේ බදු ටික යන්නේ. ඉන්න තරමක් ආණ්ඩු කරේ මිනිස්සු අන්දපු එක, එකෙකුට උවමනාවක් තිබුනේ නැහැ රටේ කාර්මික සංවර්ධනය ඇති කරලා ආදායම උපයන්න.
අනුර හරි. ඊළඟට අරගලය රාජ්‍ය සේවකයන් ගේ වැටුප් වැඩි කිරීමට . හැම දෙයක් ම අඩුම ගානෙ 3ගුණයකින් වැඩි වෙලා. අවම වැටුප් 75000 වත් විය යුතුය . දවස් කුලිය 5000 වෙලා. එනිසා කුලියට වැඩ කරන්න කාටවත් කියන්නේ නැහැ .
ජෙප්පලාට ධන-රින තෝරාගන්න බැරි මානසික විෂාධියක්..?
කොන්ද පණනැති අමන කතාවක්... අපූරු නියාය... ගොඩගන්න පිටරටවල්වල වැඩකරන සෑම කෙනෙකුගෙන්ම... ඩොලර් 500ක් ගෙන්වා ගැනීම.. මේ වගේ මැටිමෝල් කතාවලට කොහෙන්ද හලෝ හිනාවෙන්නේ...?