(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමන්ට මැතිසබයේ අදහස් දැක්වීමට කාලය වෙන්කර දෙන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෑතකදී අසුන්ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13 දෙනා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ(6) පෙරවරුවේ හමුවී ඉල්ලීමක් කළහ.
මන්ත්‍රීවරුන් හෙයින් තමන්ටද පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය තිබිය යුතු බව එම මන්ත්‍රීවරුන් පිරිස
එහිදී කතානායකවරයාට පෙන්වාදී ඇත.
මේ සම්බන්ධයෙන් අප එම මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරයකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කතානායකවරයා තම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පිළිගත් බවයි.
තම කණ්ඩායමට වෙනම කාලයක් වෙන් කර දීමට කටයුතු කරන බව කතානායකවරයා එහිදී දැනුම් දුන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම මන්ත්‍රීවරුන් දහ තුන් දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේ පසුගිය 29 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd