IMG-LOGO

ජනපතිගේ යෝජනාවකට කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී)

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත ඒකකයක් ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමට නියමිතය.

රජය සතු වානිජ ව්‍යාපාරයන්හි කාර්යසාධනය දීර්ඝ කාලයක් තිස්සේ සතුටුදායක තත්වයක නොපවතින අතර, ඇතැම් ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබමින් පැවතීම හේතුවෙන් මහාභාණ්ඩාගාරය වෙත දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත්, එවැනි ව්‍යාපාර කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

ඒ අනුව මහා භාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවම කරගැනීම සඳහා වන ක්‍රම හඳුනාගැනීමත්, රජය සතු ව්‍යවසායන්හි සමස්ත කාර්ය සාධනය වැඩිකිරීමත් අරමුණු කරගනිමින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මගපෙන්වීම සහ සහයවීම සඳහා මෙම ඒකකය පිහිටුවන බව ද එහි සඳහන්ය.

එමෙන්ම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

 



අදහස් (0)

ජනපතිගේ යෝජනාවකට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site