(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ පොලිස් කාන්තා තනිකඩ නිවස්නයේ තිබී අතුරුදන් වූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් මාලය සහ මුදු දෙක එහි කිසියම් ස්ථානයක තිබී හමුවී ඇතැයි  පොලිසිය පවසයි.

පොලිස් නිලධාරිනියකට අයිති මෙම රන් මාලය සහ මුදු දෙක පසුගියදා අතුරුදන්ව තිබුණේ  ඇයට අයත් ලාච්චුවක තිබියදීය.

මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය වැලිකඩ  පොලිසියට පසුගියදා පැමිණිල්ලක් කළාය.

ඒ අනුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ  පොලිසිය කාන්තා නිල නිවාසයේ  පොලිස් නිලධාරිනියන්  නව දෙනකු  කැඳවා ඒ සම්බන්ධයෙන්  ප්‍රකාශ   සටහන් කරගනු ලැබිණ.

මාලය සහ මුදු දෙක නැවත හමුවී ඇත්තේ ඒ පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුවය.

ඒ අනුව වැලිකඩ පොලීසිය එම පරීක්ෂණය අවසන් කර ඇත.