
(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලූනු කිලෝවක් සඳහා රුපියල් 80 -140ත් අතර මුදලක් ලැබීම කිසිසේත්ම සෑහිමකට පත්විය නොහැකි බව ලොකු ලූනු ගොවීහු චෝදනා කරති.
දඹුල්ල , සීගිරිය ,දේවහුව ,ගල්කිරියාගම ,පුබ්බෝගම, ආදී ගොවිජන සේවා බල ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ ඇතැයි ද ඔවුහු කියති.
එම අස්වනු වෙළඳපොලට ලැබීම්ත් සමඟ දේශීය ලොකුළූණු කිලෝවක උපරිම තොග මිල ගැණුම් මිල රුපියල් 80 සිට 140 දක්වා පහතවැටී ඇතැයි ගොවීහු පෙන්වාදෙති.
විශාල පිරිවැයක් මෙවර ලොකු ලූණු වගාව සඳහා ගොවීන් වියදම් කළ ද එතරම් සාර්ථක අස්වැන්නක් නොලැබීම නිසා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බව දේශීය ලොකු ලූනු ගොවීන් පවසති.
විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු වෙළඳපලේ විශාල වශයෙන් පවතින බවත් ඉතාමත් අනර්ග තත්වයේ පවතින දේශීය ලොකුලූනු සඳහා රුපියල් 130 ක 140 ක මිලක් ලැබුණත් එවැනි ගුණාත්මක ලූනු ඉතා අඩු ප්‍රමාණයක් ලැබෙන නිසා තමන්ගේ නිෂ්පාදන කොටස් කිරීමේදී ලැබෙන්නේ කිලෝවකට රුපියල් 50 ත් 60 ත් අතර මිලකට බව ඔවුහු පෙන්වා දෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය දේ අගය කරන අපිට ලංකාවෙ ලොකු ළූණු ගැන හරිම දුකයි. මොකද කිව්වොත් ලංකාවේ ලොකු ළූණු අස්වැන්න නෙලන්නේ ගස් වියළීමට පෙර... ඉතින් මේ ළූණු තියාගන්න පුළුවන් වෙන්නේ ඉතාමත් කෙටි දින ගණනක් පමණයි. නරක්වෙන ලොකු ළූණු, මිලට ගන්න පාරිභෝගිකයින් අකමැතියි. මේකට විසඳුමක් සොයනවා නම් වටිනවා. බලන්න රටින් ගේන ලොකු ළූණු මෙහෙම කුණුවෙන්නෙ නැහැ. ලංකාවේ අර්තාපල් රුපියල් 400ක් වෙනවා. රටින් ගේන ඒවා 250යි. නමුත් අපි ගන්නේ ලංකාවේ අල. මොකද ඒවා රසයි.
අපට ඇති ප්‍රධානතම ප්‍රශ්නය, ආහාර නිෂ්පාදනය නොව, ආහාර නිසි ලෙස ගබඩා කිරීම සහ බෙදාහැරීමය. අතරමැදියා බලන්නේ නිතරම අයුතු ලාබයක් ලබන්න.
දේශීය ගොවිගේ මිල / ලාබයක් වෙනුවෙන් වගා කෙරුණු දේශීය ලොකු ලූනු / පොඩි ලූනු අස්වැන්න නෙලීම පෙර විදේශයෙන් ලූනු ගෙන්වීම නතර කලයුතුවේ.