ගල් කාල “ගල්” කරන්න ගිහින් රෙදි ගලවලා පෙරේත තටුව තියන්නත් කලින් තටුවට තියන්න ගෙනා ගල් කාල ගල් කළ පුවතක් කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. මාමණ්ඩිය මියගිය දා සිටම ලේලිය ඇතුළු ඔවුන්ගේ නිවසේ අමුතු අමුතු දේ සිදුවිය. මේ නිසා ඇය සිටියේ දැඩි බියකිනි. රෑට රෑට නිවසේ ජනෙල් පැත්තෙන් කෙනෙක් ඇවිදන ශබ්ද ආවේය. නිවස පුරාම දුර්ගන්ධය ඒ මදිවටය. ඇතැම් දිනවල බත් මුට්ටියේ කූඹිය. නරක සිහින ඇයට නිතරම පෙනුනේය. ගෙදර අඬදබර ඕසෙටය. 08 May 2026
ඇද හොයන්න ගිහින් දර ළිපට බහින්න වෙලා බිරියගේ කන්දොස්කිරියාවෙන් මිදෙන්නට සැමියා ගෙනා අලුත් ගෑස් ළිප කෝපයට පත් බිරිය කුඩු පට්ටම් කිරීම හේතුවෙන් නිවැසියන්ට දර ළිපෙන් ඉහුම් පිහුම් කරන්නට සිදු වු පුවතක් ඇතුගල්පුරවරයෙන් අපිට අසන්නට ලැබුණි. 07 May 2026
සැමියා මතින් බේරාගන්න ගිහින් අලි අමාරුවක මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් තරුණ සැමියා බේරාගන්න යෙදූ උපායෙන් සැමියා වෙනත් ලොකු ඇබ්බැහියකට පත් වී ලොකු අමාරුවක වැටුණු තරුණ භාර්යාවක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. විවාහ වූයේ දැන හැඳිනගෙනය. වැඩි දවසක් ගත නොවීය. තරුණ සැමියා මත්කුඩු භාවිත කරන බවට මේ තරුණ භාර්යාවට වටින් ගොඩින් ආරංචි විය. එයින් ඇය කලබලයටත් පුදුමයටත් පත් වූවාය. ඒ සම්බන්ධයෙන් ඇය හොඳ සෝදිසියෙන් සිටියාය. කතාව සහමුලින්ම ඇත්තය. එහි හෝදන්න දෙයක් තිබුණේම නැත. එබැවින් ඇය ඒ වෙනුවෙන 06 May 2026
අනංගයාට අමතක නොවන තෑග්ගක් තරුණ කාන්තාවක විසින් අනංග ප්‍රේම කුරුල්ලකුට අමතක නොවන තෑග්ගක් දුන් අපුරූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 05 May 2026
සටන් පාඨ කියද්දී දත් දෙකත් බිම වැටිලා මෙවර මැයි දිනයට සහභාගි වීමට අගනුවර බලාගිය පුද්ගලයකුට පෙළපාළියේදී සටන්පාඨ කියන්නට ගොස් දත් කුට්ටම අහිමි වී රුපියල් දොළොස් දාහක පමණ පාඩුවක්ද සිදුවී සමාජයට මුහුණ දීගත නොහැකි මහත් අකරතැබ්බයකට මුහුණ දුන් පුවතක් ගැන දකුණු පළාතේ ගමකින් පසුගියදා වාර්තා විය. 04 May 2026
පවුලේ බක්මහ උළෙලෙනුත් ගසා කාලා අලුත් අවුරුද්දට අත දිගහැර වියදම් කළ මුදලම නොවුණත් ඊට කිට්ටුවෙන් යන මුදලක්වත් මුදල් පසුම්බියට දාගන්න සිතාගෙන අපූරු අවුරුදු උත්සවයක් සංවිධානය කළ අපූරු හාදයකු පිළිබඳ අලුත් කතාවක් අලුත්වල නගරයෙන් අසන්නට ලැබේ. 01 May 2026
අනංග පාට් දාන්න ගිහින් අමාරුවේ වැටිලා රූමත් ලලනාවක සමග ඉතා සූක්ෂම ලෙස අදහස් හුවමාරු කර ගනිමින් සිටි තරුණයකුට බස් රථයක් තුළ ඔහු දරුවන් සිටින පියකු බව ඒත්තු ගැන්වූ අපූරු පුවතක් ශ්‍රී පුර සිට අනුරාධපුර දක්වා දිවෙන බස් රථයක් තුළදී දැනගන්නට ලැබුණි. එම කතාව මෙසේය. 30 April 2026
අවුරුදු කන්න අමුතු තාලේ ණයක් දීලා කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත මෙවර අලුත් අවුරුද්ද කන්න අලුත් විදිහකට ණයක් දුන්නු අලුත් කෙනකු පිළිබඳව අලුත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. පොලී කිරීම රැකියාවම නොවේ. එය පාට්ටයිම් එකකි. ඔහුට යමක් කමක් කළ හැකි ගජ මිතුරෙකි. මේ ගජ මිතුරාට සොහොයුරියකි. මේ තුන්දෙනාම එකම ගමේය. ගජ මිතුරා සමග තරම් නොවුණත් ඔහුගේ නැගණිය සමග ද ඔහු ඇසුරු කළේය. ඇය එදාවේල පිරිමසා ගත්තේ ඉතා අපහසුවෙනි. ඔහු ගජ මිතුරාගෙන් ඉඳහිට අතමාරු අරගෙන ඒවා පොලියට දුන් අවස්ථා නැත 29 April 2026
දඩමස් පාටියෙන් පටි රෝල් වෙලා සිංහල අලුත් අවුරුද්දට ආයතන ප්‍රධානියා සතුටු කිරීම සඳහා වල් ඌරු මස් සංග්‍රහයක් පවත්වා අන්තිමටම සවුත්තු වී ගිය සේවකයකු පිළිබඳ රජරට ප්‍රදේශයෙන් දැනගන්නට ලැබුණේය. කතාව මෙසේය. 28 April 2026
ආඩපාලි කියන්න ගිහින් දතකට පූට්ටු වෙලා සැප සම්පත්වලින් ප්‍රයෝජන නොගන්නේ ඇයි දැයි අසන්නට ගිය ආයතනයේ සේවිකාවන් පිරිසකට සේවිකාවක ක්‍රියාවෙන් පෙන්නා දුන් උත්තරයෙන් ඔවුන්ගේ දත කට පූට්ටු වූ පුවතක් ඇතුගල්පුරවරයට අයත් නගර සීමාවක ගමකින් අසන්නට ලැබුණි. එළඹුණු අවුරුදු නිමිත්තෙන් ආයතනයට ලද නිවාඩුව නිසා එහි සේවිකාවෝ පිරිසක් තම හිතවතියකගේ නිවසට පැමිණිය හ. 27 April 2026
බයිසිකළය බූරු පොළට පුදා සීනුවෙන් ලියුම් බෙදලා දකුණු පළාතට අයත් එක්තරා ගමක සිදු වූ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙන ලියන ලද්දකි. ජංගම දුරකතනයක් සිහිනයකින්වත් දැක නොතිබුණු එම වකවානුවේ පණිවුඩ හුවමාරුව සිදුවූයේ ලියුම් මාර්ගයෙනි. හදිසි දැනුම්දීමක් ලබාදුන්නේ විදුලි පණිවුඩ එහෙමත් නැත්නම් ටෙලිග්‍රෑම් හරහාය. මෙම පණිවුඩ ලබාදෙන තැනැත්තා තැපැල් පියුං මහතා විය. පියුං රාළහාමි කිව්වේ ද ඔහුටය. හෙතෙම ගමන් කළේ පාපැදියෙනි. එහි සවිකර තිබෙන සීනුව එහෙමත් නැත්නම් බෙල් එක මගින් පණිවුඩය ලබන්නා ළඟට කැඳවාගෙන පණිවු 25 April 2026
බීලා ගද නැතිකරගන්න ගිහින් රෝහලෙත් ලගී අවුරුදු පාටියකට ගොස් සප්පායම් වූ පුද්ගලයකු මුඛයෙන් වහනය වන ගඳ මකා ගැනීම සඳහා මිතුරෙකුගේ උපදෙස් මත බුලත් විටක් කෑම නිසා මහත් අකරතැබ්බකට මුහුණ දුන් පුවතක් ගැන දකුණු පළාතේ අගනගරයෙන් පසුගියදා වාර්තා විය. හෙතෙම පෞද්ගලික ආයතනයක රැකියාව කළ මෑතකදී විවාහ වූ අයෙකි. තනිකඩ අවදියේ මත්පැන් සාදවලට සහභාගී වුවද විවාහයෙන් පසු ඒවාට සහභාගිවීම බිරිඳ විසින් තහනම් කර තිබුණි. සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් තම මිතුරු කණ්ඩායම විසින් වාර්ෂිකව පවත්වාගෙන ආ සාදය මෙව 25 April 2026
දෙකෙ ලාබෙ බලන්න ගිහින් 400 කට තට්ටු වෙයි බිත්තරයකින් රුපියල් දෙකක ලාභයක් සොයාගිය පුද්ගලයකුට රුපියල් 400 ක්ම අහිමි කර ගැනීමට සිදුවීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. දැන ගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේයි. ගෙවී ගිය උත්සව කාලයේ නිවෙස්වල ආහාර සකස් කිරීමටත් විවිධ රසකැවිලි සකස් කිරීම සඳහාත් බිත්තර භාවිතා කරනු ලබයි. අපගේ මේ කතානායකගේ බිරිඳ ද උදෙන්ම ඔහුට කීවේ කඩයට ගොස් බිත්තර දහයක් ගෙන එන ලෙසයි. වැඩි ලෝභකමක් දක්වන ඔහු එදින නගරයටද යාමට ඇති බැවින් නිවස අසල වෙළඳසලේ බිත්තර මිල 25 April 2026
හොරේ අල්ලන්න ගිහින් පිළීරුවකට තඩි බාලා සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන තම ගෙවත්ත අලංකාර කිරීම සඳහා තම පුතු විසින් ගෙනවිත් සවිකර තිබූ ප්‍රතිමාවකට පහරදී තුවාල සිදුවීමෙන් රෝහල් ගත කෙරුණු පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. හෙතෙම නිවසේ සිට දුර බැහැර ප්‍රදේශයක කාර්යාලයක සේවය කරන පුද්ගලයෙකි. ඔහු විවාහකයකු වන අතර, එකම පුතු 18 හැවිරිදි වියේ පසුවිය. හෙතෙම තම ගෙවත්ත අලංකාර අන්දමින් පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් දැක්වූ අතර මවගෙන්ද ඊට නොමද සහයක් ලැබිණි. මෙම මවද වයසට වඩා ළාබාල පෙ 25 April 2026
හාමුදුරුවෝ වඩම්මන්න ගිහින් ගමේ තිත්පොලෙන් පදමට ගහලා සිය පියාගේ හත් දවසේ දානමය පින්කම පැවැත්වෙන දිනට පෙරදින පැවැත්වෙන ධර්ම දේශනාව සඳහා පන්සලේ ලොකු හාමුදුරුවන් වැඩම කරවන්නට ගිය මියගිය අයගේ වැඩිමහල් දරුවා හාමුදුරුවන් වැඩම කරවීම පසෙක තබා ගමේ තිප්පොළට ගොස් පදමට ගැසීම නිසා බණ ඇසීමට පැමිණි ගමේ හිතවතුන් මෙන්ම පවුලේ ඥාතීන්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ද මහත් අපහසුතාවට පත් වූ බව කියවෙන පුවතකි. සිද්ධිය මෙසේය. ඔහු මත්පැනට ගිජු වූවෙකි. කුමන කටයුත්තක් කරන්නට ගියද මත්පැන් ඉස්සර කරගත්තේය. පසුගිය දිනක මොහුගේ පවුලේ 25 April 2026
අඹ යාලුවෝ ඇරගෙන රහසේ සාදය හබක් සිංහල අලුත් අවුරුද්ද දා රාත්‍රියේ රහසිගතව පැවැත්වීමට යොදාගත් සාදයක් අන්තිමටම සවුත්තු වී මිතුරන් දෙදෙනා විරසකව විසිර ගිය පුවතක් රජරට පළාතේ ගමකින් දැනගන්නට ලැබුණි. අඹ යහළුවන් දෙදෙනෙක් මෙවර අවුරුද්දට සාදයක් පැවැත්වීමට කටයුතු සූදානම් කළහ. එහෙත් එම සාදය පැවැත්වීමට ‘පරහක්’ තිබුණේ ඔවුන් දෙදෙනාගේ තවත් මිතුරකු නිසාය. එම මිතුරා නිතරම අනුන්ගෙන් යැපෙන පිනට අඩි ගසන්නෙකි. මිතුරන් දෙදෙනා සාදය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණ නිවස පිහිටා තිබුණේ මේ පිනට ගිල 25 April 2026
දෑවැදි ඉල්ලන්න ගිහින් අලි අමාරුවක වැටිලා හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික් බිරිඳගේ නැගණිය විවාහ වන අවස්ථාවේ ඇයට ලබා දෙන දෑවැදි ප්‍රමාණයම තමන්ටත් ලබා දෙන මෙන් ඉල්ලූ සැමියාට නිවසින් යන්න වීමේ සිදුවීමක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක සිදුව තිබේ. කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වන මෙම සිදුවීම සැකෙවින් මෙසේය. ඔහු මෙයට වසර කිහිපයකට පෙර විවාහ වුයේ රූමත් තරුණියක සමඟයි. ඔහු විවාහ වන අවස්ථාවේ දෑවැදි ලෙස ඔහුට රන් ආභරණ, ගෘහ උපකරණ ඇතුළු දේපළ හිමි විය. මෙලෙස කාලය ගත වූ අතර ඔහු විවාහ වී ව 24 April 2026
පරණ පෙම්වතියට කිරි කවන්න ගිහින් ගුටි කාලා සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක දී කණාට කිරි කැවීමේ තරගයක දී පළමු පෙම්වතිය ලවා කිරි කවාගෙන ඇතැයි කියන අපූරු එක් දරු තරුණ පියකු පිළිබඳ පුවතක් සබරගමුව පළාතේ නගරයක පැවැති අවුරුදු උත්සවයක දී වාර්තා වෙයි. 23 April 2026
මාමණ්ඩිට මළ පැන බෑනාගේ වහල ගලෝගෙන කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත සිය දුව වෙනුවෙන් මාමණ්ඩිය ලබා දුන් පරිත්‍යාගය ආපසු ගැනීමෙන් අලි අමාරුවක වැටුණු බෑනා කෙනකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. මේ බෑනනුවන් හරි හම්බ කළ දෙයින් ඉඩමක් මිලයට ගෙන පොඩියට නිවෙසක් ඉදිකළේය. උයා පිහා ගත්තේ නිවෙස පිටුපස තාවකාලිකව සකසා ගත් මඩුවකය. වර්ෂා කාලයේදී එහි ඉවුම් පිහුම් කිරීම බොරුය. ඒ, එම මඩුවේ නොතෙමෙන තැන්වලට වඩා තෙමෙන තැන් වැඩි නිසාය. මේ නිසාම මේ බෑනනුවන්ට සිය නිවෙස සඳහා මුළුතැන්ගෙයක අවශ 22 April 2026
මුදලාලිගේ පම්පෝරියෙන් බඩගින්නේ ඉන්න වෙලා මුදලාලිගේ හොඳම ගනුදෙනුකරුවා ඇතුළු පවුලේ උදවියට අවුරුදු දා කුසගින්නේ නිදන්නට සිදුවූ පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබුණි. එය තොග හා සිල්ලර වෙළෙඳාම නිසා ප්‍රදේශය පුරා නමක් දිනා ඇති වෙළෙඳසලකි. මුදලට හා ණයට පවා ගනුදෙනු සිදුවේ. මෙම සිද්ධියට මුල් වූ කතානායක ද රාජ්‍ය සේවාවේ නියැලෙන අයෙකි. හෙතෙම මෙම වෙළෙඳසලෙන් නිවෙසට අවැසි සියල්ල ණයට ගෙන මාසික වැටුපෙන් සියලු ණය තුරුස් පියවන්නේය. 21 April 2026
සුද්දිව අල්ලන්න ගිහින් අලි අමාරුවක අලුත් අවුරුදු දා අලුත් අමුත්තන් පිරිසක් සහභාගීවූ අවුරුදු උත්සවයක් නැරඹීමට ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව කතාවක් සංචාරක ව්‍යාපාරයට ප්‍රසිද්ධ ගාලු දිසාවේ වෙරළ තීරයකින් අසන්නට ලැබේ. මේ අලුත් අවුරුදු උත්සවය සංවිධානය කළේ සංචාරක ව්‍යාපාරයේ නිරතවූ පිරිසක් විසිනි. එය පැවැතියේ වැල්ලේය. සහභාගීවූයේ තනිකරම විදෙස් සංචාරකයන්ය. අමු හිංහලෙන් කියතොත් සුද්දො, සුද්දියන්ය. මේ අවුරුදු උත්සවයට සහභාගීවූ සුද්දන් සුද්දියන්ගෙන් වැඩි හරියක්ම උඩුකය සහ යටිකය වසාගෙන 20 April 2026
තාත්තගේ ඔම්ලට් එකෙන් දූගේ පටිරෝල් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන සිය දියණියට බිත්තර ඔම්ලට් එකක් සාදා ගන්නා අයුරු දුරකතනයෙන් කියාදී ඔම්ලට් එකක් මෙන් පවුලේ සැමගෙන් බැනුම් අහන්න සිදුවූ අයකු පිළිබඳව කතාවක් වතුගෙදරින් අසන්නට ලැබේ. දියණියන් දෙදෙනකුගේ පියකුවූ හේ රජයේ විශ්රාමිකයෙකි. දූලා දෙන්නගෙන් එක් අයකු රටය. අනෙකා මෙරටය. රට ඉන්න දෝණියැන්දා ඕස්ට්‍රේලියාවේය. ඒ වැඩිදුර උසස් අධ්‍යාපනය හැදෑරීමටය. ඇයගෙන් මේ ඊයේ පෙරේදා දවසක පස්වරුවේදී නිවසට දුරකතන ඇමතුමක් ආවාය. ඒ මවටය. එහෙත් මව නිවසේ 10 April 2026
දිමි “කෙම’’ අවුල් වී බැටකාලා වේදිකා සැරසිල්ලක් සඳහා වල් සූරියකාන්ත මල් නෙළීමට ගිය පුද්ගලයකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. හෙතෙම විශ්‍රාමිකයකු වන අතර, විශ්‍රාමිකයන්ගේ සංගමයේද කාරක සභිකයෙකි. හේ උපන් ගෙයිම පණ්ඩිතයෙකි. කිසිවකුගේ කිසිම අදහසක් මායිම් නොකරන ඔහු තමාගේ තීරණය සීයට දාහක්ම නිවැරැදි යැයි විශ්වාස කරන අයෙකි. 09 April 2026
උපහාරයෙන් අන්දා ගාන කඩාගෙන පනස් වාරයක් සිය රුධිරය දන් දුන් රුධිර පරිත්‍යාගශීලියාට ලබා දීමට ගිය අපූරු උපහාරයක් පිළිබඳව අපූරු කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ. හේ සිය රුධිරය දන් දෙන්නේ අද ඊයේ නම් නොවේ. වසර විසිපහක, තිහක කාලයක සිටම හේ තමන්ගේ රුධිරය දන් දුන්නේය. ඒ, අනෙකක් බලාපොරොත්තුවෙන් නොව හුදෙක්ම පින් සලකාය. තවත් කාලයක් ඔහුට රුධිරය දන් දීමට හැකියාව තිබේ. 08 April 2026
මිනිපිරිය කැම්පස් පාස්වුණාම කිරිඅම්මා දෙස් දෙවොල් තියලා හාපුරා කියා මුලින්ම දුටු මිනිපිරිය සරසවි වරම් ලැබු පුවතට සතුටුවීම පසෙක තබා දෙස් දොවොල් තබමින් කිරි අම්මකු හඬා වැටුණු සිද්ධියක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි. පවුලේ එකම තරුණ පුතු කලක සිට ගමේ පදිංචිව සිටින තරුණ දියණියක සමඟ පෙම් සබඳතාවක් ගොඩනගා තිබුණි. එයට ඔහුගේ පාර්ශවයෙන් දැඩි විරෝධතා එල්ල විය. එය තඹ දොයිත්තුවකට මායිම් නොකළ ඔහු තනි අභිමතයට ඇය විවාහ කරගෙන ඇයගේ මුල් නිවසේ බින්න බැස්සේය. 07 April 2026
මළගෙදර ස්තුති කතාවේ මැණික් මුදලාලි පුම්බලා පියාගේ අවමංගල්‍ය උත්සවය අවසානයේදී පවුලේ අය වෙනුවෙන් සිදුකළ ස්තූති කතාවේදි පුතා විසින් වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය කිරීමේ අපූරු සිද්ධියක් රක්වානේ එක්තරා ගම්මානයකින් පසුගියදා වාර්තා විය. මියගිය පුද්ගලයාගේ පුතා රැකියාව ලෙස මැණික් ගැරීම කරගෙන ගියේය. ඔහුගේ පියා වයස්ගත අයෙකි. ඔහු හදිසියේම පසුගියදා මිය ගියේය. මියගිය පියාගේ අවසන් කටයුතු පුතාගේ කරපිට පැටවුණි. ඔහුට එය තනියෙන් සිදු කරගැනීමට තරම් මුල්‍යමය හැකියාවක් නොවීය. ඒ නිසා ඔහු ප්‍රදේශයේ මැණික් විකුණන සුළු 06 April 2026
රෝහල ළග ඉදන් සුව සැරියට කෝල් කරලා රෝහල පාමුල නිවසක පිහිටි අයකු ප්‍රතිකාර ගැනීමට රෝහලට සුවසැරියෙන් පැමිණි අපූරු කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබුණේය. මැදිවියේ පසුවන ඔහුගේ නිවස පිහිටියේ රෝහල පේන දුරිනි. නැතහොත් රෝහල පිහිටි කුඩා කන්දට පාමුලය. රෝහලේ සිට ඔහුගේ නිවසට ඇති දුර මිටර් එකසීය පනහක් දෙසීයක් නැති තරම්ය. රෝහලට යන එන අයට ප්‍රවාහන පහසුකම් සැපයීමේ අරමුණින් ඇති කුලී ත්‍රීරෝද රථ ගාල පිහිටියේ ද ඔහුගේ නිවස ඉදිරිපිටය. මේ තැනැත්තාට හදිසි පපුවේ වේදනාවක් හට ගත්තේය. රෝහලට යාමේ අවශ්‍යතාව ත 04 April 2026
භූතයා එලවන්න ඇවිත් රන්බඩුත් අරන් මාරු වෙලා නිවසේ ඇති භූත දෝෂ ඉවත් කර ගැනීමට ගිය නිවැසියෙකු හට ඔවුන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ ගණනක රන් ආභරණ හා මුදල් අහිමි වීමේ සිදුවීමක් උඩරට වතුකරයේ තලවකැලේ හා ලිඳුල නගරයට මැදිව පිහිටි ප්‍රසිද්ධ තේ නිපදවන වතුයායකින් වාර්තා විය. උඩරට වතුකරයේ හින්දු වැසියන් ආගමික කටයුතු, පුද පූජා හා විවිධ ඇදහිලි ඉතාමත් භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව සිදු කරනු ලබන පිරිසකි. මෙම සිදුවීමට හේතු පාදක වූ වතුයායේ නිවසට ඉන්දියාවෙන් පැමිණි යයි කියනු ලබන පූසාරියකු ලෙස ඇඳ පැලැඳ සිටි 04 April 2026
කිව්.ආර් අහද්දී ගෙදර උන්දැ පටලවාගෙන ඉන්ධන අර්බුදය නිසා තම යතුරු පැදියට පැට්‍රෝල් ගැනීමට අපේක්ෂාවෙන් රජරට ඈත ගමක ගොවියෙක් නගරයට ගියේ ය. ඉන්ධන හලකට ගිය ඔහුට පෝලිමේ සිටීමට සිදුවිය. පැයකට හමාරකට වැඩි කාලයක් පෝලිමේ සිටියත් ඔහුට පැට්‍රෝල් ලබා ගැනීම අසීරු විය. 04 April 2026
කිව්.ආර් පත්‍රිකාවෙන් අත පිහදා ජංජාලයයි පවතින තෙල් අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීමට ලැමිනේටින් කරන්නට ආයතනයේ නිලධාරිනියකට යැවු කිව්.ආර්. පත්‍රිකා මත්පැන් සාජ්ජයකට අත පිසින්නට ඇයගේ සැමියා භාවිත කළ පුවතක් වැව්බැඳි පුරවරයට අයත් මහවැලි ජනපද ගමකින් අසන්නට ලැබුණි. නවීන වර්ගයේ ජංගම දුරකතනවලින් කිව්.ආර්. පත ඉන්ධන පිරවුම්හල් වෙතට ගොස් ස්කෑන් කර ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇතත් අති දුෂ්කර පෙදෙස්වලට අන්තර් ජාලා පහසුකම් නොමැති හෙයින් එසේ කිරීමට නොහැකිව ගැටලු මතුවෙන අවස්ථා ඇත. මේ නිසා ඇතැම් අය අවැසි කි 04 April 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026