ත්‍රිරෝද රථයක ගිය කුකුළු ජෝඩුවක් ආපසු ගෙන එන අතරේ කිකිළිය තනිකර දැමූ කුකුළා මගින් බැසගිය සිද්ධියක් හිඟුරාණ ප්‍රදේශයේ සහල් මෝලකින් වාර්තා වේ.
එම සහල් මෝලේ ඇති කළ කුකුළු රංචුවක සිටි එක් කුකුළෙකු වී කොටාගෙන යාමට එන ත්‍රිරෝද රථ නතර කළ විට කිකිළියන් කැඳවාගෙන විත් ඒවාට නැග පිටුපස අසුන ළඟ රැඳී සිටින්නට පුරුදු වී සිටි බව කියති.
ඒ අනුව පසුගිය දිනක වී කොටාගෙන යෑමට ත්‍රිරෝද රථයකින් පැමිණි අයකුට ඔහු ගෙනා වී උර දෙකක් සහල් මෝලට භාර දී මඳ වෙලාවකට පසුව වෙනත් කුලී ගමනක් ගොස් එන බව කියා පිටව ගොස් ඇත.
ත්‍රිරෝද රථය ටික දුරක් ගමන් කරද්දී පිටුපස අසුන ළඟ කුකුළු ජෝඩුවක් සිටිනු දුටු රියදුරා ඔවුන් සහල් මෝල හිමිකාරයන්ට භාරදීම සඳහා ආපසු පැමිණ සිද්ධිය සැලකර සිටියේය.
එවිට ‘‘අයිතිකරු කෝ ඉතින් මේ කිකිළි එක්ක ගිය කුකුළා”යැයි ප්‍රශ්න කළේය.
‘‘ජෝඩුවම ඉන්නවා දැකල තමයි මම ආපහු ආවේ.. මම හිතන්නේ කුකුළා අතරමගින් පැනල ගිහින්” යැයි රියදුරා කීය.
‘‘කොයි වෙලාවෙත් කිකිළියන් කැන්ඳාගෙන ඇවිත් මෙතන නතර කරන ත්‍රීරෝදරථවලට ගොඩවෙලා ‘කුටු කුටු’ ගාමින් ඉන්නවා..පව් අප්පා මේ කුකුළා” යයි අයිතිකරු පැවසීය.
‘‘මුදලාලි මහා එපා කරපු කුකුළෙක් මූ මගින් බැහැලා ගිය එකමයි හොඳ .... මම තව ටිකකින් එන්නම් හාල් කෑල්ල ගෙනියන්න කියා ත්‍රිරෝද රථ රියදුරු එතනින් මාරු වී ඇත.
අතුරුදන් වූ කුකුළාට සිදුවූ දේ ගැන කිසිවක් හිතාගත නොහැකි වූ අයිතිකරු ඒ පිළිබඳ කිසිදු ආරංචියක් දැනගන්නට ලැබී නැති බව ද පවසයි.
හිඟුරාණ නවරත්න සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd