“කපු අලියා” දීගෙ බේරලා
කැඩෙන්න ගිය කසාදයක් යළි එකතු කිරීමට වන අලියකු මැදිහත් වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්රදේශයේ ගමකින් අසන්නට ලැබුණි.
මෙම අඹුසැමි යුවළ සමගියෙන් සාමයෙන් සතුටින් එක සතියක් ජීවත් වුවහොත් කෙහෙවලු පටලා ගනිමින්, පරුෂ වචනයෙන් බැණ ගනිමින්, රණ්ඩු සරුවල් වෙමින් අඩුම ගානේ සති දෙකක්වත් කල්ගත කරති.
අප මේ කියන දවසේ ඔවුහු දෙදෙනා ගිනි ඇවිළී සිටියෝය. මක් නිසාද යත්, කුමක් හෝ කුඩා කාරණාවකට ඔවුහු දෙදෙනා හොඳ හැටි බඩ කට පුරා බැණ ගනිමින් ගුටිබැට හුවමාරු කර ගනිමින් එදින සැන්