සින්දු අවුල අස්සේ මගුල් ගෙදර කෑම වාෂ්ප වෙලා
තම දියණියගේ විවාහ මංගල දින දා බීමතින් මත් වී විකාර කරද්දී සියල්ලගේ අවධානයෙන් මිදී තිබූ මංගල කෑම මේසයේ තිබූ කෑම පාර්සල් කර මංගල නිවසින් පිට කෙරූ මවක සහ පුතකු පිළිබඳ පුවතක් කෑගල්ලට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය. ගම්මානයේ පිළිගත් පවුලකි. දියණියන් තිදෙනා , මව සහ පියා ය. වැඩිමාලු දියණියන් දෙදෙනා විවාහක ය. ඔවුහු දෙදෙනා සිය සැමියන්ගේ පවුල් සමඟ වාසය කරති. නිවසේ මව , පියා සහ බාල දියණිය වාසය කරති.
විවාහ යෝජනාවක් විත් මනමාල පාර්ශව