(පද්මසිරි ගාර්දියවසම්) 

හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කර නවතා තිබූ මෝටර් රථ අංගනයට අකුණු සැර වැදීමෙන් එහි නවතා තිබූ මෝටර් රථ එකළොහකට පමණ අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.

හම්බන්තොට ප්‍රදේශයට ඇද වැටුණු අධික වර්ෂාවත් සමඟ  මෙම අකුණු සැර වැදී ඇත .

අකුණු සැර හේතුවෙන් වාහන අංගනයේ ගින්නක් හටගෙන ඇති අතර වරාය ගිණිනිවන ඒකකය මැදිහත්ව ගින්න නිවාදමා ඇත .

හම්බන්තොට වරාය පොලිසිය සිද්ධිය ගැන විමර්ශන සිදු කරයි.