කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
අප්පට විරුද්ධව පුතා පොලිසියේ දැමූ අපූරු පැමිණිල්ලක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
අප්ප පුතාලා නයිමුගටිමෙන් ය. ඔවුහු වෛරක්කාරයෝය. ඒ විවාහයෙන් පසුවය. ඇඹේණිය මේ නිවසට පැමිණි දා සිටය. ඇඹේනිය අර ඇන්දේ පියා මේ නිවසින් එළවා දැමීමටය. එහෙත් අප්පා මේ නිවසින් පොඩියක්වත් හෙල්ලුනේ නැත්තේ නිවස ඔහුගේ නමට තිබූ බැවිනි.
මේ නිසා ලේලිය සිය ස්වාමියා කෙරෙහි ඔහුගේ පියා සමග තිබූ බන්ධනය කැඩුවාය. ඒ ඉතා හොර රහසේය. හෙමිහිට හෙමිටය. සූක්ෂමවය. සැමියාට නොදැනෙන්නය. වැඩේ සාර්ථකය. පුතාට තාත්තා පෙන්නන්න බැරිය. තාත්තටත් එසේමය.
මේ මෑතකදී තාත්තා සොයා ගෙන හදිසියේම පොලිසිය පැමිණියේය. තාත්තා පුදුමවිය. ඊටත් වඩා ඔහු පුදුමවූයේ තමාට විරුද්ධව දමා තිබූ පැමිණිල්ලත්, පැමිණිල්ල දැමූ පුද්ගලයාගේ නම ඇසූ පසුවය.
පැමිණිල්ල දැමූ පුද්ගලයාගේ නම තාත්තා පොලිසියෙන් ඇසුවේය. පොලිසිය ඔහුගේ නම කියුවේය. සර් ඒ මගේ පුතා නේ. හා ඔයාගේ පුතාද ඒ. ඔව් සර්. එයාගේ කුකුළු කූඩුවෙන් කුකුළෙක් සොරකම් කළා කියලයි පැමිණිල්ල තියෙන්නේ. අනේ සර් යයි කියූ පියා ඇඬුවේය.
කවුරුහරි කුකුළු හොරකම් කරන්න ඇති. මේ අපේ ලේලිගේ වැඩක්නේ. එයාට ඕන මට විරුද්ධව බොරු කේළාම් කියලා මම ගෙදරින් පන්නන්න. එය ඇසූ පොලිස් නිලධාරියාටද දුක සිතුණේය.
ලොකු උන්නැහේ දැන් ඉතිං කොරන්න දෙයක් නැහැ. ප්රශ්නය පොලිසියට ගිහිල්ලාම විසඳ ගන්නකෝ.... කියමින් පොලිස් නිලධාරියා යන්න ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd