සුදු නෝනා ෙෆාටෝ ගහන්න ගිහින් ෆෝනයත් වතුරේ සුදු නෝනගේ සුන්දරත්වය නරඹන්න ගොස් රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් වූ අයකු පිළිබඳ කතාවක් බල මාළුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. හේ රැකියාව ලෙස කළේ සුන්දර මාදු නදියේ දෙස් විදෙස් සංචාරකයන් මෝටර් බෝට්ටුවලින් ප්‍රවාහනය කිරීමයි. ඒ දීමනාවක් මතය. එක් ගමන් වාරයකට නියමිතවූ දීමනාවකටය. කාලයක් තිස්සේ සිටම ඔහු මේ කාර්යයේ නිරතව සිටියේය. 26 February 2026
“අඩියක්” ගහන්න ගිහින් සිලින්ඩරය වාෂ්ප වෙලා හදිසියේ ඇති වූ ගෑස් හිඟයත් සමග ගෑස් ගැනීමට පෝලිමක සිටි පුද්ගලයකු ගෑස් ලොරිය එනතුරු පොඩියට “සප්පායම්” වෙන්න ගොස් වෙච්ච අලකලංචියක් ගැන අපූරු තොරතුරක් පසුගිය දා දකුණු පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි. 25 February 2026
බූට්ස් දා දුවන්න ගිහින් පත්තු බඳින්න වෙලා පොළොන් දෂ්ටයෙන් බේරීම සඳහා පා ආවරණ (බූට්ස්) පැලඳ කුඹුරට යමින් සිටියදී පොළඟෙකු සිය නිවසේ මුළුතැන්ගෙට වැදී ඇතැයි ඇසීමෙන් අනතුරට පත්ව පත්තු බඳින ගොවියකු පිළිබඳ පුවතක් සියනෑවේ ගමකින් වාර්තා විය. අදාළ ප්‍රදේශයේ කෙත්යායවල මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ දිනවල යාන්ත්රාණුසාරයෙන් සිදුවෙමින් පවතින අතර ඒ අනුව තමන්ගේ කුඹුරේ අස්වනු නෙළීම සඳහා සිය නිවසට නුදුරින් පිහිටි කෙත්යායට ගොයම් කපන යන්ත්‍රයක් සොයා මෙම ගොවි මහතා ගමන්කර ඇත. 24 February 2026
අන්දවන්න ගිහින් අලි අමාරුවක සිය මිතුරාගේ මවගේ මළ ගමට තමා ආ බව පෙන්වීමට ගිය අයකු වැටුණු අලි අමාරුවක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. කෑවේ බිව්වේ එකටය. එක පතේය. ආවේ ගියේද එකටය. අනෙක් කටයුතුත් එසේමය. එහෙත් මළ ගෙවල්වල යෑමට හේ දැක්වූයේ අලි බියකි. එය හරියට ඔහු නොමැරෙන අයකු මෙනි. 23 February 2026
බිරිදට බේත් ගෙන්න ගිහින් පෙම්වතිය එක්ක වැලන්ටයින් සමරලා බිරිඳගේ හිසේ ඇම්මට බෙහෙත් පෙති දෙකක් ගෙන ඒම සඳහා අසල නගරයට ගිය සැමියා ඔහුගේ පැරණි පෙම්වතිය සමඟ වැලන්ටයින් සැමරීමට යාම නිසා නිවස තුළ ගිනි ඇවිළී ගිය පුවතක් කන්ද උඩරටට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 21 February 2026
කෙසෙල් හොරාට අතිනුත් පුදලා තම වත්තේ හොඳට පැසුණු කෙසෙල් කැන කැපූ සොර දෙටුවා අයිතිකරුගේ බල්ලා සපා කෑමෙන් සොරා පෞද්ගලික වෛද්‍යවරයකු හමුවට ගෙන ගොස් ප්‍රතිකාර කිරීමට තරම් සානුකම්පිත වූ අයිතිකරුට සිදුවූ අලකලංචියක් කුරුණෑගල පැත්තේ ගමකින් අසන්නට ලැබේ. 21 February 2026
ඩෝප් වෙලා මිනී වළේ නිදාගෙන භූමිදාන කටයුතු කරන්න දේහයක් සුසාන භූමියට ගෙන ගිය පිරිසකට අලුත්ම අත්දැකීමකට මුහුණ දීමට සිදුවූ අපූරු පුවතක් ගාලු දිසාවේ සුන්දර ගමකින් අසන්නට ලැබේ. ශෝකාකූල ඥාතී පිරිස එදා ගමේ පොදු සුසාන භූමියට ගියේ සිය ඥාතියා, හිතවතා භූමිදානය කිරීමටය. ඒ සඳහා දේහය ගෙන ගියේ කර මතිනි. දේහය සොහොන් භූමියට ගෙන ගියේ එය රැගෙන ගිය ගමන්ම කපා තිබූ වළට දමා භූමදානය කිරීමටය. දේහය දැන් කපා තිබූ වළ ළඟය. කට්ටියගේ කර මතය. දේහය වළ දාන්න ඔන්න මෙන්න ය. දෙවියන්ට ඔප්පු වෙච්චාවේ! අයකු කප 21 February 2026
මායියාගේ හැකර කටෙන් දොදොල් කටට දාගන්න බැරි වෙලා රෝගියා කෑමට ප්‍රියතාවයක් දක්වන කළු දොදොල් ගෙදර ළඟටම ගෙනාවත් ඔහුගේ බිරියගේ කට නිසා රෝගියාගේ කටට දා ගැනීමට බැරි වූ පුවතක් ඇතුගල්පුර නගර සීමා ඉසව්වේ ගැමි ගමකින් අසන්නට ලැබෙයි. 21 February 2026
වෙස් මාරුවෙන් අලි අමාරුවක එක් මිතුරකුගේ වෙස් මාරුවක් නිසා අනෙක් මිතුරාට ඔහු හඳුනා ගැනීමට නොහැකිව වෙන්නට ගිය අකරතැබ්බයකින් මිතුරන් දෙදෙනාම ගැලවූ සිදුවීමක් දුම්බර පහතට වැටෙන කොට්ඨාසයකින් වාර්තා වෙයි. 21 February 2026
නොදන්න දේ ඔබන්න ගිහින් ඉල්ලන් කාලා අනවශ්‍ය කටයුත්තක් කිරීමට යාමෙන් තම වලිගය හිරවී කරදරයට පත් වූ වඳුරකුගේ කථා පුවත සිහිගන්වන සිදුවීමක් පසුගියදා දකුණු පළාතෙන් අසන්නට ලැබෙයි. මාතර දිසාවේ කන්දබඩපත්තුවෙහි හැදී වැඩුණු ඔහු කොළඹ ප්‍රදේශයට පැමිණියේ පෙදරේරු වැඩ සඳහා අත්උදව්කරුවකු විලසිනි. 21 February 2026
යට ඇඳුම් හුටපටෙන් කොසු පහර කාලා ත්‍රිරෝද රථයේ තිබූ කාන්තා යට ඇඳුමක් නිසා භාර්යාවගෙන් කොසු පහර කෑමට සිදුවූ කුලී ත්‍රිරෝද රථ රියදුරකු පිළිබඳ අපූරු කතාවක් මහ මුහුද ආසන්නයේ නගරයකින් අසන්නට ලැබේ. ඔහු කසාඳ බැඳ තිබුණේ කටු අත්තකි. ළඟින් ගියත් පැටලෙන ගණයේ කටු අත්තකි.කුලී ත්‍රිරෝද රථ රියදුරා එකක් කීවිට දෙකක් කියන ජාතියේ අඹුවකි. කතාව දිග්ගැස්සුණොත් සැමියාට වුවද තඩිබාන තරබාරු කතකි. සැමියා ගැන සැක කරන්න පටන් ගත්තේ කසාද බැඳපු දා සිටය. 20 February 2026
කා බී පොලු තිබ්බාට තරු පේන පාඩමක් අහඹු ලෙස නගරයේදී හමුවන මිතුරන්ට තමන් මුදල් ගෙවන බව අඟවමින් කඩයට තේ පානය කිරීමට ආරාධනා කර තේ කඩයට රැගෙන ගොස් කා බී මුදල් නොගෙවා හිමින් සීරුවේ මාරුවී යන අයකුට මතක සිටින තාලේ අපුරු දඬුවමක් දුන් මිතුරන් පිරිසක් පිළිබඳ පුවතක් හසලක නගරයෙන් වාර්තා විය. 19 February 2026
මල් පැළෙන් අන්දන්න ගිහින් කූඩුවේ ලැගලා විදෙස් රටක වැසියන් පිරිසකට ඔවුන්ගේ රටේ දී අපූරු මල් පැළ වර්ගයක් හඳුන්වා දුන් අපේ රටේ පිරිසක් පිළිබඳව අපූරු කතාවක් ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ ගාලු දිසාවේ ගමකිනි. මෙරටින් එම රටට පිරිසක් ගියහ. ඒ විවිධ වෘත්තීන් සඳහා ශ්‍රමිකයන් ලෙසය. ඒ තමන්ගේ නැති බැරිකම දුරු කොට ජීවන තත්ත්වය උසස් කර ගැනීමටය. ඒ සඳහා අවැසි මුදල් ඔවුන් සොයාගෙන ඇත්තේ ඇතැමුන් සිය භාර්යාවන්ගේ කණකර ආභරණ උකස් කොටය. ඉඩකඩම් උකස් කළ අයද මේ අතරය. වාණිජ බැංකුවලින් ණය මුදල් ලබාගෙන ගිය අය ද නැත්තේ 18 February 2026
දිට්වා ආධාර දෙන්න ඇවිත් තිදරු මව අරන් පැනලා ආපදාවට පත්වූ ගම්වැසියන්ට ආධාර උපකාර කිරීමට පැමිණි කණ්ඩායමක අයකු ගමකට ආධාර ලබාදීමෙන් අනතුරුව එම ගමේ පදිංචිව සිටි හතළිස් හය හැවිරිදි තිදරු මවකද හොර රහසේ රැගෙන පලා ගිය පුවතක් දුම්බර කඳුකරය ආසන්නයේ පිහිටි ගම්මානයකින් වාර්තාවිය. 17 February 2026
වැලන්ටයින් සමරන්න මව ගෙදරින් පිටමං කරලා වැලන්ටයින් දිනයේදි (14) ආදරවන්තිය පෙම්වතාගේ නිවස කරා පැමිණීමේදි සිය පෙම්වතා අපවාදවලින් මිදෙන්නට වියපත් රෝගි මව නිවසින් බැහැර කළ පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි. 16 February 2026
මදුරුවන් පන්නන්න ගිහින් තරු පෙනිලා මදුරු කරදරයෙන් බේරීම සඳහා මිතුරකුගේ උපදෙස් පරිදි මදුරු නාශකයක් තැනූ පුද්ගලයකු එය ක්‍රියාත්මක කිරීමට ගොස් සිදුවූ අලකලංචියක් ගැන අපූරු කතාවක් දකුණේ ප්‍රසිද්ධ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි. 14 February 2026
සූර් මිතුරා තියාගෙන අමාරුවේ වැටිලා නිවසේ දී සෙට් වී කන පැලෙන්න බිව් මිතුරා රුපියල් විසිපන්දහසේ පොලිස් දඩයෙන් බේරාගැනීමට මහ රෑ යතුරුපැදියෙන් යාමට නොදී සිය නිවසේ නතර කරගෙන අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව අමුතු කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 13 February 2026
ආඩපාලි නවත්වන්න ගිහින් අම්බානට ගුටි කාලා විවාහ වී වසර තිහක් තිස්සේ බිරිඳගේ අණසකට යටත්ව සිටි පුද්ගලයකු ඉන් මිදීම සඳහා මිතුරන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නට ගොස් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි සීන් එකකට මුහුණ දුන් පුවතක් ගැන දකුණු පළාතේ බත්දුන් ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 12 February 2026
පෙරේතකමට ඩබල් ගෙවන්න වෙලා මස් කෑමට ඇති පෙරේතකම හේතුවෙන් මස් පීරිසි දෙකකට සහ අමතර බත් පිඟානකට මුදල් ගෙවීමට සිදුවූ පුවතක් කැබිතිගොල්ලෑව නගරයේ හෝටලයකින් අසන්නට ලැබුණි. කතාව සැකෙවින් මෙසේය. 11 February 2026
බිරියානි ඕඩර් කර කැද බොන්න වෙලා මුහුණු පොතේ දැක්වෙන නොම්මරයකට කතාකොට පොට්බිරියානි එකක් ගෙදරට ගෙන්වා ගත් පුද්ගලයකුට සිදුවූ අලකලංචියක් ගැන පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 10 February 2026
මළ ගෙදර පොඩි ‘ෂොට්’ එක ලොකුවී ගෙදරත් අමතක වෙලා මිතුරාගේ බිරියගේ මළ ගෙදරට ගිය පුද්ගලයකු දහවල් කෑමට පෙර පොඩි “ෂොට්” එකක් දාගන්නැයි කියා ලැබුණු බෝතලය අඩියටම හිස්කර ගෙදර එන්නට නොහැකිවී පසුදින පැමිණි පුවතක් ගැන බස්නාහිර පළාතේ නගරයකින් පසුගියදා වාර්තා විය. 09 February 2026
මළගමට අලුත් ඇදුම් අරන් එද්දී නැන්දම්මාට පණ ඇවිත් ඔත්පළව සිටි තම නැන්දම්මා මියගියා යැයි සිතා තම සේවා ස්ථානයෙන් නිවාඩු ලබා මළගමට ඇඳීමට අලුත් ඇඳුම් රැගෙන නිවසට පැමිණි කාන්තාවක පිළිබඳ පුවතක් දකුණෙන් වාර්තා වේ. 07 February 2026
දඩෝරියාගේ කෑම මාරු වී ජංජාලයයි සැපට හදන බලු සුරතලකුට වැය කළ මුදලක් අල්ලපු ගෙදරකට මාරුවීමෙන් නිවෙස් හිමි කත තම ආයතනය දෙවනත් කළ පුවතක් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි. 07 February 2026
බාරයට ගෙනගිය පඩුර කොන්දොස්තරට පුදලා කහ දියරෙන් සෝදා පිරිසුදු කර සුදු රෙදි පටක ඔතා භාරයක් ගැට ගැසීම සඳහා දේවාලයකට රැගෙන යමින් තිබූ පහේ කාසියක් මාරු කාසි ගැටලුවක් ඇති වී බස් කොන්දොස්තරට දීමට සිදු වූ බව කියන පුවතක් බස්නාහිර පළාතේ ගමක පුද්ගලයකු සිය මිතුරකුට කී කතාවක් පසුගිය දිනක අසන්නට ලැබුණි. 07 February 2026
තරුණියගේ ඇම කා තුට්ටු දෙකටත් තට්ටු කරගෙන ලොකු මුදලක් ගන්න හිතාගෙන කුලී ගමනක් ගිය ත්‍රීරෝද රථ රියදුරකුට හයර් එක නොව අතේ තිබූ මුදලුත් අහිමිවීමේ පුවතක් ගාල්ලට ආසන්න නගරයකින් අසන්නට ලැබේ. 07 February 2026
මළ ගෙදර කෑම කන්න ගිහින් කාඩ් කුඩු කරගෙන රාත්‍රී කාලයේ මළ ගෙදරට ගිය තරුණයන් දෙදෙනකුට ආහාර ගැනීමට ගොස් සිදු වූ අකරතැබ්බයක් ගැන අපූරු කතාවක් දකුණු පළාතේ නගරාසන්න ගමකින් පසුගිය දා වාර්තා විය. 07 February 2026
බිරිදගෙන් කොමිස් ගසා අලි අමාරුවක බිරිඳගෙන් කොමිස් ගසා මාට්ටු වී අලි අමාරුවක වැටුණු සැමියකු පිළිබඳ කතාවක් රූකඩවලට ප්‍රසිද්ධ පුරවරයකින් අසන්නට ලැබේ. මිනිහා ගැට පප්පෙකි. ගැසු ගැට ගැස්සී රැකියාව ද පවා අහිමි කරගත් අයෙකි. ගැටනම් මිනිහාය. මිනිහානම් ගැටය. කෙතරම් ගැට කාරයකු වුවත් ඔහුට මිතුරන්ගෙන් අඩුපාඩුවක් නොවීය. පිනට අඩිපුටි ගැසීමට ගොස් මිතුරන්ට ඇණයක් වූ අවස්ථා නැත්තේ ද නොවේ 07 February 2026
පෙරේතකම “ඇලජික්” වී පොල්කොළ දුම් අල්ලලා “පෙරේතකමට ඇලජික්” මස් කා නිරුවතින් පොල්කොළ දුම් ඇල්ලූ පුද්ගලයකු පිළිබඳ කතාවක් වයඹ පළාතේ එක් කෙළවරක පිහිටි ගොවි ගමකින් පසුගිය දිනක අසන්නට ලැබුණි. අසාත්මිකතාවයක් නිසා මෙම සිද්ධියට අදාළ පුද්ගලයාට කිසියම් සත්ව මස් වර්ගයක් අගුණය. ඔහුට එම මස් කනවා තියා එහි සුවඳවත් විඳින්නට බැරිය. ඒ ඔහු එම මස් කෑවොත් ඇඟ කැසීම, ඇඟපුරා පලු දැමීම මෙන්ම ඔක්කාරය, වමනය දැමීම වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරන නිසාය. 06 February 2026
නැතිවුණු ෆෝනය සාක්කුවෙන් මතුවෙලා හෝටලයක මඟුල් උත්සවයකට සහභාගී වූ රක්වානේ මිතුරන් පිරිසකගෙන් වෙරිමර ගාතේ සිටි අයකු මනමාලිගේ නැගණියගේ අත්බෑගය තුළ තිබූ උසස් තාක්ෂණයෙන් යුත් ජංගම දුරකථනය සොරාගත් බව කියන පුද්ගලයාගේ කලිසමේ සාක්කුවේ තිබියදී නව තාක්ෂණය උපයෝගී කරගනිමින් අල්ලා ගැනීමට හැකි වූ සිද්ධියක් පසුගියදා වාර්තා විය. 05 February 2026
බෝතලේට වහල් වී මඟුලත් තීන්දු කරලා මවුපියන්ගේ දැඩි විරෝධය මැද ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිටි තරුණියක හදිසියේම පෙම්වතා සමඟ පැනයාමෙන් පසු ඇය නැවත නිවසට කැඳවාගෙන යාමට මවුපියන් පැමිණෙන අතර එහිදී සිදුවූ සිද්ධියක් පිළිබඳව අපූරු කතාවක් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 04 February 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026