බිරිඳගෙන් කොමිස් ගසා මාට්ටු වී අලි අමාරුවක වැටුණු සැමියකු පිළිබඳ කතාවක් රූකඩවලට ප්‍රසිද්ධ පුරවරයකින් අසන්නට ලැබේ.
මිනිහා ගැට පප්පෙකි. ගැසු ගැට ගැස්සී රැකියාව ද පවා අහිමි කරගත් අයෙකි. ගැටනම් මිනිහාය. මිනිහානම් ගැටය. කෙතරම් ගැට කාරයකු වුවත් ඔහුට මිතුරන්ගෙන් අඩුපාඩුවක් නොවීය. පිනට අඩිපුටි ගැසීමට ගොස් මිතුරන්ට ඇණයක් වූ අවස්ථා නැත්තේ ද නොවේ.
ගැට නිසා ජීවිතය ගැට ගසාගත් රැකියාව අහිමිවීමෙන් පසු ඔහු ජීවිත් වූවේ බිරිඳට පිං සිදු වෙන්නය. ඇය කෑම උයා පිහා පාර්සල් කිරීම කරගෙන ගියාය. කෑම රසට දෙන නිසා ඇයගේ කෑම පාර්සලයට ලොකු ඉල්ලුමක් ජනතාව අතර තිබුණාහ.
ඔහු දිවෙන් දිව ගාගෙන සිටි මිතුරන් පිරිසකගේ වැඩකට දිවා ආහාරය සඳහා කෑම පාර්සල් පනහක් පමණ අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන් තේරා ගත්තේ සිය මිතුරාගේ බිරිඳගේ කෑම පාර්සලය මිතුරාට මේ බව ඔවුහු කීහ. ඔහු එයට එක පයින්ම කැමති වූවේය. කෑම පාර්සලයක මිල ගණන් ඇසුවේද ඔහුගෙන්ය. ඔහු කීවේ කෑම පාර්සලය මිල රුපියල් හයසීයක් බවය.
කෑම ඕඩරය දිය යුතු දිනය එදිනය. ඔහුගේ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නැත. ඒ නිසාම මිතුරන් දෙදෙනෙක් ඔහුගේ නිවසට යතුරු පැදියෙන් ගියහ. ඔහුගේ භාර්යාව මුණ ගැසී කෑම ඕඩරය ගැන විමසුවේය. ඕඩරය හරිය. මිතුරා කී පරිදි ඔවුහු එක කෑම පාර්සලයකට රුපියල් හයසීය බැගින් කෑම පාර්සල් පනහට රුපියල් තිස්දහසක් ඇයට දුන්හ.
මල්ලි මෙතන රුපියල් පන්දාහක් වැඩියි නේ. නැහැ අක්කේ ගාන හරිනේ. අපිට මිතුරා කීවේ කෑම පාර්සලයක් රුපියල් හයසීයයි කියලනේ. හනේ මල්ලී මේ මිනිහගෙත් වැඩ මම කෑම පාර්සලයකට රුපියල් හාරසීය පනහ ගානේ දුන්නත් කමක් නැහැ. යැයි ඇය කීවාය.
බලන්නකෝ මල්ලි මේ මිනිහා මගෙනුත් කෑම පාර්සලයකින් රුපියල් සීයක කොමිස් එකක් අරන්නේ. තව කාට මෙහේම කරලද දන්නේ නැහැ. මම අල්ල ගන්නම්කෝ ආවාම කෝ අක්කේ අපේ යාළුවා යයි මිතුරන් ඇසූවිට ඇය කීවේ ජංගම දුරකතනයක් ක්‍රියාවිරහිත කරලා චාජ් වෙන්න ගහලා දරුවා එක්ක එන්න පාසලට ගිහිල්ලා නේ කියාය.
මල්ලිලාට කෑම ඕන නම් එයාට කියන්න එපා මට කතා කරන්න හොඳේ යයි කියමින් ඇය ඔවුනට ඇගේ ජංගම දුරකතන අංකය දුන්නාය.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd