හසලක සුනිල් ඒකනායක
ආපදාවට පත්වූ ගම්වැසියන්ට ආධාර උපකාර කිරීමට පැමිණි කණ්ඩායමක අයකු ගමකට ආධාර ලබාදීමෙන් අනතුරුව එම ගමේ පදිංචිව සිටි හතළිස් හය හැවිරිදි තිදරු මවකද හොර රහසේ රැගෙන පලා ගිය පුවතක් දුම්බර කඳුකරය ආසන්නයේ පිහිටි ගම්මානයකින් වාර්තාවිය.
මධ්‍යම කඳුකරය පමණක් නොව දිවයිනේ ගම්මාන රාශියක් හරහා පසුගිය නොවැම්බර් මස 27 වැනිදා හමා ගිය දිට්වා සුළි කුණාටුව මිනිස් ජීවිත මෙන්ම ගම්මානද සහමුලින්ම මුලිනුපුටා දැමීමට තරම් අකාරුණික විය.
සුළි කුණාටුව හේතුවෙන් කඳුකර ප‍්‍රදේශ නාය යාමට අමතරව ප‍්‍රදේශවල තිබු ඇළ දොළ ගංඟා පිටාර ගැලීමෙන් එම ජල මාර්ග ආසන්නයේ පදිංචිව සිටි ජනතාවට හා ඔවුන්ගේ දේපළවලටද දැඩි හානි ගෙන දී තිබිණි.
මෙම හානි වු ජනතාවට පිහිටක් වෙන්නට පසු දින සිටම දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට පරිත්‍යාගශිලීන්, ආයතන, ව්‍යාපාරිකයින්, ස්වේච්ජා සංවිධාන ඇතුළු විවිධ සංවිධාන ආධාර රැගෙන අදාළ ගම්මාන කරා වැල නොකැඩි පැමිණෙන්ට විය. ඊට අමතරව ජල ගැලීම්වලින් නිවාසවල හා ආයතනවල පිරී තිබු අපවිත‍්‍ර සහිත රොන් මඩ ඉවත් කිරීමටද විවිධ සංවිධානවල සාමාජික සාමාජිකාවෝ පැමිණියහ.
ජල මාර්ගයකට ආසන්නයේ පිහිටි ගමකි. ඇළ දොළ ගංඟා ජලය උතුරා පිටාර ගැලීමෙන් ඉවුර ආසන්නයේ තිබු නිවසවලට හා එහි දේපළවලටද හානි ගෙන දී තිබිණි. මෙම ගම්මානයටද ඈත එපිට ප‍්‍රදේශයක කණ්ඩායමක් ආධාර රැගෙන පැමිණියේය. පැමිණි එම කණ්ඩායම අදාළ ගැමියන්ට ආධාර ලබාදුන්නේ ගම්මුන්ගෙන් ලද ගෞරවනීය ආදර සංග‍්‍රහයන් යටතේය. එම කටයුත්ත නිම කළ කණ්ඩායම පැය කීපයක් එම ගමේ ඇවිද ගැමියන් සමඟ සිදුවු විපත සම්බන්ධයෙන් කතා බහ කොට පෙරළා පිටව ගියේ ‘‘මෙවන් විපතක් මතු කිසි දිනෙක ඔබලාටවත් අපටවත් රටටවත් නොම වේවා. අපි නැවත හමුවෙමු.” යැයි ආශිර්වාද ප‍්‍රාර්ථනා ද කරමිණි.
ඔවුන් ගමෙන් පිටව ගොස් ගතවුවේ දින කීපයකි. එක් නිවසක 46 හැවිරිදි තිදරු මවක අතුරුදන් බවට ගමේ තැනින් තැන කතා බහට ලක් විය. ඒ කතා පුවත පිළිබඳව සොයා බැලූ ගැමියන්ට දැනගන්නට ලැබුනේ ගමට ආධාර ලබා දිමට පැමිණි කණ්ඩායමේ 47 හැවිරිදි සිව්දරු පියකු එම තිදරු මව හොර රහසේ රැගෙන ගොස් දින පහකින් පමණ පසු ඇය නැවත ගමට රැගෙන විත් දමා ගිය බවකි. මේ පුවත දැන් ගමේ කඩපිලට ද පැමිණ ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd