සැපට හදන බලු සුරතලකුට වැය කළ මුදලක් අල්ලපු ගෙදරකට මාරුවීමෙන් නිවෙස් හිමි කත තම ආයතනය දෙවනත් කළ පුවතක් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ  රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි.
එම නිවසේ අඹු සැමි යුවළ හා දරුවෝ රාජ්‍ය සේවයේ නියැළී සිටියදී. බිරිය හා සැමියා නිවසේ සිට සේවා වෙත යන නමුත් දුව හා පුතු පිටත නැවතී සිටිති. මේ නිසා නිවස සතියේ දිනවලදී බොහෝ විට වසා තිබේ. ඒ අඹු සැමි යුවළද සේවාවන්  සඳහා පිටවී යන නිසාය.
ගෙදර ආරක්ෂාවට සැපට හදන දඩෝරියකි. තම බිරිය තම පණටත් වැඩියෙන් ඌට ආදරය කළාය. කලට වේලාවට බේත් ටික,  මාළු සඳහා යන වියදම නිවැසියන්ගේ වියදමටත් වඩා වැඩිය. ඒ බව අවට වැසියෝ ද හොඳාකාරව දනිති. 


එකී සුරතලා හිටි හැටියේ රෝගි විය. තම වාහනයේ දමාගෙන මහ රෑ සත්ව සායනය වෙත ගෙන ගොස් සේලයින් ලබාදී  පශූ  වෛද්‍ය  උපදෙස් මත සුරතලා ආපසු ගෙදරට ගෙනාවේය.
පසුදින උදේ සුරතලාට හොඳට කන්න දෙන්න’’ වෛද්‍යවරයා උපදෙස් දුන්නේය. එහෙත් එම යුවළ අත්‍යවශ්‍ය සේවා සඳහා එදින අනිවාර්යයෙන්ම යා යුතුය. නිවාඩු  ගැනීමට ද බැරිය. 
බිරිය එම පශු වෛද්‍ය කාර්යාලය අවට සීමාවේ ආයතනයක සේවය කරන්නීය.
ඇය එකී ගැටලුව විසඳීමට එකඟතාවය පළ කළාය. ඇය සේවයට ගියාය. කුලී ත්‍රීරෝද රථයක් තම සේවා ස්ථානයට කැදෙව්වාය. එහි කුලී මුදල ත්‍රීරෝද රථ රියැදුරුට දුන්නාය. යන ගමනේ දී මස් කඩයෙන් මස් අරගෙන ගොස් සුරතලාට දෙන්න කියා මස් ගැනීමට ද අමතර මුදලක් ඔහු අතට දුන්නේය.
රියැදුරු එම නිවස කරා කිලෝ මීටර් හතක පමණ දුර ගෙවා ගියේය. ඔහු එම නිවස හරියාකාරව දන්නේ නැත. ඒ සීමාවට ඇවිත් එකි මැඩම්ට කෝල් ගත්තත් ඇය කාර්ය බහුලය.
මැඩම් පැවසූ ඉසව්ව මෙතැනය. මේක තමයි ගෙදර එහි බලු කූඩුවක දඩෝරියෙක් සිටියි. රියැදුරු ගෙනා මස් ටිකත් කෑමට දී එහි පොටෝ අරන් එම මැඩම්ගේ වට්ස් ඇප් එකට යැවීය.
‘‘මැඩම් වැඩේ හරි. ඔන්න වට්ස් ඇප් එක බලන්න.’’ ඔහු නැවත ඇයට ඇමතුමක් දුන්නේය. ගත වූවේ නිමේෂයකි. ඇය තම සේවා ආයතනය දෙවනත් කරමින් හඬා වැටුණාය. කලබලයට පත් සැවොම ඇය වටකරගෙන මොකද කියා ඇසූහ.
‘‘බලන්න අපේ ගෙදර සුරතලාට කියලා මස් දීලා තියෙන්නේ අල්ලපු ගෙදර බල්ලෙකුටනේ. මස්වලටයි. ත්‍රීරෝද රථයටයි මං ගෙවපු මගේ මුදල් අපරාදේ’’ යැයි ඇය පැවසීමේ දී ගෙවල් මාරුවීමෙන් වෙච්ච අලකලංචිය අන් අයට වැටහුණාලු.

මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම