( රොමේෂ් මධුෂංක)

රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට විකුණන්න ගිය ඇත්දළ ජෝඩුවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය පොලිස් වසමේ වයි හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට උතුරු  මැද පළාත් පොලිස් අපරාධ විමර්ශන   කොට්ඨාසය පවසයි.

උතුරු  මැද පළාත්  අපරාධ විමර්ශන   කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදල ඇතදළ ජෝඩුව මිලට ගන්නා ආකාරයට උපාය දූතයින් යොදවා මැදවච්චිය වයිහන්දිය ප්‍රදේශයේදී රැකවල් යොදා සිටින අවස්ථාවේදී අදාල සැකකරුවන් ත්‍රී රෝද රථයකින් ඇත්දළ ජෝඩුවද සමගින් පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මන්නාරම , පුදුකුඩිඉරිප්පු සහ මුලතිව් ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 30, 40 සහ 43 වැනි වියෙහි පසුවන්නන් වන අතරම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද උතුරු  මැද පළාත්  අපරාධ විමර්ශන   කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.