2021 ජනවාරි මස 16 වන සෙනසුරාදා
0 135
අධික වර්ෂාව හේතුවෙන් මින්නේරිය ජලාශය මේවනවිට වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
0 358
අලුත්ගම පොලීසිය සෞඛ්‍ය අංශ හා එක්ව දර්ගානගරයේ ස්ථාන දෙකකදී පුද්ගලයන් 400දෙනෙකු වෙනුවෙන් කළ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව, පුද්ගලයන් 27දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලීසියේ කොවිඩ් පැතිර යාම වැළැක්වීමේ නිලධාරියෙක් අද(15) පැවසීය.
0 284
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ පාසලක 10 C වසරේ සිසුවෙකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇතැයි පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසීය.
0 33
කලවාන ප්‍රදේශයෙන් කොරොනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් පසුගිය (10) වනදා ආරම්භ වීමට තිබු කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 09ක් තාවකාලිකව නැවත දැනුම් දෙන තුරු වසාදැමිමට පියවර ගෙන අතර එයින් පාසල් 6ක් අද (15) ආරම්භ කෙරුණු බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පැවසීය.
0 49
මධ්‍යම පළාතේ පසුගිය දින කිහිපය තුල පැවැති අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 45 කට අයත් පුද්ගලයින් 173 දෙනෙකු පීඩාවලට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
0 250
තලාතුඔය පොලිස් වසමට අයත් මුදුනකඩේ ඩිපෝව පාරේ ඇති අතුරු මාර්ගයකදී රුපියල් ලක්ෂ 23ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 600 ක් සමග පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
0 550
තවලම සතිපොළේ වෙළඳමේ නිරත පුද්ගලයන් 23 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (14)තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි.
0 122
හික්කඩුව නගරසභාවේ, රත්ගම ප්‍රාදේශීය සභාවේ ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ඉදිරිපිටදී විරෝධතා පුවරු අතැතිව අද(14) පෙරවරුවේ හෙන්නතොටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
0 192
ලංකා ගමනාගමනය මණ්ඩලයට අයත් බදුල්ල ඩිපෝවේ දුර ගමන් සේවා බස් රථ කොන්දොස්තරවරයකුට පහර දී ටිකට් යන්ත්‍රයට අලාභ හානි සිදු කළැයි කියන සිද්ධියකට සම්බන්ධ පෞද්ගලික බස් රථ සේවකයින් තිදෙනෙකු අද (14) අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
0 43
මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හා ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය,කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රීක්කයන්හි පවුල් 3000 කට ආසන්න පුද්ගලයින් 17,000 කට අධික පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ නිලධාරී කාර් යාල පවසයි.
0 66
මන්නාරම බස්නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නිවසක සිදුකළ පරික්ෂාවකදී නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි හක්බෙල්ලන් 1,977 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර් ය බලකාය පවසයි.
0 82
සිය ඉල්ලීම් 6කට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් ජනවාරි මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මහා වැඩ වර්ජනයකට යන බව දකුණු පළාත් මගී ප්‍රවාහන බස් රථ ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ජී.චන්දන ද සොයිසා මහතා අද (14 ) පැවසීය.
0 293
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහලක් බවට අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල පත්කරන බව දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ හා කරාපිටිය රෝහලේ අධ්යක්ෂ ප්රශන්ත ජීවරත්න මහතා පවසයි.
0 50
විදේශ රටකට පලාගොස් සිටින ’’රත්මලානේ කුඩු අංජු’’ නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ ගෝලයකු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙරොයින් මත්කුඩු සමඟ අද (14) මොරටුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
0 82
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටිමෙන් සිදු වු අනතුරකින් පැදිකරු අද (13) රාත්‍රියේ මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
0 656
පොල් කැඩීමට යොදාගන්නා පිහියෙන් ඇන තම බිරිද ඝාතනය කළ පොල් කඩන්නෙකුට විරුද්ධව පැවති නඩු විභාගයකින් වැරදිකරුවෙකු වූ පුද්ගලයකුට වසර අටකට පසු තංගල්ල පළාත්බද මහාධිකරණ විනිදුරු රශ්මි සිංගප්පුලි මහතා අද (13) මරණ දඬුවම නියම කළේය.
0 133
කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා හට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් නිරෝධායනය වීමට දන්වා තිබියදී නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින් අද (13) කෑගල්ල ප්‍රදේශිය සභාවේ මහා සභා රැස්විම පවත්වා තිබේ.
0 117
පුත්තලම ලංගම ඩිපෝවේ සියලුම බස් රථ විසබීජහරණය කිරීමේන් අනතුරුව නැවත මගී ධාවනයට යෙදවු බව පුත්තලම ලංගම ඩිපෝ කළමණාකරු එච්.එම් .සී .එච් .අබේසිංහ මහතා අද(13) පැවසීය.
0 72
මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් දහසක පුද්ගලයින් 3000 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බව ආපදා කළමනාකරණ නිලධාරී කාර්යාලය පවසයි.
0 51
උතුරු ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරේ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු වැසි ජලය සහ වාන් ජලය හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බවට උතුරේ ගොවීහු පවසති.
0 12
කලවාන ප්‍රාදේශීය වෙළෙඳසැල් යළි විවෘත කරන ලෙස එම වෙළෙඳසැල් හිමියන් වෙත අද (13) කලවාන කොව්ඩ් මර්ධන කමිටුව දැනුම් දෙන ලදී .
0 177
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සහ පවුම් 40 ක ස්වර්ණාභරණ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.
0 319
කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකාරීත්වය අද (13) ප්‍රකාශ කළේය.
0 214
විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් විසින් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක් සහ උණ්ඩ හතක්ද සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අද (12) සවස රත්ගම පොලිසිය වෙත බාරදී තිබේ.
0 560
කොරෝනා වසංගත තත්වය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සමයේ උත්සව තහනම් කර තිබියදී, නීති විරෝධී ලෙස උපන් දින මත්පැන් සාදයක් පැවැත් වූ සැකකරුවෙකුට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (12) නියෝග කළාය.
0 356
බණ්ඩාරගම පොලිස් වසමේ ප්‍රදේශ දෙකකදී අද (12) දහවල් පැය දෙකක් තුළ සිදුවූ අනතුරු දෙකකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
0 254
ගවඝාතනාගාරයක හිමිකරුවකුගෙන් අල්ලස් මුදලක් ලබාගැනීමට තැත්කළ උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක( විමර්ශන)කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසූරිය මහත්මිය පැවසුවාය.
0 208
පොලොන්නරුව,කදුරුවෙල නගරයේ දැනට අගුළු දමා ඇති කොටසේ නිරෝධායනය වන පිරිස අතුරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු අද(12) දිනයේ හමුවූ බව පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික දංගම්පොල මහතා පැවැසීය.
0 77
මතුගම යටදොළ ප්‍රදේශයේදී මත් පෙති සමග පුද්ගලයෙකු අද ( 12 ) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.