IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සචිත්‍රගේ හඬෙහි වාර්තාව ඉල්ලා රස පරීක්ෂකට සිහි කැඳවීමක්

(රෝෂන් තුෂාර)

ලංකා ප්‍රීමියර් ලීග් (LPL)2020 ක්‍රිකට් තරඟාවලිය  මුදලට පාවා දුන්නේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය  සම්බන්ධයෙන් වෙන විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්නයි රජයේ රස පරීක්ෂකවරයාට  සීහි කැඳවීමේ ලිපියක්  යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා  අද (17) නියෝග  කළේය .

තරඟ පාවාදීමට සැකකෙරෙන සචිත්‍ර සේනානායකට එරෙහිව ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ ඒකකය ගොනු කළ පැමිණිල්ල  කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි .

කටහඬ පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා වසරක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් වාර්තාව ලැබී නොමැති හෙයින් සුදුසු නියෝගයක් කරන ලෙසට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

2020 අයි.පී.එල් තරගාවලිය මුදලට පාවා දීම සම්බන්ධයෙන්  දේශීය හා ජාත්‍යන්තරව පරීක්ෂණ  සිදුකර මෙම පැමිණිල්ල කළ බව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත .

 



අදහස් (0)

සචිත්‍රගේ හඬෙහි වාර්තාව ඉල්ලා රස පරීක්ෂකට සිහි කැඳවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site