
(ප්‍රසාද් රුක්මල්)
වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගලායමින් පවතින හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගයට දැඩි අවදානම් තත්ත්වයක් උදා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද (17) පැවසීය.
මෙම අවධානම මෙන්ම වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයේ තැනින් තැනට විශාල ගල්පර්වත ගස්කොළන් පස්කදු කඩා වැටීමට පටන් ගෙන තිබිම නිසාවෙන් මාර්ගයේ පවතින දැඩි අවධානමත් සමඟ අද (17) උදෑසන සිට යළි විවෘත කළ මාර්ගය දැඩි වර්ෂාව පතිත වන අවස්ථා වලදී තාවකාලිකව විටින් විට වසා දැමීමට සිදුවන බවද හෙතෙම කීය.
මාර්ගය මෙසේ වසා දමන අවස්ථා වලදී ඇල්ල වැල්ලවාය මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස වැල්ලවාය, කොස්ලන්ද බෙරගල හපුතලේ බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසට ඇල්ල පොලිසිය රියදුරන්ට දැනුම් දී තිබේ.
එමෙන්ම ඇතිවන වර්ෂාපතන තත්ත්වය අනුව ඕනෑම මොහොතක ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd