මනුෂ්‍ය ජීවිතය තරම් තවත් වැදගත් දෙයක් නිර්මාණකරුවකුට නෑ - ප්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායක
“හංසයින්ටත් මං ආසයි”, “වීරයා මැරිලා”, “ආපහු හැරෙන්න බෑ”, “ආදර වස්තුව”, “හිතලා ගත්තු තීරණයක්”, “මට වෙඩි තියන්න”, “සිහින හොරු අරන්”, “බකමූණා වීදි බසියි”, “නැතුව බැරි මිනිහෙක්”, “2019 ජූලි මාසෙ දවසක්” වැනි නාට්‍ය තුළින් ප්‍රේක්ෂක, විචාරක අවධානය දිනාගත් ප්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම නාට්‍ය නිර්මාණය, “අපේ ගෙදර ගිනි තියයිද” යන්න ය. මේ ඔහු සමඟින් කළ කතා බහක් අසුරින් සැකසුණු ලිපියකි.