IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ගීතයෙන් ලොවක් දිනූ මගේ මව සැබෑ විප්ලවවාදිනියක්

සාමීචිය

- නන්දා මාලිනියගේ දියණිය සාරදා -


ඇය නමින් අමා සාරදායි.ඇය ප්‍රවීණ ගායිකා නන්දා මාලනියගේ බාල දියණියයි.
පසුගියදා ගුවන්විදුලි  නාලිකාවක වැඩසටහනකට පැමිණ නන්දා මාලනිය ගැන ඇය සිදු කළ අපූරු කතාබහක සාරාංශයයි මේ.

සාරදාගෙන් අසන්නට සිත්වූ ප්‍රශ්න බොහොමයක් තිබුණත් අපට අසන්නට සිත් වූ පළමු ප්‍රශ්නය වුණේ මුළු රටක් හඳුනන තම මව තුළින් කලා  ලෝකයට එන්නට  මෙතරම් අවස්ථා තිබිලත් ඇය කලා ක්ෂේත්‍රයට නොපැමිණියේ ඇයි යන්නයි.
ඒ ප්‍රශ්නය අහන විටත් නන්දා මාලනිය ලෙසින්ම ඉතා සරල ඇඳුමකින් සැරසී  සිටින සාරදාගේ මුවග සිනහවනම් අඩුවක් නැත.ස්වල්ප වෙලාවකින් කටහඬ  අවදි කළ සාරදා ඇසූ ප්‍රශ්නයට උත්තර දුන්නේ සවිස්තරාත්මකවය.
ඇය මුලින්ම කියා සිටියේ එවැනි මවකගේ දරුවකුවී ඉපදීම විශාල වාසනාවක් බවය.ඒ වගේම ඇයගේ මතකයට අනුව ඇගේ මව ජිවිතයේ කිසිම අවස්ථාවක කිසිම විදියක බලපෑමක් ඔවුනගේ ජීවිත වලට සිදු කර නැත.සරලව කිවතොත් ඔවුන්  තොරගතයුතු විෂය ධාරාවන් මොනවද?ඔවුන් කවුරුන් විය යුතුද යන සාම්ප්‍රදායික මාපිය භූමිකා මගපෙන්වීම් මාලනිය නම්  ගෙන ගොස් නැත.
ඉතින් ඔවුන් කුඩා කල සිට ඔවුනට කැමති ක්ෂේත්‍රවල සැරිසැරීමට නිවසින් අවස්ථාව ලැබී ඇත.විශේෂයෙන් මාලනියගේ කලා ලොව මිතුරන්,විද්වතු,රසවතුන් එවකට නිවෙසට ඒම සහ හඳුනාගෙන අල්ලාප සල්ලාපයේ යෙදීමට සාරදාලට නම් කුඩා කල සිට අවස්ථාව උදාවී ඇත.
එසේ පැමිණෙන පිළිගත් චරිත ආමන්ත්‍රණයට මාමා-නැන්දා යන නම් දීමට තරම් ඔවුනට අවස්ථාව හිමි වුයේ තම මවගේ වටිනාකම නිසාය.

එනිසාමදෝ සාරදාටනම් සංගීතයෙහි ලොකු විශේෂත්වයක් නොදැනුන බව ඇය කියා සිටියාය.නමුත් ඇය සංගීතය විෂයක් ලෙස අපොස උසස්පෙළ දක්වා හදාරා ඇත.එයිනුදු නොනැවතී ඇය  සෞන්දර්ය විශ්ව විද්‍යාලයට පවා තේරී  වුවද ඉන් එහාට ගොස් නැත. තවද ඇය ඉන්දියානු භාත්  කණ්ඩයේ ඩිප්ලෝමාවක් පවා හදාරා ඇති අතර මේ සියල්ල මැදි කර ඇය කියා සිටින්නේ සංගීතය සහ රසවින්දනය යන්න දෙකක් බවය.

ඇයගෙන් ඊළගට විමසා සිටියේ අප කාටත් අවැසි ප්‍රේමය ගැනය.එයට සාරදා දුන් පිළිතුරද හරි අපුරුය.ය ඇය කියන ලෙසට ප්‍රේමය යනු සර්වකාලීන අපගේ අවශ්‍යතාවයකි.විශේෂයෙන් එය වයසින් මුහුකුරා යාමේදී තරුණ කාලයටත් වඩා හොඳින් අවශ්‍යව දැනෙන බවය.
නැවතත් සාරදාගේ අවධානය වෙනස් කරමින් අපි ඇසුයේ කඳුළ ගැන සාරදාට දැනෙන හැඟෙන දේ ගැනය.එහිදී තම මව සිහිපත් කෙරු සාරදා නන්දා මාලනිය කෙතරම් ජන ප්‍රසාදය දිනා ගත්තද ඇයට යාමට වූ කටුක,අඳුරු මාවත් ගැන සිහිපත් කළාය.
තම මවට කුඩා කාලයේදී ආර්ථික දුෂ්කරතා පැවතුණද ආදරයේ අඩුවක් නොවූ බව ඇය  දන්නා මට්ටමින් සඳහන් කළ අතර නමුත් තරුණ වියේදී ඇගේ මව ආදරය වින්දාද යන්න ගැටලුවක් පවතින බව කියා සිටියාය.ඒ අනුව කඳුළ සහ ආදරය  සම්බන්ධව  ඉතා සමීප සබධතාවයක් ඇති බව ඇය පැවසුවාය. “මගේ අම්මා ආදරය ලැබිය යුතු කෙනෙක්.හැබැයි ඇය ආදරය නිසා විඳෙව්වා. ඇගේ කඳුළු මම දැක්කෙ එක දවසක විතරයි. ඒ අමරදේවයන් මියගිය දවසේ. ඔළුවට පිස්තෝලෙ තියද්දිත් රට වෙනුවෙන් ගීත ගයපු කෙනෙක් මගේ අම්මා. ඇයගේ දියණියක් වෙච්ච එක මගේ ලොකු වාසනාවක්.“ නන්දා මාලිනියගේ දියණිය අමා සාරදා පැවසුවාය.

කතාව එසේ ගලා යද්දී අප  සිතට  නැගුණේ ලොවම එපාවී ලොවම කලකිරී දැවී දැවී ඉන්නා වේලේ... යන ගීතයය.

ඒ ගීතය අපි නන්දා මාලනියගේ හඬින්  අසන්නේ මිට අවුරුදු ගණනාවකට පෙරය.මේ ගැන සාරදාගෙන් අසන්නට සිත් වුයේ බාල මහලු තරුණ කවුරුත් පාහේ මේ ගීතයට තාමත් අසාවක් දක්වන නිසාවෙනි.
සුපුරුදු සිනා මුවින් මුව සරසා ගත් සාරදා කියා සිටින්නේ ගීතයේ දිසි අරුත ප්‍රේමය වූ නිසා එවැනි සංසිද්ධියක් බොහොම සුගමව ,දහස් සංඛ්‍යාත ශ්‍රාවකයන් අමන්දානන්දයේ ගිල්වමින් ගායනා කරන්නට  තරම් තම මව දක්ෂ වුයේ සමහරක්විට ඇයද  එවැනි අවස්ථාවකට මුහුණ දී සිටියා විය හැකි යැයි කියමිනි.
ගීතය තවත් අර්ථ විවරණය කරමින් ඇය කියා සිටියේ ප්‍රේමයට නොයෙකුත් වෙනයම් නිර්වචන සැපයුවද ප්‍රේම කරන්නාගේ එක වදනක් පමණක් වුව අනෙක් පාර්ශ්වයට  සැනහෙන්නට ප්‍රමාණවත් වන බවය.ඇය පවසන්නේ කායික බැඳීමකට වඩා ප්‍රේමයේදී මානසික බැදීම ඉතා ප්‍රබල වන බවය.
විශේෂයෙන් අපි වැනි ආසියාතික රටවල් සබඳතා පිළිබඳව දකින්නේ විවිධ කෝණ වලින් වුවත් සමහරක් සබඳතා තුළ අපි නොදකින ගැඹුරු සිදුවීම් තිබෙන්නට හැකි බව ඇය කියා සිටියාය.එසේම ඇය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රේමය නොමැතිව මනුස්ස ජිවිත ගොඩ නැගිය නොහැකි බවයි.

ඊළගට අප යොමු වුයේ ඇගේ පාසල් සමය වෙතයි.වෙන දරුවන්ගේ මවුපියන් මාපිය රැස්වීම්වලට සහභාගී වීම  සමාන්‍යක් වුවත් සාරදාගේ මව නැතිනම්  ආචාර්ය නන්දා මාලනියගේ පැමිණිම දරුවෙක් ලෙසින්  ඇයට විශේෂයක් වන්නට ඇත්දැයි අපි විමසා සිටිමු..
සාරාදා ඊටද ලබා දුන්නේ හරි අපුරු පිළිතුරකි.
අක්කා සමග සාරදා ගොස් ඇත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයටය.එවකටද අම්මා තාත්තා සමග බොහොමයක් අඬ  දබර තිබු බව ඇය  සිහිපත් කළාය.
ඇය කියා සිටින්නේ ඇගේ මවත් පියත් දෙදෙනාම වූයේ තම මව පමණක්ම  බවය.ඉන් පසු ඇය සඳහන් කරන ලෙසට කුඩා කලදී නන්දා මාලනියගේ දුව වීම කරදරයක් බව ඇයට සිතෙන්නට පටන් ගන්නේ තම මව  පාසලට එන සෑම වෙලාවකම තැනින් තැන නැවතී ගුරුවරුන්,මාපියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන විටය.නමුත් ලොකු දරුවන් වීමේදී එය ලොකු ගෞරවයක් ලෙස දැනුන වග ඇය සදහන් කළාය.

නැවතත් අපි කතාව නවමු මාවතකට යොමු කරමින් සාරාදගෙන් අසා සිටියේ තම මවගේ ගුරුවරුන් පිදීම ගැනය.එහිදී සාරදා  කියා සිටියේ තම මව කොතරම් කටුක කාලයක් ගත කළද කිසිකලෙක ඇය ඇද වැටි සිටිනු දැක නැති බවත් එය ඇයටම ප්‍රශ්නයක් වූ බවත් ය.එහිදී මතකය අවදි කරමින් ඇය කියා සිටියේ ඇය හැඬු එක දිනයක්  වෙත්නම් එය අමරදේව සූරීන්ගේ වියෝව වූ දිනය බවය.සැබවින්ම අමරදේව සූරින් යනු නන්දාමාලනිය යන ගැහැනිය ගොඩ නැගු ගුරුවරයෙක් බව ඇය කියා සිටින්නේ ඉතාමත් නිහතමානිවය.
එසේම ඇය කියා සිටින්නේ අදටත් අමරදේව සූරින් රුපවාහිනියක දැක්කත්,ගීතයක් ඇසුණත් තම මවගේ මුහුණින් එම ගෞරවය නික්මෙන බවය.

ඊළගට අප සාරදා සමග කතා කළේ නන්දා මාලනිය නමැති විප්ලවවාදිනිය ගැනය.ඇයගේ ගී පොත පුරාවට අයුක්තියට,අසාධාරණයට විරුද්ධව හඬ  නැගූ ගීත බොහොමයක් පිළිබද කතිකාවත ආරම්භ කරමින් කථාවට මුල පිරුවේ ඇය නිවසේ සංගීතය පිළිබඳව කතා කරනේදැයි අසමින් ය.
සාරදා එහිදිනම් කියා සිටියේ නිවසේ බොහොමයක් වෙලාවට සංගීතය පිළිබදව කතා නොකර බවයි.තම මව සෑම විටම වෘත්තීය ජීවිතය හා පවුල වෙන් වෙන් වශයෙන් තියාගත් තැනැත්තියක් බව ඇය සදහන් කළාය .

"පවන" සිහිපත් කිරීමේදී ,ආචාර්ය නන්දා මාලනිය යනු හිසට තුවක්කුව යොමු කර සිටිද්දීත් ගීත කලාව නොනැවතු අපුරු කලාකාරියකි.මේ පිළිබදව ඇයගේ දුව වූ සාරදාගෙන්ම ඇසීමට අපට සිතුණේ ඇගේ මව පිලිබදව ඇයට වඩා දත් කෙනෙක් නොදත් නිසාය .

ඒ පිළිබදව ඇය කියා සිටියේ තම මව සමග මව හා සමානවම ඇයත්,අක්කත් මෙම ප්‍රශ්නවලට ගොදුරු වුණ බවයි.ඇයට ඒ පිළිබදව එකල ලොකු දැනුමක් නොමැති වුණත් තම මවට ලංකාවේ සිටීමට නොහැකිවීම,නොයෙකුත් තර්ජනයන්ට ලක්වන්නට කුඩා දරුවන් වූ සාරදා සහ ඇගේ අක්කාට සිදුවීම අතිශය පීඩනකාරී වටපිටාවක් සැකසු බව ඇය සිහිපත් කළාය.නමුත් ඇගේ මව වෙනුවෙන් එවැනි කැපකිරීම් සිදුකළ ආකාරය පිළිබද අද විශාල සතුටක් ඇති  බව ඇය සදහන් කරන්නේ සොඳුරු සිනාවකින් මුව සරසාගෙනය.එසේම එම දුෂ්කර අවස්ථාවලදී නොයෙකුත් අයුරින් උදව් කළ නෑදෑ ,හිත මිතුරු,ගුරුවරු සියල්ලක්ම සිහිපත් කිරීමටද සාරදා අමතක නොකළාය.



අදහස් (0)

ගීතයෙන් ලොවක් දිනූ මගේ මව සැබෑ විප්ලවවාදිනියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 596 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 507 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site