IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි

ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය. 

ඉන්දියාව සහ ඉරානය අතරේ යහපත් සබඳතා පවතින අතර, ඉන්දීය රජය පසුගිය දා ඉරානයේ චබහාර් වරායේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඉරානය සමඟ 10 වසරක ගිවිසුමකට අත්සන් කළේය.

මෙය ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතුවක් වූ අතර, ඇමෙරිකාව එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කවුරු වුණත් කමක් නැහැ. ඉරානය සමඟ සම්බන්ධකම් පවත්වන රටවලටසම්බාධක පැනැවීමක් සිදු කරන බවත්, එම සම්බාධකවලට මුහුණ දීමට සූදානමින් ඉරානය සමඟ ගනුදෙනු කරන ලෙසත් ය. ඇමෙරිකාව මෙම තර්ජනය කළේ ඉන්දියාවට බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානව සහ ඉන්දියාව අතරේ සමීප මිතුදම් පවතී. ආසියානු කලාපයේ චීනය ඇමෙරිකාවට තර්ජනයක් වී ඇති බැවින්, ඇමෙරිකාවේ සමීපතම මිතුරා වී සිටින්නේ ඉන්දියාවය. 

ඇමෙරිකාවේ තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසා ඇත්තේ එම ඉරාන සමඟ අත්සන් කළ එම ව්‍යාපෘතිය මුළු කලාපයටම ප්‍රතිලාභ ලබා ගෙන දෙන්නක් බවය. එබැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පටු අදහස් නොදැරිය යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට පෙන්වා දී ඇත. ඉරානය, චබහාර් වරායේ ඉදිරි කිරීම් සිදුවූයේ ඉන්දීය රජයේ ද සහාය ඇතිවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි

Yashan Wednesday, 22 May 2024 09:09 AM

ලෝකයක් ඇමරිකාව හැළිය යුතුයි. ලෝකයට කරුමය ගේන ප්‍රමුඛ රට ඇමරිකාවමයි. වඩා යහපත් බහු ධ්‍රැවීය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 213 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 723 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1139 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site