
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකල වැටලීමකදී දැඩි ආරක්ෂීත බෙල්ලන් විශාල සංඛ්‍යාවක් හා තවත් සත්ව කොටස් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.
මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුනේ අවුරුදු 53,42,19 සිමාවල පත්කොලගොල්ල ගලේවෙල හා අලුත් බඹරගස්වැව පදිංචි සැකකරුවන් පිරිසකී.
ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් කලක සිට සිදුකල බුද්ධි මෙහෙයුමකදී මෙලෙස දැඩි ආරක්ෂීත සුමට මකුළු බෙල්ලන් හා මුව අං තට්ටු තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.
ගුවන් හමුදා බුද්ධී නිළධාරීන් හා වනජීවි නිළධාරීන් විසින් උපාය දූතයින් යොදවමින් අදාල මෙම ජාවාරම්කරුවන් සුක්ෂම ලෙස රවටා අදාල දෑ මිළදි ගැනිමේ අරමුනීන් පැමින වැටලීම සිදුකර තිබු අතර,
මෙම වැටලීමේදි දැඩි ලෙස ආරක්ෂීත සුමට මකුළු බෙල්ලන් 22 ක්,තනි මුව අං තට්ටු 02 ක්,මුව අං කොටස් 03 ක්,මුව අං තට්ටු 01 ක් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි. .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd