
Kings රෝහලේ අක්මා බද්ධ සහ අක්මා/පිත්තාශ පිළිබඳ මනා දැනුමක් හා පලපුරුද්දක් ඇති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තාමර පෙරේරා මහතා සමග කළ වෛද්‍ය පිළිසඳරකින් පසු පාඨක ඔබ වෙනුවෙන් සැකසුණු ලිපි පෙළක පළමු ලිපියයි මේ...
මේ වන විට අක්මා බද්ධ ශල්‍යකර්මය ලොව පුරා ඇති විශේෂ රෝහල් කිහිපයක ඉතා සාර්ථකව සිදු කෙරෙමින් පවතින අතර මෙම සංකීර්ණ කි‍්‍රයාවලිය ශී‍්‍ර ලංකාව තුළ හරියාකාරව සිදුවෙන රෝහලක් සොයා යාමේදී අපට Kings රෝහල හා ඊට සම්බන්ධ අක්මා බද්ධ ශල්‍යකර්මය සාර්ථකව සිදුකරන විශේෂ වෛද්‍යවරයෙක් මුණගැසුණා.
ඒ අත්දැකීම් බහුල මහාචාර්ය තාමර පෙරේරා මහතා. ඔහු පිළිබඳ කරුණු සොයා යෑමේදී එතුමා ලොව සුපතල අක්මා බද්ධ ශල්‍යකර්ම ව්‍යාපෘති ගණනාවක දශක 02කට ආසන්නව අත්දැකීම් ඇති ඉතාමත්ම පලපුරුදු හා දක්ෂ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් බව අපිට මනාව තහවුරු විය.
|
වෛද්‍ය මහාචාර්ය |
Q? මහාචාර්යතුමනි අපිට මුලින්ම කියන්න ඇයි ඔබ ඔබේ සේවය ලබාදීමට Kings Hospital Colombo ම තෝර ගන්නේ?
මෙතන තියෙන්නේ ගුරු ගෝල සම්බන්ධතාවයක්. මගේ වෛද්‍ය ජීවිතයේ මට උදව් කරපු මට ආදර්ශමත් චරිතයක් වුනු මහාචාර්ය කෙමල් ඞීන් මහතා ගෙන් මට කාරුණික ආරාධනාවක් ලැබුණා මෙම ආයතනයට සම්බන්ධ වෙන්න කියලා. එතුමාට කරන ගෞරවයක් වශයෙන් සහ මෙම ණසබටි රෝහලේ පසුබිමත් සැලකිල්ලට ගෙන මම තීරණය කරා මෙම රෝහලේ ”අක්මා බද්ධ ඒකකය” (Liver Transplant Unit ) බාරගන්න. ඇත්තටම කියන්න සතුටුයි. නවීනතම තාක්ෂණික වෛද්‍ය උපකරණ මේ රෝහලේ තිබෙන්නේ. ඒවගේම මේවා කි‍්‍රයාත්මක කරවන්නේ මනා නිපුණතාවයකින් යුතු පුහුණු කණ්ඩායමක්. මගේ සහයට ඉන්න වෛද්‍යවරු, හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ තියෙන හැකියාව පලපුරුද්ද ඔවුන්ගේ තිබෙන කාරුණිකත්වය මම මේ මොහොතේ අගය කරනවා.
Q? මහාචාර්යතුමනි‘‘අක්මා බද්ධ” මෙම කාණ්ඩය යටතේ ලෝකෙම ඉන්නේ වෛද්‍යවරු ඉතාමත්ම ස්වල්ප ප‍්‍රමාණයක්. මෙවැනි සුවිශේෂී වූ ශල්‍යකර්ම වෛද්‍ය කලාපයකට ඔබ යොමු වීමට පාදක වූ හේතුව කුමක්ද?
මම අක්මා බද්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් වීමට ප‍්‍රබලම හේතුවක් වුණේ මහාචාර්ය කෙමල් ඞීන් මහතා. මම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම සහ පුහුණුවීම් ලබන කාලයේ මගේ දක්ෂතාවය හඳුනගෙන මම අක්මා සම්බන්ධ අංශයට යොමු කිරීමට මුල්වුනේ එතුමා.
මම මගේ මූලික ශල්‍ය වෛද්‍ය පුහුණුව ශ්‍රී ලංකාවේ නිම කළ පසු මම විදේශ පුහුණුවට එංගලන්තයට ගියහම මට ලැබුණු අවස්ථා වලින් උපරිම ප‍්‍රයෝජන අරගෙන, පළමුව විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් (ළමා සහ වැඩිහිටි යන කාණ්ඩ දෙකෙන්ම* සේවය කළා. ඉන්පසු බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තනතුර දක්වා ගමන් කලා.
ඒ කාලෙත් මගේ අභිලාෂය වුණේ ලංකාවට ඇවිල්ලා අක්මා බද්ධ ඒකකයක් ආරම්භ කිරීම, දැනට වසර කිහිපයකට පෙර මගේ ගුරු මහාචාර්ය කෙමල් ඞීන් මහතා මට නැවත මුණගැසුණා. ඒ අවස්ථාවේදී තමයි එතුමා මට ආරාධනා කරේ ලංකාවට එන්න ඇවිත් මගේ සේවය මේ රටට ලබා දෙන්න කියලා.
මම එනකොටත් ලංකාවේ අක්මා බද්ධ ශල්‍යකර්ම (Liver Transplant) පටන් අරගෙන අවුරුදු 15ක් විතර වෙනවා.
නමුත් රජයේ රෝහල්වල ප‍්‍රමාණවත් අක්මා බද්ධයන් සංඛ්‍යාවක් සිද්ධ වෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේ අක්මා බද්ධ සාර්ථකව සිදු වුනේ නැහැ. මම තීරණය කළා මේ තමයි නිසි අවස්ථාව ලංකාවට නැවත පැමිණෙන්න කියලා.
Q? මහාචාර්යතුමනි ඇයි රෝගියෙක් අක්මා බද්ධ ශල්‍යකර්මය සඳහා Kings Hospital Colombo ම තෝරගත යුත්තේ?
මේ රෝහල රෝගීන්ට ඉතාමත්ම සමීපයි, හෘදයාංගමයි, ඉතාමත් පිරිසිදුයි, ගුණාත්මකභාවයෙන් ඉහලයි, මෙම රෝහලට පැමිණෙන කිසිම රෝගියෙකුට හිතෙන්නේ නැහැ තමන් යන්නේ රෝහලකට කියලා. රෝගීන්ගේ මානසික සෞඛ්‍ය අගය කරන මෙම රෝහල් කාර්ය මණ්ඩලය රෝගියෙකු ඇතුළු වන ප‍්‍රධාන දොරටුවේ ඉදලම තමන්ගේ සේවය ඉතා අනගි ලෙස තම සේවාලාභීන්ට සලසා දෙනවා.
Q? මහාචාර්යතුමනි මෙම සැත්කම සඳහා බොහෝ රෝගීන් විදෙස්ගත වෙනවා. එසේ නොවි ලංකාව තුළ මෙම අක්මා බද්ධ ශල්‍යකර්මය කිරිම තුළ රෝගියාට ලැබෙන වාසි මොනවාද ?
අප දන්නා හැටියට නිල නොවන සංඛ්‍යා ලේඛන වලට අනුකූලව වසරකට රෝගීන් 150ත් 200 ත් අතර ප‍්‍රමාණයක් ඉන්දියාවට සහ තවත් රටවල් කිහිපයකට යනවා මෙම ශල්‍යකර්මය කරගන්න. ඒක එතරම් හොඳ ප‍්‍රවණතාවයක් නොවේ. අපේ රටේ විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ගලාගෙන යනව වෙනත් රටවලට. සාමාන්‍යයෙන් ලංකාවේ මෙම අක්මා බද්ධය සිදුකරාට පස්සේ රෝගියෙකුට සතියකින් පමණ ගෙදර යන්න පුළුවන්. සමහරවිට ඉන්දියාවට ගියාම මාස දෙකක් තුනක් අතර කාලයක් යනවා ඔවුන්ට මේ කාර්යය කරගන්න. ඔහුට ශල්‍යකර්මයට අමතරව ඔවුන් සමග සහයට යන පිරිසට ඉඳුම් හිටුම්, නවාතැන්, ප‍්‍රවාහන සහ ආහාර පාන සඳහා විශාල මුදලක් වැය වෙනවා.
ඒ වගේම ඒ රටේ භාෂාව සහ දේශගුණය වැනි කාරණා නිසා රෝගියාගේ මානසික සුවයට දැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. මාස දෙක තුනක් තමන්ගේ යාළු මිත‍්‍රාදීන්ගෙන්, නෑදෑයින්ගෙන්, හිතවතුන්ගෙන් ඈත් වෙලා ඉන්නවා කියන්නේ හරිම අසීරු වැඩක්. විශේෂයෙන්ම රෝගියකුට එය මානසිකව දැඩි ලෙස බලපානවා. අපි දකිනවා බොහෝ රෝගීන් ප‍්‍රතිකාර සඳහා විදෙස් ගතවීම තුළ ඔවුන්ගෙන් තම පවුලට ඉටුවෙන යුතුකම් සහ වගකීම් ඉටු කරගන්න නොහැකිවීම හේතු කොටගෙන ඒ දින වකවානු තුළ ඔවුන් දැඩි පීඩනයකට ලක්වෙනවා.
අනික ලංකාව කියන්නේ හොඳ සෞඛ්‍ය මධ්‍යස්ථානයක්. ඒක මුළු ලෝකෙම පිලිගන්නවා. ඒ අතරින් Kings Hospital Colombo කියන්නේ නවීනතම තාක්ෂණය භාවිතා කරන පලපුරුදු දක්ෂ නිපුණතාවෙන් පරිපූර්ණ වෛද්‍ය හෙද සහ කාර්ය මණ්ඩලයක් ඉන්න කාර්යක්මතාවයෙන් පරිපූර්ණ රෝහලක්. මම හිතනවා මේ හේතු ටිකම ඇති ඔබට මෙම රෝහල තෝරගන්න මෙම අක්මා බද්ධ ශල්‍යකර්මය සඳහා. විශේෂම කාරණය මෙම රෝගීන් අපේ රටේ පුරවැසියෝ. ඉතින් ඔවුන් පිළිබඳ යම්කිසි කැක්කුමක් හිතවත්කමක් අපිට තියෙනවා. මුදලටත් වඩා අපි බලන්නේ කොහොමහරි මෙම රෝගීන් නිරෝගිමත් කර අපේම සමාජෙට නැවත වරක් යොමු කරන්න.
Q? මහාචාර්යතුමනි අක්මාව බිඳවැටීම තුළ රෝගියෙකුට ඇතිවන ඒ හා සම්බන්ධ වෙනත් රෝග, රෝග ලක්ෂණ සහ කායික අපහසුතාවයන් මොනවාද?
අක්මාව අකර්මණ්‍ය වීම මූලික අදියරේදීම හඳුනාගෙන ප‍්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්. අක්මාවේ කි‍්‍රයාකාරීත්වය දුර්වල විමත් සමගම වකුගඩුවල, පෙනහළු වල සහ හෘදය වස්තුවේ කි‍්‍රයාකාරීත්වය අඩපණ වෙන්න පුළුවන්. ශරීරයේ ජල පාලනය, ලවන පාලනය අඩපණ වෙනවා. ඉතා කුඩා බැක්ටීරියා වයිරස් ඇතුළු විවිධ වූ රෝගකාරකයන් මගින් ඔබට ඉක්මනට ලෙඩ රෝග වැළඳෙන්න පුළුවන්. ශරීරය ප‍්‍රතිශක්තිකරණය අඩුවීම තුළ ඔබේ ජීවිතේට දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන්.
අක්මාව කියන්නේ මහා පුදුම ඉන්ද්‍රියක්. මූලික අවධියේ දී අක්මාව දුර්වල වෙනකොට, එයට පුලූවන් නැවතත් වර්ධනය වෙමින් යථා තත්ත්වයට පත්වෙන්න. එම නිසා අක්මා රෝගයක් වැළඳීමේදී මූලික අවස්ථාවේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඉතින් මෙය හඳුනා ගන්න වෙන්නේ ඉතා අන්තරාදායක අවස්ථාවට පත්වීමෙන් පසුවයි. ලංකාවේ ජනගහනය වැඩි ප‍්‍රමාණයක් මේ සිරෝසිස් (Cirrhosis) රෝග මුල් අදියරත් සමග ජීවත් වෙනවා. ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. නමුත් එම රෝගීන්ට ලොකු පීඩනයක් ආවහම අක්මාවට දරා ගන්න බැරි වෙනවා.
ඒ කියන්නේ අක්මාව සමතුලිතභාවයකට (Decompensated) කියන අවස්ථාවට යනවා. ඒ මොහොතේදී තමයි රෝගියාට තේරෙන්නේ තමන්ට එම රෝගය හැදිලා කියලා.
උදාහරණයක් විදියට කකුල් ඉදිමෙනවා. බඬේ වතුර පිරෙනවා, සිහි මද ගතිය, ඇස් කහ පාට වීම සහ ලේ වමනය ආදී දේ ඇතිවෙනවා.
Q? මහාචාර්යතුමනි අක්මාවෙහි මේදය තැන්පත්වීම හෙවත් Fatty Liver රෝගය සහ සිරෝසිස් අතර සම්බන්ධය මොකක්ද?
Fatty Liver කියන්නේ බොහොම සුලබව දකින්න පුලූවන් දෙයක්. මෙහි රෝග ලක්ෂණ කිසි දෙයක් නැහැ. බොහෝ වෙලාවට රුධිර පරීක්ෂණ පවා සාමාන්‍ය අගයන් වල තියෙන්න පුලූවන්. නමුත් මේ Fatty Liver කියන තත්වය තමයි විවිධ අදියර ගණනකින් පසුව සිරෝසිස්(Cirrhosis)යන තත්වය දක්වා වර්ධනය වෙන්නේ. අක්මාවේ තෙල් තැම්පත් වීම හෙවත Fatty Liver තත්වය ඇතිවන ප‍්‍රධානම හේතුව තමයි තමන්ගේ ජීවන රටාව. තමන් කන ආහාර මේකට බලපානවා. ව්‍යායාම නොකිරීම සහ ආහාර ගැනීමෙන් පසුව එකම තැනක අසුන් ගෙන දිගු කාලයක් වැඩ කිරීම, අධික මත්පැන් පානය වාගේ දේවල් හේතු වෙන්න පුලූවන්.
Q? මහාචාර්යතුමනි මත්පැන් නිසාම පමණක් මෙම රෝගය හැදෙනවා කියලා සමාජ මතයක් තියෙනවා. සිරෝසිස් (Cirrhosis) රෝගය හැදුනු කෙනෙක් දිහා සමාජය බලන්නේ හරි අමුතු විදිහට. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. ඉහත සඳහන් ආකාරයට තමන්ගේ දෛනික චර්යාවේ තියෙන අඩුපාඩුකම් හේතු කොටගෙන තමයි ගොඩක් වෙලාවට මේ රෝගය හැදෙන්නේ. කිසිම දිනෙක මත්පැන් පානය නොකළ අයටත් ඉතා දරුණු ලෙස මේ Fatty Liver සහ සිරෝසිස් (Cirrhosis) කියන රෝග තත්ත්වයන් තියෙනවා.
ඒ විතරක් නෙවෙයි, ඉතා අඩු වයසේ ඉඳලම මෙම රෝගය සෑදීමේ ප‍්‍රවණතාවයක් අපිට දැන් දක්නට ලැබෙනවා.
කලාතුරකින් හෙපිටයිටිස් වගේ රෝග හැදිලා තියෙනවා නම් ඒකත් අක්මාවට පසුකාලීනව බලපානවා.
කිසිම රෝග ලක්ෂණයක් නැති නිසා බොහේ වෙලාවට මේ වගේ දේවල් පෙන්නුම් කරන්නේ වෙනත් හේතුවක් සදහා ඔවුන් ලබාගන්නා වෛද්‍ය පරීක්ෂණ වාර්තා වලින් (Scrcening tests)
Q? මහාචාර්යතුමනි සිරෝසීස් රෝගය වැළඳුන රෝගියෙකුට ඇති හොඳම විසඳුම කුමක්ද? බෙහෙත් මගින් මේ රෝගය සනීප කරන්න පුළුවන්ද?
සිරෝසිස් (Cirrhosis) රෝගියෙකුට ඇති අවසාන එකම විසඳුම අක්මා බද්ධය පමණමයි. ඒක ලෝකයේ හැම රටක්ම දැන් පිලි අරගෙන තිබෙනවා. මූලික අවස්ථාවේ දී බෙහෙත් මගින් සමහර රෝග ලක්ෂණ පමණක් පාලනය කරගත හැකියි. නමුත් සිරෝසිස් රෝග තත්වය critical stage අවස්ථාවට පත් වුනහම අක්මා බද්ධ ශල්‍යකර්මයෙන් පමණයි නැවත නිරෝගී ජීවිතයකට මග පෑදෙන්නේ.
Q? මහාචාර්යතුමනි මෙම ශල්‍යකර්මය සිදු කිරීම සහ ඉන්පසු ඔවුන්ගේ ජීවිතයට ලැබෙන සාර්ථක ප‍්‍රතිඵලය පිළිබඳ විශ්වාසයක් රෝගීන් තුළ ඔබ ආයතනය ඇති කරන්නේ කොහොමද?
පසුගිය කාල සීමාව තුළ මෙම අක්මා බද්ධය සිදු කළ රෝගීන් සමග කළ සාකච්ඡුා තොරතුරු සහ ඔවුන් සිය කැමැත්තෙන්ම ඔවුන්ට ලැබුන නව ජීවිතය පිළිබඳ කතා කරන ලද වීඩියෝ දර්ශන සහ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳ නිවැරදි විස්තර ගොනු කරන ලද වාර්තා ඡුායාරූප ඔබට දකින්නට සහ කියවන්නට පුලූවන් අන්තර් ජාලය හරහා.
රෝගියෙක් සුවපත් වී අලූත් ජීවිතයක් ලැබිලා හොදින් ජීවත් වෙනවා දැකීම ඉතාම සංවේදී සහ තෘප්තිමත් අවස්ථාවක්. මේ රෝගීන් දැනට කැමැත්ත ප‍්‍රකාශ කරලා තිබෙනවා තවත් රෝගීන්ගේ සුවසෙත පිණිස තමන්ගේ අත්දැකීම් බෙදා හදාගන්න. වගකීමෙන් කටයුතු කරන රෝහලක් වශයෙන් අපි ළඟ සංඛ්‍යා ලේඛන තියෙනවා අපි කරපු ශල්‍යකර්ම සහ ඒවායේ ප‍්‍රතිඵල පිළිබඳ. එම නිසා ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍යනම් අපෙන් මේ ගැන විමසීම් කරන්න පුලූවන්. ඊට අමතරව ඔබට අවශ්‍ය නම් හැකියාව තිබෙනවා අන්තර් ජාලය හරහා අපේ වෛද්‍යවරුන්ගේ නිපුණතාවය සහ අත්දැකීම් පිළිබඳ තොරතුරු හොයා බලන්න.
තවත් විශේෂ කාරණයක් තමයි අපි කවදාවත් අපේ රෝගියාව අතරමගදී අතහරින්නේ නැහැ. අක්මා බද්ධ ශල්‍යකර්මයෙන් පසුවත් නිරතුරුවම ඔහු හෝ ඇය පිළිබඳ විමර්ශනය කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සමින් අවශ්‍ය සියලූම කටයුතු කිරිමට වගකීමෙන් යුතුව බැඳී සිටිනවා.
දුර්මත කටකතා මතවාද නිසා සිරෝසිස් හැදුන රෝගියෙකු දිහා වැරදි විදිහට බලන්න එපා. එතකොට ඒ රෝගීන්ට නිසි අවස්ථාවේ දී හරි ප‍්‍රතිකාරය ලබා ගැනීමේ අවස්ථාව මගහැරෙනවා. ඒවගේ රෝගීන් සඳහා අක්මා බද්ධ ශල්‍යකර්මය සිදු කරලා ඔවුන් එම තත්ත්වයෙන් ගලවා ගැනීම තමයි අපේ වගකීම. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අක්මාවක් දන් දීමට කැමති පුද්ගලයාත් එනම් Liver Donor ආරක්ෂා කර ගැනීමත් අපේ යුතුකමක්.
Q? මහාචාර්යතුමණි අක්මා දායකයා හෙවත් Liver Donor අක්මාව පරිත්‍යාග කරන්නාට සෞඛ්‍යමය ගැටළුවක් අනාගතයේදි ඇතිවෙන්න පුළුවන්ද?
අක්මාව තමයි අපේ ශරීරයේ තියෙන නිරන්තරයෙන්ම වර්ධනය වීමේ හැකියාව ඇති එකම ඉන්ද්‍රීය. අක්මාවෙන් කොටසක් දායක කළ පසු ඉතිරි කොටස සතියකටත් අඩු කාලයක් තුළ නැවත වර්ධනය වෙනවා. එම නිසා දීර්ඝ කාලීනව කිසිම ගැටලූවක් ඇතිවන්නේ නැහැ. අසරණ රෝගියෙකු වෙනුවෙන් එවැනි පරිත්‍යාගයක් කිරීමට කැමති උසස් මනුස්සයෙක් අපි කවදාවත් අපහසුතාවයට පත් කරන්නේ නැහැ. එම දායකයාගෙන් අපි ලබාගන්නේ ඔහුගේ නීරෝගි අක්මාවෙන් කොටසක් පමණයි. ඒ කියන්නේ දායකයාට කිසිම සෞඛ්‍යමය ගැටලූවකට මුහුණ පාන්න සිදුවෙන්නේ නැහැ. පරීක්ෂණ මගින් ඔහුගේ සුදුසුකම් සලකා බලා තමයි අපි අක්මාවකින් කොටසක් දායකයාගෙන් ලබාගන්නේ. ඔහුට අනතුරක් නම් අපි ඒ දේ කවදාවත් කරන්නේ නැහැ. ඒක අපි ඉගෙන ගත් සදාචාර සම්පන්න වෛද්‍ය විද්‍යාවට අනුව වැරදියි.
ඒ වගේම රෝගියා සහ දායකයා දෙදෙනාම නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කරමින් ඔවුන් ගැන බලන්න අපි බැඳී සිටිනවා.
|
වෛද්‍ය ශානි ද සිල්වා Q?ඉතාමත්ම කෙටි කාලයකින් ලංකාවේ මිනිස්සු අතර ජනපි‍්‍රය සහ ජනප‍්‍රසාදයට පත් නවතම රෝහල Kings Hospital Colombo බව නොරහසක්. මේ ජයග‍්‍රහණය සඳහා විශාල දායකත්වයක් සැපයු විශේෂ කෙනෙක් ඔබ. ඔබතුමිය අපිට කියන්න ඇත්තටම කවුද මේ අක්මා බද්ධ විශේෂඥ වෛද්‍ය තාමර පෙරේරා කියන්නේ... ඉතාමත් වැදගත් ප‍්‍රශ්නයක්. මහාචාර්ය තාමර පෙරේරා කියන්නේ එංගලන්තය වගේ දියුණු වෛද්‍ය සංස්කෘතියක් තියෙන රටක දීර්ඝ කාලයක් සේවය කරපු මහාචාර්යවරයෙක්. ඒ වගේම යුරෝපයේ තියෙන විශාලතම අක්මා බද්ධ රෝහලේ Liver Transplant Center එකේ හිටපු ප‍්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා. ලෝකයේ මෙතෙක් සිදු කරපු සාර්ථක අක්මා බද්ධ විශාල ප‍්‍රමාණයකට දායකත්වය සපයලා තියෙන්නේ මේ අපේ මහාචාර්යතුමා. ඒ වගේම වසරක් තුළ දළ වශයෙන් අක්මා බද්ධ 100 ක් 120 ක් පමණ ඔහු විසින්ම සිදුකළ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඒ වගේම ලෝකෙ ඉන්න අක්මාබද්ධ ශල්‍යකර්ම ප‍්‍රමාණය දහසකට වඩා අභිබවා ගිය වෛද්‍යවරු අතලොස්ස අතර මහාචාර්ය තාමර පෙරේරා ඉන්නවා. ඒක අපි රටක් විදිහට ආඩම්බර විය යුතු කාරණාවක්. ඉතින් මේ වගේ විශේෂඥ වෛද්‍යවරයෙකු අප ආයතනය හා සම්බන්ධ වීමම අපි ලද භාග්‍යයක්. මේ වගේ සුදුසුකම් ලද විශේෂඥ වෛද්‍යවරයෙක් නායකත්වය අරගෙන ඔහු වටා තව විශාල වෛද්‍යවරු, හෙද හෙදියන් කණ්ඩායමක් එකතු කරගෙන මෙවැනි සේවාවක් ආරම්භ කිරීම රටක් වශයෙන් ඉතාම වැදගත්. අක්මා බද්ධ ශල්‍යකර්මයක සාර්ථකත්වය මනින්නේ දීර්ඝ කාලීන ප‍්‍රතිඵල මතයි. එතකොට කණ්ඩායමක් විදිහට වැඩ කිරීම සහ ඒ කණ්ඩායමට අවශ්‍ය කරන පහසුකම්, උපදෙස්, නායකත්වය ලබා දීම තමයි Kings Hospital Colombo වල කළමණාකාරීත්වය හැටියට අපි කරන්නේ. පසුගිය වසර තුළ ලකාවේ රෝහලක් තුළ සිදුකළ වැඩිම අක්මා බද්ධ ශල්‍යකර්ම ප‍්‍රමාණය සිදු කරලා අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තවත් ඉහළ තලයකට නංවන්නට අප විසින් සිදුකළ දායකත්වය ගැන අපිට නිහතමානීව ආඩම්බර වෙන්න පුලූවන්. ඔබට මේ පිළිබද වැඩි විස්තර අවශ්‍ය නම්
|

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd