IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී කොස්තාපල්වරු දෙන්නා රෝහලේ

(බී.ජී. චතුරංග සහ උපුල් හේරත්)

පොලිස් රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා  තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර  ඇති බව අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශය පවසයි  .

දඹුල්ල පොලිසියට අනුයුක්ත සේවය කරන මාතලේ  කොට්ඨාශ රථවාන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු  සහ මරදන්කඩවල  පොලිසියේ කොස්තාපල්වරයෙකු ගමන් කල  යතුරු පැදියක් මතට මෙම ගස කඩා වැටී ඇති බව  පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් පස් දෙනෙකු යතුරුපැදි තුනකින් රාජකාරී කටයුත්තක් සඳහා  අද උදෑසන මාතලේ සිට අනුරාධපුර බලා එමින් සිටියදී එක් යතුරු  පැදියකට මරදන්කඩවල  පොලිසියේ කොස්තාපල්වරයෙකු  අතරමඟදී නැඟ ඇති බව පොලිසිය කියයි.

අනුරාධපුර කවරක්කුලම පොලිස් වසමේ කවරක් කුලම හන්දිය බුදු පිළිමය ආසන්නයේදී  මෙම ගස එක් යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුවී තිබෙනවා.

 

 



අදහස් (2)

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී කොස්තාපල්වරු දෙන්නා රෝහලේ

Nimal Friday, 17 May 2024 12:31 PM

ඉක්මන් සුවය ලැබේවා...!

:       3       7

Perera Saturday, 18 May 2024 12:07 PM

ඔය අය කරන දහජරා වැඩවලට නීතියෙන් දඬුවම් නොලැබුණත් ස්වභාව ධර්මය නිසිකලට දඬුවම් දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site