
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක, සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ 25 හැවිරිදි ගොවියෙකුගේ ලිපිනයට එවා තිබූ අතර, ඔහු මෙම "පුලිය" සහිත ඇසුරුම භාර ගැනීමට සීදුව බන්ධිත ගුදම් සංකීර්ණය වෙත පැමිණ සිටිය දී, ඇසුරුම ගලවා පරීක්ෂා කිරීමෙන් පසු, ඔහු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම "පුලිය" තුළ කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 101 ක් බරැති මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සගවා තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගත් මෙතැම්පටමයින් තොගය සහ ඒවා භාර ගැනීමට පැමිණි තරුණයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පුලියකින් මේ වගේ දෙයක් කලානම් තව පුලි තුනක් ගෙනාවනම් කොහොම හිටියිද ?
ඔය පාර්සලයේ ලබන්නා හැටියට තිබුණේ මිස්ටර් හිටන් කියලා කෙනෙක්ද? මිස්ටර් හිටන් නිතරම රට යන කෙනෙක් නිසා ඔයවගේ දේවල් එයාගේ නමට එහෙ ගිය වෙලාවක එව්වද කියා කවුද දන්නේ...?