IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොහේ හෝ ඇති ප්‍රේමයක්..

 

මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවිතයක ඇරඹුමක් සමඟින්ම එක්කරන්නේ නවමු අත්දැකීම්.

ජීවිතයක.අසිරිමත්බව විඳීමටනම් සෑම මිනිසකුම සොබාදහමට ආදරය කළ යුතුමයි.ගහ වැලක පිපෙන මලක හැඩරුව විඳින්න වගේම ඇළ දොළක දිය කඳුරක එක දිය දෝතක් දක්වාම ,පොළෝතලය සිපගෙන හමනා සුළං දහරත් ජීවිතයට එක්කරන්නේ අලුත් අත්දැකීම්.ඒ නවමු මිහිර හැම ජීවිතයකටම අත්‍යවශ්‍ය යි.

බොහෝ මිනිසුන් ගෙවන කාර්යබහුල ජීවිතය මත දවසින් දවස ඈත් වී යන්නේ මේ මිනිසත්කම්,යහගුණදම් පිරී පවතින සොබාදහම යි.නාගරීකරණයට නතු වූ බොහෝ මිනිසුන් ගහ කොළක් නැති කැකෑරෙන කටුක පරිසරවල තම ජීවිතය සිරකොට පවතින රැළි පසුපස දිවයන්නේ මං මුලාවූ සේය.

මේ ජීවිතය තුළ සොබාදහම මත ගලායන ආදරය හැම හදවතක්ම විඳිය යුතුයි.ඒ තුළින් ජීවිතය දැකිය යුතුයි.ඒ ආදරයට ආදරය කළ යුතුයි.

සොබාදහමේ ඇරඹුමත්
ලියා ඇති එක ඉරණමක් 
නිමා වන හමුවීමකත් 
කොහේ හෝ ඇති ප්‍රේමයක් ...

දවා හළු කළ මතකයත්
රිදුම් දෙයි හැමදාකමත් 
නවාතැන් වුණ හිත් යටත් 
කොහේ හෝ ඇති කවුරුවත් ...

හිනාවෙන හද පතුලකත් 
සුසුම් නෑ අවසානයක්
බිඳී ඇහැරෙන රිදුමකත් 
කොහේ හෝ ඇති ප්‍රේමයක් ...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ 
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගී පද රචනා ක්ශේත්‍රය ට කාන්තා දායකත්වය හිමිවන්නේ 1965 වසරේ මැයි 31 දා තිරගතවූ ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ 116වන චිත්‍රපටය වූ " ලා දළු" තුළින්. ඒ ගී පද රචිකාව වන්නේ චන්ද්‍රා වයමන්.ගායන ශිල්පිණී මල්ලිකා කහවිට ගැයූ පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කළ " සෙනෙහස සොම්නස අතිනත ගත් විට.." එම ගීතයයි.

එසේ ඇරඹුණු ගී පද රචිකාවන්ගේ දායකත්වය සිංහල ගීතයට ලැබුණේ අල්ප වශයෙන් බව පැවැසිය හැක්කේ 2000 වසර දක්වාම සංඛාත්මකව අඩුවක් ගත් බැවින්.ඉන්පසු කාල පරිච්ඡේදය ගීත ක්ශේත්‍රය තුළ විවිධ වෙනස්කම්  ඇතිවූ අතර බොහෝ ගී පද රචිකාවන් ගීතයට තම දායකත්වය ලබාදුන්නා.

ජීවිතයේ,ආදරයේ සියුම් තැන් නිරීක්ෂණය කරමින් සුබාවිත ගීතයට නැවුම් දායකත්වයක් එක්කළ නවමු ගී පද රචිකවක වූ නෙලූකා එස් ප්‍රනාන්දු  ද මතු බලාපොරොත්තු තබාගත හැකි රචිකාවක්.

"මානව බැදීම් කියන්නෙ  මහ පුදුම දෙයක්. ජීවිතේ ජීවත් වෙනකොට විදින්නට වෙන අත්දැකීම්,අත්විදීම්  එක්ක ජීවිතේ ගලපන කොට මට දැනෙන්නෙම  මේ  සොබා දහමේ  දහම අපේ ජීවිතේ ගලා යන්නෙ කියල.
කොහොම  වුණත් මා පෙර පරම්පරවේ ගීත නිර්මාණ ,  අහන්න බොහෝ සෙයින් ප්‍රය
කරනවා.

ඒ  අතරින් පල්ලේගම හේමරතන හාමුදුරුවන් ලියූ අතීතය සිහිනයක් පමණයි ගීතය  මගේ ජීවිතේ ට බද්ධ වුණු නිර්මාණ ක් කියල දැනෙන්නෙ. එහි කියවෙන ..
සොබා දහමට නොවන අවනත 

ලොවේ  කිසිවක් නෑ....

මේ වදන් මාව නිරන්තරයෙන් කම්පනයට පත් කලා. ඒ නිසාම  මේ සොබාදහමට පිටින් කිසිවක් නැති බව හැගෙන ගීයක් ලියන්න හීනයක් තිබුණ. මේ  ඒ හීනෙ හැබෑ වීමක්.

මේ හීනේ හැබෑ කරන්න ලැබෙන්නෙ නෑ ප්‍රවිණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේයන් සහ ආචාර්ය රෝහණ වීරසිංහ සර් නොසිටින්න.

මේ ගිය මේ වන විට හෙමි හෙමින් රසික හිත් මත ගලා යනවා.  ඒක ට හේතුව තමයි ප්‍රේමයේ අනුරාගී  ස්වරයෙන් හදවතට කතා මේ අපුරු හඩ.මෑතක දී මේ ගීයට නැවුම්  හැඩයක් එක් කලා. ඒ තරම් අපේ  තාරුණ්‍යයේ  දක්ෂ සංගීතය වේදී  සුගත් හෙට්ටිආරච්චිගේ නදින් හැඩවූ නව සංගීත සංයෝගයෙන්.

කොහොම වුණත් මේ ගීය අයිති දැන් මට නොවේ ඔබට යි."

සොබාදහමත්,ජීවිතයත්,ආදරයත් එකට එක්වූ තැන මැවෙන හෘදයාංගම මතක හැම හිතකටම  සදාකාලික මතකයක්...

විවරණය: සුජිත් ප්‍රසංග



අදහස් (0)

කොහේ හෝ ඇති ප්‍රේමයක්..

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site