IMG-LOGO

ඇස් දෙක පියාගත්තාම මට මනෝරාණිව මැවිලා පේනවා.

ඇය මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද හොඳම නිළිය  ලෙස අපේ රටට  කීර්තියක් අත්කර දුන් ප්‍රවීණ රංගවේදිනියකි.  එමෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවකි. කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ මේ ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය කලකට පසු ලාංකිය සිනමාවට ‘තේජා’ ලෙසින් එක්වන්නීය. ප්‍රධාන භූමිකාව රඟපාමින්,නිෂ්පාදනයට දායක වූ ඇයගේ ‘තේජා’ චිත්‍රපටය මාර්තු 7 වැනිදා සිට මෙරට සිනමාශාලා රැසකදී තිරගත කෙරේ.

 නිලන්ත හපන්වීර අධ්‍යක්ෂණය කළ ‘තේජා’ චිත්‍රපටය වසර 10කට වැඩි කාලයකට පසු යළි තිරගත  කරන්නේ තහනමෙන් මිදී වීම විශේෂත්වයකි. කලක් තහනමට ලක්වූ මේ චිත්‍රපටය පිළිබඳව කතා කරන්නට ඇයට අපි ඉඩ ප්‍රස්ථාව ලබාදුන්නේ විශේෂ කාරණාවක් නිසාවෙනි. ඒ ඇයගේ කලා දිවියට වසර 60 සපිරීම නිමිත්තෙන් මේ චිත්‍රපටය තිරගත කරන හෙයිනි. එදින ඇයට විශේෂ උපහාරයක් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ. ලාංකීය සිනමාවේ ජනාදරයට පාත්‍රවූ මේ රංගවේදිනිය නමින් නීටා ප්‍රානාන්දුය. මේ ඇය සමග ‘‘රසවින්දන’’ කළ කතාබහක සටහනකි.

 ‘‘මගේ කලා දිවියේ වසර 60 දෙස ආපසු හැරි බලද්දී සාර්ථකයි කියා හිතනවා. අවුරුදු 60න් මම 40ක් තමයි කලාවේ  නිරත වෙලා හිටියේ. අවු: 20ක්  කැනඩාවේ හිටියේ. හෙමින් පටන් ගත්තාට සිනමාවේ ඉක්මනට යම් දුරක් ආවා. කාලයක් නතර වුණා. සිනමාවේ දෙවැනි ගමන ඇරඹුණේ ‘පවුරු වළලු’’ චිත්‍රපටයෙන්. එතැන් සිට තවමත් මම මේ ගමන යනවා. සාර්ථකත්වයක් විතරයි මට පේන්නේ. ජාත්‍යන්තර සම්මාන රැසක් ලැබුණා. ප්‍රේක්ෂකයන්ට තවම අපි මතකයි. ඔවුන්ගේ ආදරය  තවමත් ලැබෙනවා. ඒ ගැන ලොකු සතුටක් තිබෙන්නේ.

 ‘‘තේජා’’ චිත්‍රපටය කාන්තාවන් පිළිබඳ කතාවක්. නිදහස් වෙළෙඳ කලාපයේ සමහර ඇඟලුම් කර්මාන්තශාලාවල කාන්තාවන්ට සිදුවූ තාඩන  පීඩනවලට එරෙහිව ඇතිකරන අරගලයක් පිළිබඳවයි මෙහි කතා කරන්නේ. අයිතිවාසිකම් ඉල්ලා හඬ නඟන ඒකට පොලිසියේ ඇවිත් කඳුළු ගෑස්  ගහනවා විතරක් නොවෙයි පහරත් දෙනවා. එහෙම දර්ශනයක්  තිබුණා එතනදි පොලිසියෙන් මීට වසර ගණනාවකට පෙර එකක් නිසා එහෙම කරන්න බැහැ කිව්වා. උද්ඝෝෂණ විරුද්ධව තමයි මේක තහනම් කළා කියලා පැවසුවේ. අධ්‍යක්ෂ නිලන්ත එතනදි නියම විදියට පැහැදිලි කළා. රැඟුම් පාලක මණ්ඩලයෙන් මෙය පෙන්වන්න එපා කියද්දී එයට හේතු සාධක පෙන්වා දුන්නා. ඒ හින්දයි තහනම් වුණේ. පස්සේ දර්ශනය ඉවත් කළා.

 මේ චිත්‍රපටය තහනම් වුණේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ඉල්ලූ විටදීයි. චිත්‍රපටය කරලා දැන් අවුරුදු 10කට වැඩියි. දැන් වගේ නෙවෙයි. ඒ කාලයේ මේවාට ප්‍රශ්න වැඩියි. ඇත්තටම මෙච්චර කාලයක් චිත්‍රපටයක් රඳවාගෙන යළි මුදාහරින විටදී නිෂ්පාදකයකුට විශාල අසාධාරණයක් සිදුවන්නේ. දැන් තිබෙන ක්‍රමවේදයට අනුව ඉතාම අමාරුයි චිත්‍රපටයක් තිරගත කිරීම. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නිර්මාණය කළ විටදීම එය තිරගත කරන්න පුළුවන්වීමෙන් තමයි නිෂ්පාදනයට සාධාරණය ඉටුවන්නේ. කාලයක් යෑම තුළ ඔහුට අසාධාරණයක් සිදුවෙනවා තමයි.

 මගේ පෞද්ගලික ජීවිතයේ  සිනමාව වෙනුවෙන් කළ දේ පිළිබඳව සතුටුවෙන්න පුළුවන්. මා ලබා තිබෙන සාර්ථකත්වය ගැන සතුටුයි. එහෙත් දැන් සිනමාවේ තිබෙන තත්ත්වය ගැන සතුටුවෙන්න බැහැ. විශේෂයෙන් ප්‍රදර්ශනය පිළිබඳව හොඳම අත්දැකීම මා ලබාගත්තේ මා රඟපෑ  නිෂ්පාදනය කළ ‘‘ස්වර’’ චිත්‍රපටයෙන්. චිත්‍රපටයේ දර්ශන වේලාවන් සිනමාශාලා හිතු හිතූ  විදිහට වෙනස් කළා. සමහර ඒවා කැන්සල් කළා. ඒ වගේ කිහිප තැනක අසාධාරණකම් වුණා. ඒකාධිකාරයක් අද ප්‍රදර්ශනය රටාවේ තිබෙන්නේ. බෙදාහරින්නන්ගේ තිබෙන මාෆියාවක් තමයි දක්නට ඇත්තේ. ඒක ගැන නිෂ්පාදිකාවක් හා රංගන ශිල්පිනියක් වශයෙන් විශාල කනගාටුවක් තිබෙනවා. එයට යම්කිසි වැඩපිළිවෙළක් හැදිය යුතුයි. අඩුම ගණනේ චිත්‍රපටයක් සුමාන දෙකක්වත් ප්‍රදර්ශනය කළ යුතුයි කියා නීතියක් චිත්‍රපට සංස්ථාවෙන් හරි බලයලත් කවුරුන්ගෙන් හරි සැකසිය යුතුයි.

ඒ අසාධාරණකම් දැක දැක තමයි ‘තේජා’ මුදාහරින්නෙත්. මොනවා කරන්නද? පෙන්වන්න වෙනවා අපට. ප්‍රේක්ෂකයො ආදරයෙන්  බලා ඉන්න බව අපට වැටහෙනවා. මෙය සත්‍ය කතාවක්. ‘තේජා’ සත්‍ය කතාවක් විදිහටමයි සිනමාවට ගෙනාවේ. නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවල කාන්තාවනට සිදුවෙන අසාධාරණකම් ඔවුන්ගේ අයිතිවාසිකම් නැතිවීම වගේම ගොඩක් කාරණා සත්‍ය ලෙසටම මෙහි කතා කරනවා. මේ අසාධාරණකම්වලට විරුද්ධව වැඩ කරන ගැහැනියක් තමයි තේජා කියන්නේ. මෙහි යටින් ආදර කතාවකුත් ගලාගෙන යනවා. මේ  කතාව  අදටත් වලංගුයි. දැන් ඉස්සරට වඩා ඒ කර්මාන්තශාලා තත්ත්වය හොඳ ඇති කියා මා හිතනවා.

 අපි හැමදාම සිනමාවේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒත් තවමත් ඒවාට කිසි පිළිතුරක් නෑ. මා කියන්නේ එයට පිළිතුරක් සංස්ථාවෙන් දිය යුතුයි කියලයි. සංස්ථාවක් තිබෙන්නේ ඒකටයි.  ඔවුන් මෙයට මැදිහත්වෙලා මේවාට උත්තර දෙන්න කියලයි මා තරයේ ඉල්ලා සිටින්නේ. නැත්නම් වැඩක් නෑ. නිෂ්පාදකවරු බොහෝ වෙලාවට මේ නිසා අසරණ වෙනවා. ඔවුන්ට යමක් සිදුවූ විට කතා කරන්න තැනක් නෑ. නිෂ්පාදකයා රැකගන්න ක්‍රමයක් මේ තුළ හුඟාක්ම අඩුයි. අපිට අපි දිහා බලාගන්න ඕනේ. සංසද සමිති, ඕනෑ තරම් තිබෙනවා. ඔවුන් එකතුවෙලා රජයට හරි දේ පවසලා විසඳුම් සෙවිය යුතුමයි.  මා හිතනවා ඉදිරියේදි ඒ දේවල් වෙයි කියලා බලමු නේද?

නිෂ්පාදනය පැත්තෙන් කලකිරීමක් තිබෙනවා. ඒත් සිනමාවට ආදරේ පැත්ත කවදාවත් නැතුව යන්නේ නෑ. ඒක වුණත් දැනට නම් මම චිත්‍රපට නිෂ්පාදනයට සහභාගිවෙලා නෑ. රඟපෑමෙන් දායකත්වය ලබාදෙනවා. ඒ රඟපෑමෙන් ලැබෙන මුදල මම නොගෙන එය නිෂ්පාදනය පැත්තට දායක කරගන්නවා. එහෙම තත්ත්වයක් තමයි මා කරන්නේ. සිනමාව ඉදිරියට ගෙනියන්න එයින් මා උදව්වක් කරන්නේ සිනමාවට තිබෙන ආදරය  නිසාමයි. මා ඒ දේ කරන්නේ. අලුත් සභාපතිතුමා මේ පිළිබඳව කටයුතු කරයි කියා බලාපොරොත්තුවක් තිබෙනවා. නිෂ්පාදකවරු රැකගන්න කියලයි මා ඉල්ලා සිටින්නේ.’’.

-සමන්ත යහම්පත්-



අදහස් (0)

ඇස් දෙක පියාගත්තාම මට මනෝරාණිව මැවිලා පේනවා.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2053 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 637 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 723 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site